IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විශ්ව විද්‍යාල අන්තර්ජාතික ක‍්‍රිකට් තරගාවලිය කොළඹදී ඇරැඹෙයි

ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල විශ්ව විද්‍යාල ක‍්‍රිකට් ශූරයන් සහභාගිවන ‘රෙඞ්බුල් කුසලාන’ අන්තර්ජාතික විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලිය අද (25) කොළඹදී ආරම්භවිය. රෙඞ්බුල් සමාගම අනුග‍්‍රහය දක්වන මෙම තරගාවලිය මේ මස 28 වැනිදා දක්වා කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම රටවල් තුනේ පැවැත්වුණ විශ්ව විද්‍යාල දේශීය ක‍්‍රිකට් තරගවලි ජයගත් කණ්ඩායම් තුනක් රෙඞ්බුල් ශූරතාව වෙනුවෙන් තරග වදිති. විශ්ව විද්‍යාල කණ්ඩායම් 14 ක් අතරින් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක‍්‍රිකට් ශූරතාව දිනාගත් කොළඹ විශ්ව විද්‍යාලයීය පිල එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගිවේ. ඉන්දියාවේ ශූරයන් වු මුම්බායි රිෂ්වි විද්‍යාලයද, පාකිස්තානයේ ශූරතාව දිනාගත් කරච්චි නුවර ශ්‍රී සෙයිඞ් විශ්ව විද්‍යාල පිලද ශූරතාව සඳහා තරග වදිති. කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී පැවැති තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී තරගාවලියේ ප‍්‍රවර්ධන නිලධාරී ශ්‍රී ලංකා යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් පැවසුවේ මෙවැනි තරගාවලි පැවැත්වීමෙන් අනාගතයේදී විශ්ව විද්‍යාල මගින් ද දක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බවයි. අයි. පී. එල්. විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් පිල නියෝජනය කරන චන්දිමාල් මෙම තරගාවලිය සඳහා දැන් දිවයිනට පැමිණ සිටියි. හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයන් වන සනත් ජයසුරිය සහ රොමේෂ් කළුවිතාරණ ද මෙම අවස්ථාවට සහභාගිවුහ. බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා තරගාවලියේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරයි. තරගාවලියේ ප‍්‍රසාද ලකුණු පුවරුවේ පළමු සහ දෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. දිනේෂ් චන්දිමාල්, සනත් ජයසුරිය සහ රොමේෂ් කළුවිතාරණ කණ්ඩායම් නායකයන් වන අලි මිහාර් (පාකිස්තානය), ස්වප්නි සෙල්වි (ඉන්දියාව) සහ මහේෂ් කොඩමුල්ලගේ (ශ්‍රී ලංකාව) ශූරයන්ට පිරිනැමෙන රෙඞ්බුල් කුසලාන සමග...



අදහස් (0)

විශ්ව විද්‍යාල අන්තර්ජාතික ක‍්‍රිකට් තරගාවලිය කොළඹදී ඇරැඹෙයි

ලලිත් Thursday, 26 April 2012 09:40 AM

අපේ රටෙන් බිහිවූ සනත් වැනි ක්‍රීඩකයෙක් දැකීමත් සතුටක්

:       0       0

සුමිත් Thursday, 26 April 2012 03:25 PM

කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම්.....

:       0       0

රිම්නාස් Thursday, 26 April 2012 12:25 AM

සනත් අයියා දකින්න ලැබෙන එක සතුටක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site