IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විශ්‍රාමික DIG රොහාන් ප්‍රේමරත්නට අධිකරණ නියෝගයක්

(රෝෂන් තුෂාර)

මුල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව අගෝස්තු 04 වැනි දින   අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ  පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  හර්ෂන  කැකුණවෙල මහතා  විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති (DIG) රොහාන් ප්‍රේමරත්න මහතාට අද (22) නියෝග කළේය.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න  මහතා අත්අඩංගුවට ගැනීමට අවදානමක් නොමැති බවත්,ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු අවස්ථාවක ඔහුගේ නිවසට හෝ පදිංචි ස්ථානයකට නොගිය බවටත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

රොහාන් පේමරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඇය දුම් පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය. රොහාන් පේමරත්න මහතා විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වග උත්තරකරු කරමින් මෙම පැමිණිල්ල ගොනුකොට තිබිණි.

රුපියල් මිලියන 7.5 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අල්ලස් කොමිසම තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බවත්,එසේ අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබා ගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනුකොට තිබිණි.
 

 



අදහස් (0)

විශ්‍රාමික DIG රොහාන් ප්‍රේමරත්නට අධිකරණ නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site