IMG-LOGO

විශ්‍රාම වැටුප් අවුලක්?

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙතෙක් ලබාදුන් විශ්‍රාම වැටුප් ලබාදීමේ කාර්යය අගෝස්තු 26 සිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මධ්‍යගත කිරීම හේතුවෙන් අද (10) බොහෝ දෙනකුට විශ්‍රාම වැටුප් ලැබී නැතැයි විශ්‍රාමිකයෝ කියති. මේ සඳහා 11/2014 නමැති චක්‍රලේඛයක් නිකුත් කැර ඇත.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ඇතැම් විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් දෙක බැගින් ලැබී ඇති බවයි. රාජ්‍ය සේවයේ දූෂණ අවම කිරීම වෙනුවට විමධ්‍ය ගත කර තිබූ දෑ මධ්‍ය ගත කිරීමෙන් පලක් නොවන බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වැඩි දෙනකුගේ සහායෙන් කළ දෙයක් සුළු පිරිසක් මගින් කරද්දී මෙවැනි ගැටළු මතුවන බවත් ඔහු කියයි.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් එස් එස් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි. අලුත් ක්‍රමයක් ඇති කළ විට මෙවැනි සුළු සුළු අඩුපාඩු වන බවත්, ඒවා මගහැරගෙන ඉදිරියේ කටයුතු කරන බවත් ඔහු කීවේය.



අදහස් (0)

විශ්‍රාම වැටුප් අවුලක්?

ඩයස් Wednesday, 10 September 2014 08:36 AM

මගේ අම්මා ඉන්නේ ඇ‍ඳේ. මේ වගේ වෙනස්වීම් කරද්දී ඒ වගේ අය ගැනත් සැළකිල්ලක් යොමු කරන්න. (නි)

:       0       0

නිමල් Wednesday, 10 September 2014 06:59 PM

අහිංසක විශ්‍රාමිකයන්ගේ වැටුප ආරක්ෂා වේවා! (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 10 September 2014 08:37 AM

ටිකක් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් ! (නි)

:       0       0

අබේසේකර Wednesday, 10 September 2014 08:58 AM

මේවා කාගේ කාගේත් වැරදි..දැන් බලන්න මේ දුප්පත් විශ්‍රාම ගිය මිනිස්සු. කාගෙවත් පිහිටක් නැහැ.......මේ පණ්ඩිත ඔලුව උදුම්ම ගත්තු රජයේ සේවකයෝ කරන වැඩ ගැන බලන්න කවුරුවත් නැහැ....ඒගොල්ලෝ චන්ද වැඩ ඇති..විශ්‍රාමිකයන්ට කාගේ පිහිටක්ද. (ස)

:       0       0

හසිත් Wednesday, 10 September 2014 10:35 AM

සියල්ලටම පෙර මේ රජයේ කාර්යාලවල සේවකයන්ට මහජනතාවට කතා කරන හැටි පුහුණුවක් ලැබුනා නම් හොඳයි. ඒ අය විශ්‍රාමිකයන්ට කතා කරන්නේ හරියට පින් පඩි ගන්න එනවා වගේ. (නි)

:       0       0

හසිත Wednesday, 10 September 2014 08:22 AM

ඔය මොන ක්‍රමය තිබුනත් විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් වැඩක් කරවාගන්න කාර්යාලවලට යන උදවියට ලිපිකාර නෝනාලා මහත්තුරුන්ගේ සැර බලන්න වෙන එක නම් නවතින්නේ නැහැ. කරුණාකරලා ඔය ගමන්ම මානව සම්පත් කළමනාකරුවෙක් ඔය දෙපාරතමේන්තුවට බඳවාගෙන සේවයක් ලබා ගැනීමට එන මහජනයාට විනීතව සුහදව කතා කරන හැටි ආයතන සේවකයන්ට උගන්වන්න කියලා කාරුණිකව ඉල්ලනවා. (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 10 September 2014 08:20 AM

විශ්‍රාමිකයා දහසකුත් බලාපොරොත්තු ඇතුව විශ්‍රාම වැටුප ලබා ගැනීමට පැමිණ එය නැතිවූ විට ඇතිවෙන වේදනාව ඔය ලොකු ලොක්කන්ට වැටහෙන්නේ නැහැ. හොරුන් කරන වැඩ වලට හොරුන්ට උපරිමයෙන් දඬුවම් නොකර ,ඒවා නැවත වීමට පනවන නීති වලින් නිතරම පහර වැදෙන්නේ අහිංසකයාට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 255 0

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 202 0

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 275 1

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 1269 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 569 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 386 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1372 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1590 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site