මැයි මස 3, 4 සහ 5 යන දින වල කොළඹ ටොරින්ටන් කී‍්‍රඩාංගනයේදී සහ කොළඹ විශ්ව විද්‍යාල කී‍්‍රඩාංගනයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ පාපන්දු තරගාවලියේ ශූරතාව යාපනය විශ්ව විද්‍යාලයට විසින් දිනාගන්නා ලදි.
අවසන් තරගයේදී ගෝල 4 -1 ක් ලෙස මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කරමින් යාපනය විශ්ව විද්‍යාල කණ්ඩායම ශූරතාවට හිමිකම් කීවේය.
අවසන් තරගයේදී යාපනය විශ්ව විද්‍යාලය වෙනුවෙන් අයි. ජීවකුමාර් 7 වැනි මිනිත්තුවේදීත්, එස්. ජපකර් 25 වැනි මිනිත්තුවේදීත්, බී. පී. ඬේසිලන් 45 වැනි මිනිත්තුවේදීත් එස්. යංරූපන් 61 වැනි මිනිත්තුවේදීත් ගෝල ලබාගත්හ. මොරටුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය 53 වැනි මිනිත්තුවේදී ඩබ්. වී. ප‍්‍රනාන්දු විසින් ලබාගන්නා ලදි.
කොළඹ විශ්ව විද්‍යාලය 3 - 0 ක් ලෙස පරාජය කරමින් යාපනය විශ්ව විද්‍යාල අවසන් මහ තරගයට පැමිණි අතර මොරටුව විශ්ව විද්‍යාල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දඩුවම් පහර 7 - 6 ලෙස නැගෙනහිර විශ්ව විද්‍යාලය පරාජය කරමිනි.
තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේදී ගෝල 2 - 0 ක් ලෙස නැගෙනහිර විශ්ව විද්‍යාලය පරාජය කිරීමට කොළඹ විශ්ව විද්‍යාලය සමත්විය.
(*)
2025 දෙසැම්බර් මස 18
41
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්ව විද්‍යාල පාපන්දු ශූරතාව යාපනයට