(ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසු මූලික පියවර ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණයක් අද(28) නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත්වෙයි.
දහවල් 01.00 වන විට මේ සදහා දුම්රිය ස්ථානාධිපතිවරු 22ක් දුම්රිය නියාමකවරු 03ක් හා අධීක්ෂක කළමණාකරු සඳහා එක් අයෙක් සහභාගී වී සිටියහ. අද දවස පුරා මෙම බඳවා ගැනීම් සිදු කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විශ්රාමිකයොත් විශ්‍රාම යන්න ඉස්සෙල්ලා හැම එකටම ස්ට්‍රයික් කර කර හිටපු සේවක පිරිසක් බව කාටත් අමතකයි වගේ...
දුම්රිය රියදුරෙක් සියලුම දීමනා සමග ලක්ෂ දෙකකට වැඩිය වැටුපක් ලබනවා. දුම්රිය සේවකයින්ගේ පඩි වැඩි කරන්න ගියොත්, දුම්රිය ගමන් ගාස්තු වැඩි කරන්න හෝ දුම්රිය පුද්ගලික අංශයට පවරන්න සිදුවෙනවා. රට ආර්ථිකව වැටිලා තියන මේ අවස්ථාවේ දුම්රිය ගාස්තු වැඩි කළොත් සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටෙනවා. සේවයට වර්තා නොකරන ස්ථානාධිපතිවරු සහ දුම්රිය රියදුරන්ට විරුද්ධව නීතිමගින් කටයුතු කළ යුතුයි. එහෙම නොකළොත් ජනතාව නීතිය අතට අරන් දුම්රිය සේවකයින්ට පහරදී දුම්රිය දේපල විනාශ කළොත් සිදුවන්නේ මහා විනාශයකි. මගීන්ගේ ඉවසීමේත් සීමාවක් තිබෙනවා.
පාසල් ගුරුවරුන් හරියට උගන්වනවා නම් මෙතරම් පුද්ගලික පංති ඇතිවේද? පාසල් ඇතුලු සියලුම රජයේ සේවා දූෂිතයි. එ් නිසා ඒ රාජ්‍ය සේවා සඳහා හමුදාව පුහුණුකර තබාගත යුතුයි. එක්කෝ සියල්ල පුද්ගලිකරණය කර ඒ ඒ සේවාවන් සඳහා ගෙවීම් රජය විසින් කළයුතු අතර ඒ පුද්ගලික අංශ සමාජ සේවා කරන ආකාරයෙහි වැරදි ඇතොත් මොවුන්ට විරුද්ධව නඩුකීමට නොමිලේ සේවයක් ඇතිකළ යුතුය...
වර්ජකයින්ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි.
මේ මිනිස්සු විශ්‍රාම ගිහින් ජීවත් වෙන්න අමාරු හින්දා යලි එනවා. මරු වාසිය. ප්‍රශ්න නොඑන කොන්ත්‍රාත්තුවක් අත්සන් කරගන්න.... නැත්නම් ටික දවසකින් උඩපනීවි. රටේ ජනයාගේ ජීවන තත්වය පේනවනේ... පාලකයින්ට නම් රට හරි දියුණු විදිහට කතා කරන්නේ..