සප්ත කන්‍යා කඳුවැටිය බැලීමට ගිය කැලණිය විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනෙකු වැසි නිසා පහළට පැමිණීමට නොහැකිව අතරමං වී ඇතැයි පොලිසිය කියයි. ඒ අතර විදේස් සිසුන් දෙදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.
අතරමංවූ සිසුන් සොයා මේ වන විට යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම සිසුන් පෙර දින සවස් වරුවේ සප්ත්‍ය කන්‍යා කඳුවැටිය තරනය කිරීමට ගොස් ඇති අතර ඇති වු තද වර්ෂාව හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසු වී ඇත. අතරමං වූ සිසුන් අතර ඇති එක් සිසුවකුගේ ඡංගම දුරකතනයෙන් ලැබුණු තොරතුරු ඔස්සේ ඔවුන් සොයා යුද හමුදාව කන්ද තරනය කරයි.
COMMENTS
මෙතන අදහස් දාලා තියෙන බොහෝ දෙනා විශ්ව විද්‍යාලයට නොගිය, ගිය අය ගැන හිතේ තියෙන ඊර්ෂ්‍යාවට හා කුහකකමට ඔවුන්ට බැණ වැදී ස්වයං වින්දනයක් ලබන්නවුන්ය. මෙවන් නූගතුන් රටට හෙණයකි. (නි)
මේ ළමයි මේ වගේ අනතුරුදායක ගමන් යන්න හොඳ නැහැ (නි)
ඔවුන්ට කරදරයක් නම් නොවේවා! (නි)
මේගොල්ලෝ කොහොමත් අතරමංවෙලා ඉන්නේ (නි)
කිසිම කරදරයක් නැතුව ඉක්මනටම නැවත ගෙවල් වලට එන්න ලැබෙන්න කියා පතනවා. මේ වගේ ගමන් යනකොට මින් ඉදිරියට ඒ පළාතේ පොලිස් ස්ථානය දැනුවත් කරලා ගියා නම්, එහෙමත් නැත්නම් ඒ පළාතේ මිනිසුන්ගෙන් අදහස් අවවාද අරන් යන එක හොඳයි කියා යෝජනා කරනවා. (නි)
ඔවුන්ව ඉක්මණින් සොයාගන්න ලැබේවා! (නි)
අයි පෑඩ්, ටැබ්ලට්, අයිෆෝන් වල එල්ලිලා තරුණ ජීවිතය කිසිම අත්දැකීමකින් තොරව ගතකරන වර්තමාන තරුණ පරපුරේ තවමත් මෙවැනි තරුණයින් සිටීම සතුටක්. ඔවුන්ට අනතුරක් නොවේවා කියා පතමි (නි)
බේරිලා අාවොත් ඔවුන්ට හොඳ කතාවක් තියේවි අපිට කියන්න. මටත් කවදාහරි ඔය කන්ද නගින්න ආසයි. (නි)
ඒ කියන්නේ හෙට අනිද්දා වෙද්දී තවත් උද්ඝෝෂණයක් තියෙයි. (නි)
කඳු නගින එක හොඳයි. නමුත් ඒවාට අත්‍යවශ්‍යයෙන් දැනගතයුතු දේ බොහොමයි. තමන් නොදන්නේ නම් පළපුරුදු කෙනෙකු ගමනට සම්බන්ධ කරගත යුතුය. (නි)
සප්ත කන්‍යාවියගේ පහස සෙවූ පස් දෙනාගේ අතරමංවීම! (නි)
හොඳ අත්දැකීමක්.. (නි)
මේ සිසුන් පස්දෙනා විතරක් නොවෙයි, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කොහොමත් අතරමංවෙලා ඉන්නේ. අන්තරේට ඕනෑ විදියට නට නටා රටේ අනාගත පරපුර හැසිරෙන විදිය දැක්කහම අපිට දුකයි. මොකද මෙයාල පාර අහන්නේ යා යුතු මඟ නොදන්නා දේශපාලන අතකොලු වලින්නේ (නි)
මේගොල්ලෝ කන්දක් නැග්ගත් වෙන කවුරුහරි ගිහින් බේරගන්න ඕනෑ අන්තිමට (නි)
එතනත් දැන් "අපිව බේරා ගනිව්" කියලා උද්ඝෝෂණය කරයිද දන්නෙ නැහැ (නි)
කට්ටියක් මෙහේ කඳු නඟිනවා. තව කට්ටියක් අරහේ ගහගන්නවා (නි)