යුද හමුදාවේ අණ දෙන නිලධරයෙක් අමාරුවේ වැටෙන්නට යතියි කියති.
හමුදා ලොක්කකුගේ හෝටලයක වැඩට යැවූ සෙබළුන් තිදෙනකු ආපසු නොපැමිණීම ඊට හේතුවයි. හමුදාපති ලුතිනන් ජනරාල් ක්රිෂාන්ත ද සිල්වාට ලැබුණු දුරකථන පණිවිඩයකින් වැඩේ අසුවී ඇත. ඇමතුම ලැබුණේ බස්නාහිර පළාතේ ගෙස්ට් හවුසියකිනි. ඒ එහි වැඩකරන සෙබළකුගෙනි. ඒ ගෙස්ට් හවුසියේ හිමිකරු ඔහු ඇතුළු තිදෙනකුගෙන් වැඩ ගන්නවාලු. තමන්ගේ තත්ත්වයට නොගැලපෙන වැඩක් කරන්නට සිදුවී ඇතැයි කියනවාලු.
මේ සිව්දෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි හමුදාපති හමුදා පොලිසියට නියෝග කළාලු.
COMMENTS
කොහොමටත් ලංකාවේ තියෙන්නේ කැකිල්ලේ තීන්දුමනේ. ඕක පුදුමයක් නොවෙයි (නි)
සියලු තොරතුරු ඔවුන්ගෙන් ලබාගෙන වැරදි කල අයව අත්අඩංගුවට ගත යුතුයි. (ර)
මට තියෙන ගැටලුව මෙච්චර යහපාලනය තියෙද්දීත් මේ හොරවැඩ බය නැතුව කරන එකනේ. (බ)
කැකිල්ලේ තීන්දුවක් ලැබී ඇත! වින්දිතයට දඬුවම. ලොක්කට ප්රමෝෂන්! (ම)
දිනේෂ්, දුරකථන ඇමතුමක් ලැබුන පළියට කව්රුත් වැරදිකාරයෙක් කරන්න බැහැනේ. පරීක්ෂණයක් පවත්වන්න තමයි සැකපිට සෙබළුන්ව අත්අඩංගුවට ගන්න නියෝග කරලා තියෙන්නේ. (නි)
මේක රජ කාලේ සිදූවුනු සිදුවීමක් යහපාලන රජය ආපු නිසයි ඈමතුම දීලා තියෙන්නේ මෙහෙම දෙයක් වෙන බව ඕකයි ඈත්ත සිද්ධිය (බ)
අරුගම්බේ පැත්තේ ගිහිල්ලා බලන්න. තවත් මේ වගේ තැන් සොයාගන්න පුළුවන්. (නි)
සරණපාල කියනවා මෙච්චර යහපාලනය තියෙද්දිත් කියලා. කොහෙ තියෙන යහපාලනයක් ගැනද දන්නෙ නැහැ කියන්නෙ. වැරදිලා සිංගප්පූරුව ගැන වෙන්න ඇති කියන්නේ. (නි)
ත්රීවිධ හමුදාවේම ඔය දේ වෙනවා. ඒවා කාටවත් පෙනෙන්නේ නැහැ මහත්තයෝ (නි)
මේ අය අත්අඩංගුවට ගන්න නියෝග කරන්නේ ඇයි ඔවුන්ව ඒ වැඩේට ඇරිය තැනැත්තාට මොකුත් නොකර. (නි)
මෙයාලා මේ වගේ හොරවැඩ කරන්නේ එයාලාට කොයි පැත්තෙන් හරි ගැලවීමට මාර්ග තිබෙන නිසයි (බ)