තම විශ්‍රාම වැටුප් විශමතා ඉවත්කරන ලෙස ඉල්ලමින් විශ්‍රාමිකයෝ අද ගාල්ල නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. තම වැටුප් විෂමතා ඉවත්කරන බවට මහින්ද චින්තනයෙන් දුන් පොරොන්දු මෙතෙක් ඉටුකැර නොමැති බවත් ඉදිරි මැතිවරණයට පෙර ඒ පොරොන්දු ඉටු නොකරන්නේනම් ලක්ෂ 25ක් වූ විශ්‍රාමිකයන්ගේ ඡන්දය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බවත් ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම කවුරුමහරි මෙහෙම පාරට එනවා. ඒත් මොනවද ලැබිලා තියෙන්නේ? (නි)
මෙයාලටත් විශ්ව විද්‍යාල සිසුන්ට වගේම නිකන් ඉන්න බැරි හැටි. දෙන්න තියෙන්නේ හොඳ වතුර පාරක් (නදී)
තිලිනි කියන ලෙසට රු.50000ක අවම වැටුපක් දුප්පත්කමින් ඉන්න අයට දීමෙන් ලොකු පිනක් ලැබේවි. (නි)
2005 සහ 2009 රැවටුනා වගේ අනේ තව පාරක් රැවටෙන්න (නදී)
මෙතැන ඉන්නේ අයගෙන් 99% ම කැලේ කා දාපු ආණ්ඩුවේ සේවකයෝ. (නදී)
මේ දක්වා ඉටු නොකරපු දේවල් හිතනවද දැන් ඉටුවෙයි කියා (නදී)
බලන්නකෝ ඔය ඉස්සරහ තියෙන පාරේ ලස්සන. අනික අපි දැන් ඉන්නේත් සාමකාමී රටක (නි)
විශ්‍රාමික වැටුප් විෂමතා ඉවත්කොට විශ්‍රාම වැටුප වැඩි කොට බෙහෙත් මිල අඩු කර දෙන්ඩ. මමත් 60 පැනපු කෙනෙක්. ඒත් මට විශ්‍රාම වැටුපක් නැහැ තවම පුද්ගලික අංශයේ වැඩ. බෙහෙත් වලට දුන්නහම ජීවත් වෙන්ඩ බෑ. අපිට හැමදාම රැවටෙන්නත් බෑ. ප්‍රශ්ණය ඡන්දෙට පෙර විසඳුවොත් උදෙන්ම ගිහින් ගරු ජනාදිපතිතුමාට කතිරේ ගහනවා. නැත්නම් ගෙදර ඉන්නවා. (නදී)
ජනාධිපතිවරණයක් අාවොත් විශ්‍රාමික ඇත්තෝ ගොඩ තමා. එතකන් ඉල්ලීම් දිනා ගන්න අරගල කරන්න වේවි. කාර් රේස් තියන්න කෝටි ගණන් වියදම් කරලා වැලි කොට්ට අදින රටේ අත්‍යවශ්‍ය දේවල් වලට තමා සල්ලි නැත්තේ. එහෙව් රටක් මේක. එහෙන් කැම්පස් වල සිසු අරගල හොස්ටල් ඉල්ලලා ඒවාට විසදුම් දෙන්නේ නැතිව සිසු මර්දනය. මේ ලොක්කෝ ඔක්කොම මහජන මුදල් ගිලිමින් මිනිස්සුන්ට මෝඩ චූන් දෙනවා (නදී)
"දත් මැදලා දමන, දැහැටි දඬු මෙන් දින දින, මෙහෙ ගෙන දනන්ගෙන, ඉවත නොදමති නොදන්නන් මෙන". (ඉස්සර නම් කිවුවේ එහෙමයි) (නි)
විශ්‍රාමිකයන්ට ප්‍රබල හඬක් නැහැ. දුබලයන්ට වෙන්නේ මර්දනයට මුහුණදෙන්න.ඔය කිව්වට එදා ඉඳලා ඡන්දය දුන්නනේ (නි)
සත්‍යාපාල කට වහගෙන හිටියොත් හොඳයි වගේ (නි)
ජිවිත කාලයම රැකියවටයි මහපාරටයි කාලය වැයකර යුතුකම් ඉටුකළ මේ වියපත් මින්සුන්ට යහපත් මනසකින් ජීවිතයේ සැඳෑ සමය ගතකරන්න කටයුතු කිරීම රජයේ වගකීමක්.යුතුකමක්. ධම්මලා ,කුමාරලා කුහකකම දැන්වත් අත්හැරලා සත්‍ය දැකගනිත්වා! (නි)
අනේ පවු! (නි)
කවුරු කොහොම කිවුවත් දිනන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
කුමාරගේ අදහස මම එකහෙලාම අනුමත කරනවා. (නි)
මේ මිනිසුන් අසරණයි (නි)
දයාට තේරෙන්නේ නැහැනේ වැඩේ. මම කිව්වේ බන්දුල පෙරේරලාට හිතෙන දේවල් (නදී)
මේ ගැන වගේම අර්ථ සාධකය සියයට තිහ නිදහස් කරන්නත් ඕනෑ. මේවා ඉටුවේවි කියලා හිතන්න බැහැ. මේ විශ්‍රාමික අසරණයො තව කොච්චරකල් බලාගෙන ඉන්නද? පිටරට ගායකයො, රගර් ක්‍රීඩකයන්ට වියදම් කරනවට වඩා මේ මිනිසුන්ගෙ විෂමතාව නැතිකරලා හිමි වියයුතු හිඟ මුදල් ලබාදීම නේද යුතුකම? (නි)
බලන්න කෝ ගාල්ලේ ලස්සන. කොච්චර හොඳට හදල තියේද කියල. මට මතකයි පාසල් යන කලේ ගාල්ලේ තත්ත්වේ. ඒ උනාට මෙගොල්ලන්ටත් සහනයක් දෙන්න ඕන. (ස)
ප්‍රනාන්දු මහත්තයෝ කතිරේ නොගැහුවත් ගැහුවා වගේ තමා (නදී)
පවු අහිංසක මිනිස්සු! (නි)
රජයට වැටුප් විෂමතාවය ඉවත්කරලීමට දුන් කාලය දැන් හොඳටම ඇති. තව ටිකක් බලන්න. හරි ගියේ නැත්නම් තීරණයක් ගන්න (නි)
ලියනගේ මොකද ඔයා අපිට වැඩිය ගාල්ල ගැන දන්නවද ? එකක් කියන්නම් ගාල්ල අාසනේ කවදාවත් ආණ්ඩුව දිනන්නේ නෑ. (නදී)
විශ්‍රාමිකයෙක්ගේ අවම වැටුප 50000ක්වත් කරන්න ඕනෑ (නි)
දැන් තමයි නියම වෙලාව. හුරේ! (නි)
අනේ මේ කාලේ ඕවාට පැටළෙන්නේ නැතුව ඉන්නකෝ! (නි)