(දයාරත්න ඇඹෝගම)
තම විශ්‍රාම වැටුපෙන් ආරක්ෂක අමාත්‍යාංශය අයකර ගත් රුපියල් 7000 ක මුදල නැවත ලබා දෙන ලෙස ඉල්ලා විශ්‍රාමික රණවිරුවෝ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයෝ අද (15) අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිට දී විරෝධතාවක නිරත වූහ. පසුව විරෝධතා පා ගමනින් අනුරාධපුර කදිරේෂන් කොවිලට පැමිණි එහිදි දේව කන්නලව්වක් ද කළහ.
තම විශ්රෘම වැටුපෙන් රුපියල් 3500.00 සිට රුපියල් 7000.00 මුදලක් රජය මගින් නැවත අයකර ගෙන ඇති බවත් මේ නිසා විශ්‍රාමික රණවිරුවන් මෙන්ම මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරු සහ දෙමාපියන් මහත් අසරණ තත්වයට පත්වි සිටින බවත් රණවිරු සංසදයේ ජාතික සංවිධායක ජයලාල් නිශ්ශංක මහතා පැවසීය.
මෙම මුදල නැවත ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි විරෝධතාකරුවෝ එසේ නොමැති නම් කොළඹට පැමිණ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බවද පැවසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල උද්ගෝෂණය කරන්නේ වෙන දෙකට
මිග් ගුවන් යානා ගනුදෙනුවේදී ගහපු ගැහිල්ල මදිකමට විශ්‍රාම වැටුපෙනුත් ගහලා.
පුවත සහ චායාරුප අතර පරස් පර තාවයක් පෙනේ. විශ්‍රාම වැටුප් ගැන පෝස්ටරවල සඳහන් නොවේ.
හෆීල්, ඔයා දැක්කද ඒ ගනුදෙනුවේ පිටපත. වචන තියෙන පළියට මුසා දොඩන එක හරි නැහැ නේද.
මේ රණවිරු විරෝධතා පිටුපස ඉන්නේ කවුද කියල රටේ ජනතාව හොදට දන්නවා. ඔය පෝස්ටර් වලිනුත් එය පැහැදිලි වෙන්නේ.......