තමනට තිබූ සුබ සාධන කපා හැර ඇතැයිද ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය අවසන් කිරීමට කැපවූ රණවිරුවන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප කපා හැර ඇතැයි ද කියමින් විශ්‍රාමික හමුදා සෙබළු පිරිසක් අද (25) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතාවයක් ඇරඹූහ.
උද්ඝෝෂකයෝ කොළඹ ලෝටස් පාර අසල රැස්වී සිටින බවත් මේ හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බවත් පොලිසිය කියයි.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බවත් මෙතෙක් කරගෙන ආ රණවිරු සුබසාධන කටයුතුද නතර වී ඇති බවත් ඔවුහු කියති.
(ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද)
(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක)
ඡායාරූප - ඉෂංක සුනිමල්














COMMENTS
එ්ක නම් හොඳ වැඩක් නොවෙයි. මෙයට ක්‍රියාන්විතයේ ඉන්න අයත් සහයෝගය දැක්විය යුතු නොවේද? (නි)
අලුත් ලෝකයක රට වෙනුවෙන් කළ පරිත්‍යාග වලට තැනක් නැත. (නි)
රට බේරාගත්ත රණවිරුවන්ට මේ විදියට කරනවා නම්, අපි වගේ සාමාන්‍ය ජනතාවට කොහොම කරයිද? ඔන්න යහපාලනය....! (නි)
ඒ වුනාට දැන් කොටි ආබාධිතයන්ට ආධාර දෙන්න ඉඩහරින්න යනවා. (බ)
ලංකාවට අවශ්‍ය හමුදා පාලනයක් මේ සාපකාරී දේශපාලුවන් පැත්තකට කර සාධාරණව රට පාලනය කරන්න. (බ)
රණ විරුවන්ට කෙනෙහිලි කම්. මරාගෙන මැරෙන බෝම්බ කාරයන්ට නිදහස...(බ)
ජනහිත ඔබ නොදන්නවා වෙන්න පුලුවන් ත්‍රිවිධ හමුදාවේ කිසිම අයකුට තමන් සක්‍රීය සේවයේ යෙදී සිටින විට කිසිම විරෝධතාවයක් කරන්න බෑ මොන දේ වුනත් ඉවසා සිටින්න ඕන උද්ඝෝෂණ පෙලපාලි උපවාස පිකටින් වැඩවර්ජන. ඒ කිසිම අයිතිවාසිකමක් නැතුව තමා රට වෙනුවෙන් මෙච්චර සේවයක් කරන්නේ (ම)
අහස පොළොව නුහුලන අපරාධ මේවා. මේ මිනිස්සු නිසා තමයි අපි අද බියක් සැකක් නැතුව පාරේ බැහැලා යන්නේ. මේවා කරන අයට මතක නැහැ අැඟේ ලේ රත් කරගෙන උදේට ගෙදරින් එළියට බැහැපු කාලය. මේකද රටම බලාපොරොත්තු වුණ යහපාලානය. (නි)
ඇයි ඉතින් දැන් මැරුණු/අාබාධ වුණ ත්රස්තයන්ට විශ්‍රාම වැටුප්, ගෙවල් දෙන්න තියනවා ඇතිනේ. දැන් අලුත් චින්තනය යටතේ තැන ඔබට නොවන බවයි අපිට නම් පෙනෙන්නේ. රණවිරුවන් දැන් යුධ අපරාධකරුවන් වෙලා, කොටි විරයන් වෙලා (නි)
අයියෝ! මේකද යහපාලනය? මේ ඔක්කොම සහජීවනය ඇති කරන්නද? (නි)
රණවිරුවෙක් පාර්ලිමේන්තුවේත් ඉන්නවා නේද? (නි)
මේ ප්රශ්නය බොහෝ කාලයක සිට එන ප්‍රශ්නයක්. රණවිරුවෝ ගැන කතාකරන අය නොසළකා සිටිය ප්‍රශ්නයක්. මොවුන්ට සාධාරණයක් කිරීම රජයේ යුතුකමකි (නි)
ඇයි අපේ රණවිරුනගේ මේ වරප්‍රසාද කපා හැර ඇත්තේ.(හේ)
අහස පොළොව නුහුලන අපරාධ මේවා. මේ මිනිස්සු නිසා තමයි අපි අද බියක් සැකක් නැතුව පාරේ බැහැලා යන්නේ. මේවා කරන අයට මතක නැහැ අැඟේ ලේ රත් කරගෙන උදේට ගෙදරින් එළියට බැහැපු කාලය. (ම)
සමාවෙන්න රණවිරුවනි, ඔබලාගේ වරප්‍රසාද කපාහැරීමට සිදුවුනේ කොටි පැටවුන්ට සලකන්නනේ? පාලකයෝ දුන් පොරොන්දු ඒවා? (බ)
මේවා තමයි හෙණගහන අපරාධ මේ වීර අපේ සිංහල කොල්ලන්ට පින් සිදුවෙන්නයි අපේ අනාගත දරුපැටවුන්ට අපිට ජීවත් වෙන්න රටක් ඉතුරු වුනේ ..සුඛෝපභෝගී සැප වාහන ගෙන්වන්න ඕනේ මිනිසුන් තමා මේ අතපය අහිමි කරගෙන රට වෙනුවෙන් අද ඇදිවත වත් නැතිව මහා මග දුක් විදින්නේ තම දුක කියල ...? (බ)
මෙවැනි ඉතාමත් කණගාටුදායක දෙයකට මොනවා ලියන්න දැයි නොතේරේ. වගකිවයුත්තන් පමණක් නොව අපේ රටේ සමස්ත ජනතාවම මෙවැනි මිල කළ නොහැකි ජාතියේ සම්පත් මේ තැනට පත්වී තිබීම ගැන ලැජ්ජා විය යුතුයි. (බ)
අපේ රටේ මිනිසුන්ට කෙළෙහිගුණ තියෙනවා නම් මේ රණවිරුවන්ගේ උද්ඝෝෂණයට එකතු වියයුතුයි. (නි)