IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘විශ්‍රාම ගිහිනුත් වැඩ‘

විශ්‍රාම වයස පසුවී නීති විරෝධී ලෙස සේවා දිගුවක් ලැබූ බව කියන බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයකු සේවා දිගුව අවසන්වී තිබිය දීත් රාජකාරියට පැමිණෙන බව ලංකා ගුරු සංගමය කියයි.

මෙම වසරේ ජනවාරි මාසයේ සේවා දිගුව ලැබූ එම නිලධාරියාගේ කාලය පසුගිය 16 වැනිදායින් අවසන් වූ බවත්, එලෙස තිබිය දී අද (20) දිනයේ ද නිල කාමරයට පැමිණ රාජකාරි කරන බවත් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ සිටිය දී ඔහුට ඉහළින් සිටින පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට පවා නියෝග දෙමින් ඔහු ලිපි යවා ඇති බවත්, එය දේශපාලන හිතවත්කම් මත තනතුරුවලට පුද්ගලයන් දැමීමේ අනිසි විපාක බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.

මේ ගැන කළ විමසීමේ දී පළාත් අධ්‍යාපන ලේකම් දයා සෙනරත් මහතා කීවේ මීළඟට වැඩ බාර ගැනීමට සිටින නිලධාරියා විදේශ ගත වී සිටින බැවින් හිටපු නියෝජ්‍ය ලේකම් වරයා පැමිණ රාජකාරි කිරීමේ ගැටළුවක් නැති බවයි.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට නියෝග දෙමින් ලිපි නිකුත් කිරීමට නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂට හැකිදැයි විමසූ විට සෙනරත් මහතා කීවේ තමා ඊට අවසර දී ඇති බවයි.

‘ඒ මනුස්සයා ඇවිත් වැඩ කළාම මොකද වෙන්නේ? විශ්‍රාම ගියා කියලා ඔහුගේ බඩු බාහිරාදිය බාර දෙන්න ඕනෑ. අනික ඊළඟට වැඩ බාර ගන්න ඉන්න පුද්ගලයා විදේශ ගත වෙලා. ඉනිත් තනතුරේ පුරප්පාඩුවක් තියන්න බැහැනේ. ඔහු ආවාට ගැටළුවක් නෑ. ‘

‘පළාත් අධ්‍යක්ෂට නියෝග දීලා ලිපි යැව්වට ප්‍රශ්නයක් නෑ. ලේකම් වෙනුවටනේ ඔහු අත්සන් කරන්නේ. ලේකම් වෙනුවට අතිරේක ලේකම් අත්සන් කරනවා ද, එහෙම තැත්නම් වෙන කවුරුන් හෝ අත්සන් කරනවා යන්න තීරණය කරන්නේ අපි. රාජ්‍ය සේවය ගැන ඔබ දන්නේ නැතිව ඇති. මෙතන කිසිම ගැටළුවක් නෑ. ‘ යැයි ද පළාත් අධ්‍යාපන ලේකම් කීවේය.

 



අදහස් (0)

‘විශ්‍රාම ගිහිනුත් වැඩ‘

නුවරඑළියේ වසන්ත Monday, 20 April 2015 07:16 AM

රටේ අධ්‍යාපනය දේශපාලනය හා පටු මතධාරී නිලධාරීන් විසින් විනාශකොට අවසන්. සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයට වී ඇති හානිය හා සැසඳීමේදී මෙය ඉතා සුළු දෙයකි. (නි)

:       0       0

ශාන් සෞදි Monday, 20 April 2015 08:11 AM

මේ මහින්ද රජතුමා පත් කරපු අධ්‍යාපන බහිරවයෝ මෙයාල එලවන්න බෑ මළත් කබඩ් එකක් ඇතුලේ ඉදීවී (බ)

:       0       0

මහආරච්චි Monday, 20 April 2015 08:22 AM

නිලධාරියෙක් විශ්‍රාම ගියත් ඔහුට සේවයේ රැඳීසිටිය හැක්කේ පත්කිරීමේ බලධාරින්ගේ අනුමැතිය ඇත්නම් පමණි. මෙහිදී පත්කිරීම් කරන බලධාරින්ගේ අවසරය ඇති බවක් පෙනේ (නි)

:       0       0

මංජුල Monday, 20 April 2015 08:44 AM

නිලධාරියා දක්ෂ නම් යුනියන් අයගේන් වැඩක් නැනේ..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site