රජයේ සේවකයනට වැඩි කළ රුපියල් දස දහසක දීමනාව ලබන වසරේ සිට රුපියල් 2000 බැගින් මූලික වැටිපට එකතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලමේන්තුවේ දී කීවේය.
රජයේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය කිසි සේත් අහෝසි නොකරන බවත්, අලුතින් බඳවා ගන්නා සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයේ වෙනසක් සිදු කරන නමුත් විශ්‍රාම වැටුප් අහෝසි නොකරන බවත් අගමැති පැවසීය.
වාහන ආදායම් බලපත්‍ර ගාස්තුව සියයට 10කින් අඩු කරන බව ද, රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500 දක්වා අඩු කරන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ලබන මැයි මාසය වන විට පෞද්ගලික අංශයේ සේවකයනට රුපියල් 2500ක වැටුප් වැඩිකිරීම ලබා දෙන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමිත්, රාජපක්ෂලාට වඩා නම් රනිල් ගොඩාක් හොඳයි (අ)
මේ රටේ ජනතාව ඔබතුමා බලයට ගෙනාවෙ රට ගොඩ නගන දැක්මක් ඔබට ඇති බවට විශ්වාසයෙන්.ඔබ බලයට කෑදර නොවන නායකයෙක් බවත් අප දන්නව.රටේ අනාගතය වෙනුවෙන් කෙලින් තීන්දු තීරණ ගැනීමට ඔබ ශක්තිය ලැබේවා..! (අ)
සුමිත් 100% හරි. මට නම් අයවැය නොවේ ප්‍රශ්නය. මේ රටේ අනාගතය ගැනයි ප්‍රශ්නය. මේවා නොතේරෙන්නේ සුමිත් රට ගැන නොහිතා බඩ ගැන හිතන උදවියට නොවේද? (නි)
රටම අගාදයට ගෙනගොස් ආණ්ඩුව අස්ථාවර කරන්න වැඩවර්ජනය කරන්න හිටපු අයට අගමැතිතුමනි ඔබතුමාගෙන් නියම පිළිතුරු ලැබුණා .ඔබ තුමාට ජයවේවා (ම)
සත්‍ය තේරුම් ගනීද මේ මිනිසුන් ?. (ම)
රජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරිම සහ පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරිම සමිබන්ධයෙන් සාධාරණ විසදුමක් ගෙන ඇතත් වාහන සදහා පනවා ඇති යම් යම් බදු ලිහිල් කිරිම හේතුවෙන් රජයට අහිමිවන මුදල වන බදු මගින් සාමාන්‍ය ජනතාවගෙන් රජය ලබා ගැනිමට කටයුතු කිරිමෙි අවධානමක් පවතිනවා (අ)
ශුන්‍ය වූ අය වැයක්! (අ)
හොඳ කතාවක් (අ)
රනිල් වික්‍රමසිංහ අගමැති තුමා කියන දේ තේරුම් ගන්න යම්කෙනෙකුට ලෙල්ලත් එක්ක පොල්ගෙඩියක් විතර ලොකු ඔළුගෙඩියේ අබ ඇටයක් විතරවත් මොළයක් තියෙන්න ඕනෑ. (අ)
සහනාදාර මත යැපෙන පසුගාමී මිනිසුන් පිරිසක් ,ණය මත යැපෙන රටක් කිසිදා ගොඩ ගත නොහැක .(අ)
පෙර රජ්‍ය මහජන දේපල අයථා ලෙස පරිහරණය කරමින් ඉන්ධන සදහා දැරිය නොහැකි බද්ධක අයකරමින් මහජනතාව වෙතින් ලබාගන්නා ලද වක්‍ර බදු සහ බදු සහන ලබාදි තිබියදි රජයට මෙවැනි විරෝධතා දැක්විම 60% ට වඩා බුද්ධ ධර්මය අදහන පිරිසක් සිටින රටක් වෙලත් දක්නට ලැබිම කණගාටුවට කරුණක් (අ)
අප පසුගිය ජනවාරියේ අපේක්ෂා කළ වෙනස මෙයයි,රටක් කළ යුතු වන්නේ ඔබ වන් බුද්ධිමතුන් අතින් මිස ඡන්ද ගුණ්ඩු ලොසින්ජර සපයමින් තාවකාලික සැප ලබා දෙන්නවුන් අතින් නොවේ. (අ)
අපිට ඉතින් මැයි මාසේ වෙනකන් ඉවසන්න වෙනවා. (ර)
සත්‍ය තේරුම් ගනීද මේ මිනිසුන් ? (ර)
හරිම සතුටුයි. (ර)
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඊළඟ මැතිවරණය දිහා බලාගෙන වැඩ කරන බාල දේශපාලනඥයෙක් නොව දශක කීපයක් හෝ සියවසක් ඉදිරිය දිහා බලා කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. අවාසනාවකට අපේ රටේ බහුතරය වන පුංචි මොළ තිබෙන ජනතාවට ඔබින්නේ එවැනි දුරදර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයන් නොව ප්‍රදර්ශන ගෝත්‍රික දේශපාලඥයින්. ඔහු 2002 බලයට පත්වූ අවස්ථාවේත් අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවයට අලුතෙන් බඳවා නොගැනීමට ජනප්‍රිය නොවන තීන්දුවක් ගත්තා. එය එජාප පාක්ෂිකයන් තමන් පිහිටවූ රජය කෙරෙහි කලකිරීමට හේතු වූ නමුත් රටට හිතකර තීරණයක්. රටක් දියුණු කිරීමට නම් ඒ මොහොතේ ජනප්‍රිය නොවිය හැකි නමුත් නිවැරදි වන තීරණ ගැනීමට රටේ පාලකයන්ට හැකිවිය යුතුයි. (ර)
බලාගෙන යනකොට කාට කාටත් මොන මොනවාහරි ලැබිලා තියෙනවා. පිටරට ඉඳලා දුක්විදලා සල්ලි ඔක්කොම ලංකාවට එවන අපිට බින්දුව. අපි ගැන එක වචනයක්වත් කියනවද? බලාගෙන යනකොට රටවල් වල දුක්විඳින අපිට කිසිම සහනයක් තියනවද? එන්න කලින් නම් කිව්වේ කොහොමද? (නි)
ගරු අගමැතිතුමනි, රු: 10000 දීමනාව ලබා දුන් රජයේ සේවකයන්ට ඔවුන් විශ්‍රාම යන විට එම දීමනාව විශ්‍රාමට වැටුපට එකතු කරන්නේයැයි ඔබතුමා කරන ලද යෝජනාව ලබන මස සිට හෝ ක්‍රියාත්මක කරන මෙන් ගෞරවයෙන් ඉල්ලමි (බ)
බොහොම ස්තූතියි....!!! (බ)
රනිල් රට වෙනුවන් කරපු කියපු දේවල් අපි 2009 දී දැක්කා අපි හැමෝම රට වෙනුවෙන් තමයි . නමුත් ඔබතුමා කරන්නේ බටහිර කියන දේවල් (බ)
මේක ඉස්සර වෙලා කරන්න තිබුනේ. නිකන් සවුත්තු වුණා. රනිලුත් නම සවුත්තු කර ගන්නවා රවී නිසා. (බ)
අනියත බිය ඇතිකරන්නේ පැරදුණු අයයි (බ)
සුමිත් 2009 මොනවද දැක්කේ ? දුම්පරික්ෂාව සදහා අයකරපු ගණන අඩු කිරීම හොදය. (බ)