2006 පෙර විශ්‍රාම ලැබු විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කර නව වැටුප් වැඩි විම අද (10) සිට ලබා දිමට කටයුතු කර ඇත.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසන පරිදි රුපියල් 2500/- සිට 10,000/- ත් අතර ප්‍රමාණයේ මුදලක් විශ්‍රාමිකයාට වැඩි වී තිබේ.
2006 පෙර විශ්‍රාම ලැබු විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කර නව වැටුප් වැඩි විම අද (10) සිට ලබා දිමට කටයුතු කර ඇත.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසන පරිදි රුපියල් 2500/- සිට 10,000/- ත් අතර ප්‍රමාණයේ මුදලක් විශ්‍රාමිකයාට වැඩි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් ත්‍රිවිද හමුදාවේ අයට ඒකත් නෑ. ඡන්දය දැමීමේදී දෙපාරක් හිතන්න වෙනවා. කවුරුත් ඒක ගැන කතා කරන්නෙත් නෑ. (බ)
තනිකර බොරුවක් මවා පාන්නේ. මම විශ්‍රාම ගියේ 1992 සතයක් වැඩිවෙලා නැහැ මේපාර වැටුපට. ඉල්ලපු දෙපාර්තමේන්තු පුරවල දුන්න ජුලි 25 වැනිදට පෙර. ඡන්දෙ ඉල්ලන්නේ මේ වගේ පට්ටපල් බොරුවෙන් ගත්තට පස්සේ අපිට කොකා පෙන්නන්න. දෙන්නේ මහින්දටමයි. (බ)
මේක මහින්ද හදපු බබාට යහපාලකයෝ උප්පැන්න දීල...මහින්ද 2015 අයවැය යෝජනා මගින් සල්ලි වෙන් කරලා දෙසැම්බර් ඉඳන් 2500/= ක දීල කීවේ 2015 ජුනි වෙන කොට 2006 ට ගණනය කරලා පෙන්ෂන් එක හදනවා කියලයි. ඒ වගේම එදා කීව සමහරුන්ට 12000/=[ ක් විතර වැඩි වෙයි කියල . ඉතින් එ්ක දෙන මේ යහ පාලකයෝ කළා කියලා තමයි කියන්නේ (බ)
ඇසළ මහත්තයෝ, ඔබ තුමා විශ්‍රාම ගියේ 1992 නම් දැනට වසර 23 කට කලින්, ඒ කියන්නේ ඔබ විශ්‍රාම ගනිද්දී අවුරුදු 60ක් නම් දැන් වයස 83 ක නාකි පප්පෙකි, බොරු වුනත් කියද්දී අහු නොවී කියන්න මොලේ පාවිච්චි කරන්නේ, අවුරුදු 83 ක මිනිහෙක්ට කොම්පියුටරයක් ඉස්සරහ කොමෙන්ට්ස් දාන්න තියා නැගිටිලවත් ඉන්න බැහැ, ඒක නිසා කාටවත් කඩේ ගියාට කමක් නැහැ නෝන්ඩි වෙන්න එපා (බ)
මෙතන බොරු කියන කට්ටිය ඉන්නවා වගේ. 1992 විශ්‍රාම ගිය වයස කීයද සීයාට? හොඳට කම්පියුටර් පුළුවන් වගේ. මගේ අම්මටයි තාත්තටයි හරියට වැඩි වෙලා තියෙනවා. ජූලි මුල කොළ පුරවලා දුන්නනම් හරි. ගෙදරට වෙලා හිටියට පෙන්ෂන් වැඩි වෙන්නේ නෑ. (බ)
මාසයක හිඟ විශ්‍රාමත් එක්ක වැඩිවීම දෙමාපියන්ට ලැබුණා. සමහරු හරියට අයදුම්පත් පුරවලා නැතුව ඇති. ඇසළ බොරුකාරයෙක් වගේ මට පෙනෙන්නේ. මගේ තාත්තා 1994 විශ්‍රාම ගියා. 12,000 වැඩි වුණා. තාත්තාගේ වයස 81. ඇසළගේ වයස දැනගන්න කැමතියි. (නි)
එහෙත් රජය ලංකා බැංකු විශ්‍රාමිකයන් අමතක කරලා වගෙයි. රාජ්‍ය විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප වැඩිවී ඇත.ලංකා බැංකු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනය 2009 සිට නොසළකා හැර ඇත.අන් අයගේ විශ්‍රාම වැටුප මෙන්ම ලංකාවේ අංක 1 මුල්‍ය ආයතනයක විශ්‍රාමිකයන් වන අපටද සොච්චමක් හෝ විශ්‍රාම වැටුප වැඩිවෙනු ඇත යනු අපගේ බලපොරොත්තුවයි (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා ඉස්සරහට (නි)
