IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විශ්ව බුද්ධිය යළි රිමාන්ඩ්: සාසනයෙනුත් නෙරපයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විශ්ව බුද්ධ නැමැති පුද්ගලයා ලබන 26 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත්  සුනිල් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.

ඒ මින් පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියදී ඇප කොන්දේසි කඩකරමින් යළිත් වරක් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස කිරීම හේතුවෙන් අධිකරණ නියෝග මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේය.

විශ්ව බුද්ධ නමින් තමාව හඳුන්වාගනිමින් සමාජ මාධ්‍යජාලා ඔස්සේ බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ චීවරධාරියකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කථාබහක් නිර්මාණය වුණා.

ඔහු ඇතැම් අවස්ථාවලදී ගිහියෙකු ලෙස ද සැරසී සාමාජ මාධ්‍යට විවිධ වීඩියෝ නිකුත්කර තිබුණා.

අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු පසුව ඇප මත මුදා හැරුණා.

ඇප මත මුදාහැර සිටි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්  ඊයේ පස්වරුවේ යළි අත්අඩංගුවට ගත්තේ කළගෙඩිහේන තිහාරිය ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීයි.

ඒ ඇප මත මුදා හැර සිටියදී ඇප කොන්දේසි කඩවන අයුරින් තවදුරටත් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන්.

එම සිදුවීමත් සමඟ රත්නපුර විමල බුද්ධි හිමි හෙවත් සැකකරු ශිෂ්‍යභාවයෙන් හා නිකායෙන් නෙරපීමට රාමාඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව ඉකුත් වසරේ දෙසැම්බර් මස 15 වෙනිදා ඒකමතිකව තීරණය කර තිබුණා.

ඒ ඔහු පැවිදි කරවූ උරුවල විනීත හිමියන් සිදුකළ ඉල්ලීමක්ද සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව, අග්ගමහා පණ්ඩිතය මකුලෑවේ විමල රාමාඤ්ඤ මහා නිකායේ මහනායක  මහනාහිමියන් ඒ බව බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

 

 



අදහස් (14)

විශ්ව බුද්ධිය යළි රිමාන්ඩ්: සාසනයෙනුත් නෙරපයි

Ranasingha Sunday, 21 January 2024 07:33 PM

කෙනෙක් මහණ කරනකොට එම පුද්ගලයා මානසික දුර්වලතා සහිත අයෙක්ද? නැද්ද? කියලා විමසීමක් ඔය නිකායේ ඇත්තෝ කරන්නේ නැද්ද අපේ හාමුදුරුවනේ? සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ චිත්ත කාරක සඳු දුර්වල වුනාම, නැත්නම් උපතේදී කේතුගේ නැකතක සඳු හිටියෝත් ඔහොම පිස්සො හැදෙන්න පුළුවන් කියලා අහන්න ලැබුණා... කොහොම වුණත් මල්ලි කිව්වාට ඊටත් වඩා දෙයියන්ගේ මල්ලි මේ කාලයේ ප්‍රබලව ඉන්න නිසා ඒකත් මේකට හේතුවක් වෙන්න පුළුවන්ද බැලුවොත් හොඳයි... කොහොම හරි දෙයියන්ගේ මල්ලි සම්බන්ධ නම් ඒක වෙන්නේ කොහොමද බලන්න කෙනෙකුට තනිවම බියක්, සැකයක් නැතුව මෙහෙම කරන්න අමාරුයි...!

:       1       1

saki Sunday, 21 January 2024 08:12 PM

ඇයි යකෝ මුට හිර ගෙදර ඇඳුම අන්දවන්නේ නැත්තේ

:       0       3

Vajira Sunday, 21 January 2024 09:03 PM

මුගලන් මහ රහතන් වහන්සේ එක් අවස්ථාවක දුස්සීල භික්ෂුවක් බෙල්ලෙන් අල්ලලා විනය කර්ම කරන් ස්ථානයෙන් එළියට දැම්මා. මහා නායක හිමිවරුන් මේ ශාසන සංශෝධනයට කාලයයි

:       0       5

පිටිගල මිලානෝ Sunday, 21 January 2024 10:59 PM

දෙවන වර සහ තුන්වන වර සමාව මෙයාට නැද්ද?

:       3       0

Perera Monday, 22 January 2024 10:00 AM

සිවුරු පොරවාගෙන අර ප්‍රසිද්ධියේ රා බොන ව්‍යාපාරික කහකඩ හොර ගණයට ඔය නීතිය අදාළ නැද්ද ?

:       0       3

Bamunuarachchi Monday, 22 January 2024 10:59 AM

ශාසනයෙන් නොවෙයි, බෞද්ධ සාසනය රැක ගන්න නම් මොවුන් ජීවිතයෙනුත් එළවා දැමිය යූතුයි.

:       0       4

sam Monday, 22 January 2024 11:26 AM

අසහනයෙන් ඉන්න හිරකාරයෝ ළඟට දැම්මා නම් හොඳටම ධර්මය කියාදීලා ... දුන්නා නම් හොඳයි... අන්න ඒක කළා නම් පාහරගති නැතිව යයි.

:       0       2

Sumith Monday, 22 January 2024 11:50 AM

ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු යමු

:       0       1

saman Monday, 22 January 2024 11:56 AM

ලංකාවෙ මෙහෙම බෞද්ධ සාසනය එකක් තියනවද එකෙන් මොකද්ද මිනිස්සුන්ට වෙන සෙත. සත පහක වැඩක් නැති දේශපාලුවන්ට කඩෙ යන්න විතරයි. ඔය බෞද්ධ සාසනය තියෙන්නෙ.

:       0       0

Rata Perata Monday, 22 January 2024 01:03 PM

ඔය තීරණ ඥාණසාර ,සමන්ත බද්‍ර වගේ අයටත් ගත්තානම් මේවා මේ තරම් වැඩි වෙන්නේ නෑ

:       0       1

Belson Monday, 22 January 2024 01:18 PM

"බුදුදහමට" ට අපහාස කරන බවක් මා දැක නැත. ඔහු විවේචනය කළේ, සාමාන්‍ය පුද්ගලයාට වඩා නරකම හාමුදුරුවරුන් . සමහර වක්‍රාකාර හාමුදුරුවරු තරහින් වගේ. ඒත්, ඒක තිත්ත ඇත්ත.

:       2       1

fairoos Monday, 22 January 2024 01:20 PM

මානසික ලෙඩෙක් වගේ

:       0       2

Bamunuarachchi Monday, 22 January 2024 11:10 PM

මොහොම්මඩ් තරම් මානසික ලෙඩෙක් තාම ලෝකෙට බිහි උනේ නැහැ.

:       0       0

මරදානේ කරා Monday, 22 January 2024 03:20 PM

මෙයාට පෝළිමක් දාන්න ආසයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site