මගේ අම්මා මියයනකොට වයස අවුරුදු 88යි. මැරෙන දවසෙත් පොත් වල ආදායම හා වියදම ලියා තිබුනා මම ලංකාවට යනකොට සාත්තුවට හිටි ළමයට පොත දුන්නා. (නි)
මේක දේශපාලන අල්ලසක් නොවන්නේද කියා මඳක් පැහැදිලි කරන්න (නි)
නියමයි විරාජ් (නි)
සාර්ථකව ක්‍රියාත්මක නම් සතුටුයි (නි)
මේකත් තනිකරම පුස්සක් වෙන්න නම් ඉඩතියන්න එපා (නි)
විරාජ්, දැන් ඉන්න පන නැති තරුණයෝ වගේ නෙමෙයි අපි, හොඳට කාලා බිලා හැදුන පිරිමි. අවුරුදු 50 න් විශ්‍රම ගිහින් 73 වෙනකොට කෙළින් හිටගන්න බැහැ කියලද හිතාගෙන ඉන්නේ. දැන් ඉන්න අය 60 වෙනතුරු රජයේ සේවයේ පොල්ගාන්නේ විශ්‍රාමය දීර්ඝ කරගෙන. 60 නෙමෙයි 80 පැන්නත් නාකි වඳුරෝ බිම යන්නේ නැති බව දැනගන්න. (නි)
අපිව තවත් නම් රවටන්න බැහැ (නි)
ඡන්දය බලාගෙන හරි කමක් නැහැ,මේක කළ එක කොච්චර වටිනවද? (නි)
යහපාලනයට ස්තුති කරන්න ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කරන්න අමතක කරන්න එපා (නි)
බොහොම හොඳ වැඩක් (නි)
ඇසළ, බොරු කියන්න එපා. 1994දි විශ්‍රාමගිය මගේ පියාට 7500කින් වැඩිවුණා (නි)
විරාජ්, මමත් වයසට ගිය කෙනෙක්. නමුත් තවම වයස නැහැ. එනිසා නුඹලාගේ තිබෙන අඩුපාඩු ලොවටම හඬගා කීමෙන් වැළකුනොත් යෙහෙකි. (නි)
රජය විසුරුවන්නත් කලින් දින 100 යටතේ තමයි මෙම යෝජනාව අනුමත කළේ. එදාම කිව්වා 2015 ජුලි වැටුපට මෙය ගෙවනවා කියා. ජුලි වලට සකස්කරන්න බැරිවුණ නිසා අගෝස්තු වලට ගෙවන බව රජය දැනුම් දී තිබුනා. එහෙනම් මේක මැතිවරණ අල්ලසක් වෙන්නේ කොහොමද? මැතිවරණ අල්ලස් දුන්නේ ජනාධිපතිවරණය අවස්ථාවේදී. ඡන්දෙ දවසෙත් තෑගි බෙදුවා. අනේ ඒත් හොඳ වෙලාවට පරාද වුණා. (නි)
ඇසළ කියන විදියට මටත් විශ්‍රාම වැටුප වැටුප වැඩිවෙලාද කියලා අද ගිහින් බලලා උත්තරයක් දෙන්නම්. වැටුප් වැඩිවෙලා නැත්නම් මගේ ඡන්දෙත්? (නි)
ඇසළ මහත්තයා විශ්‍රාම යන්න ඇත්තේ චක්‍රලේකන 4490 යටතේ වෙන්න ඇති. මම ගියෙත් ඒකෙන්. වයස 72 යි. තාම වැටුප බැලුවෙ නැහැ. (නි)
ඇසළ මහත්තයෝ,නාකි වඳුරෝ බිම යන්නේ නැහැ කීවේ ආදී කාලේ.අපි පදිංචි මහනුවර ගමේ,නාකි වඳුරෝ බිමින් ඇවිල්ලා කුස්සියටත් එබිකම් කර පොල් බැයත් හොරකම් කර රෙදි වැලේ රෙදිත් ඇදගෙන පයින්ම යනවා අපි ඕනේ තරම් දැකලා තියනවා. (ම)
වෙලාවට ඡන්දෙ තිබුණේ (අ)
මෙහෙම දීපු එකත් හොඳයි. 2014 අයවැයෙන් යෝජනා කර තිබුනේ විෂමතාව 2015 වැටුප් අනුව ගළපන්නට. 2006 ට අඩු කරන්නේ නැතුව එහෙම කළා නම් තමයි වඩාත් නිවැරදි. (නි)
මම 2004 ට පෙර විශ්‍රාම ගියේ. එ්ත් මේපාර පඩියට එක එකතුවෙලා නැහැ (බ)
බොරුවට මවා පෑවට ඡන්දෙට රාජ්‍ය බලය යොදනවා කියන ගොඩට තමා මේවා අයත්.කෝ මේ මැකෝ නිදිද? (බ)
හොඳ වැඩක්.. මගේ මාමාට 10,000 වලින් වැඩිවෙලා තිබුණා....(ම)
සමහරුන්ට වැඩිවෙලා තියෙන්නේ රුපියල් 400. සමහර ප්‍රා. ලේකම් කාර්යාල බාගයකට විතරයි හදලා තියෙන්නේ. ඔය කියන විදියට කාර්යාල කළමනාකාර මහත්තුරුත් වැඩ නෑ. විමසුවාම ගෙම්බර් දානවා (බ)
හොඳ වැඩක් කවුරු කළත්. ඒත් බැංකුවට ගිහින් ලොකු ගානක් කියලා ගත්තට බලන්න කොහොමද දීලා තියෙන්නේ කියලා (නි)
අපි ආයෙත් අමාරුවේ වැටෙයිද? (නි)