විශ්‍රාම වයස පසුවී නීති විරෝධී ලෙස සේවා දිගුවක් ලැබූ බව කියන බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයකු සේවා දිගුව අවසන්වී තිබිය දීත් රාජකාරියට පැමිණෙන බව ලංකා ගුරු සංගමය කියයි.
මෙම වසරේ ජනවාරි මාසයේ සේවා දිගුව ලැබූ එම නිලධාරියාගේ කාලය පසුගිය 16 වැනිදායින් අවසන් වූ බවත්, එලෙස තිබිය දී අද (20) දිනයේ ද නිල කාමරයට පැමිණ රාජකාරි කරන බවත් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ සිටිය දී ඔහුට ඉහළින් සිටින පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට පවා නියෝග දෙමින් ඔහු ලිපි යවා ඇති බවත්, එය දේශපාලන හිතවත්කම් මත තනතුරුවලට පුද්ගලයන් දැමීමේ අනිසි විපාක බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.
මේ ගැන කළ විමසීමේ දී පළාත් අධ්‍යාපන ලේකම් දයා සෙනරත් මහතා කීවේ මීළඟට වැඩ බාර ගැනීමට සිටින නිලධාරියා විදේශ ගත වී සිටින බැවින් හිටපු නියෝජ්‍ය ලේකම් වරයා පැමිණ රාජකාරි කිරීමේ ගැටළුවක් නැති බවයි.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට නියෝග දෙමින් ලිපි නිකුත් කිරීමට නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂට හැකිදැයි විමසූ විට සෙනරත් මහතා කීවේ තමා ඊට අවසර දී ඇති බවයි.
‘ඒ මනුස්සයා ඇවිත් වැඩ කළාම මොකද වෙන්නේ? විශ්‍රාම ගියා කියලා ඔහුගේ බඩු බාහිරාදිය බාර දෙන්න ඕනෑ. අනික ඊළඟට වැඩ බාර ගන්න ඉන්න පුද්ගලයා විදේශ ගත වෙලා. ඉනිත් තනතුරේ පුරප්පාඩුවක් තියන්න බැහැනේ. ඔහු ආවාට ගැටළුවක් නෑ. ‘
‘පළාත් අධ්‍යක්ෂට නියෝග දීලා ලිපි යැව්වට ප්‍රශ්නයක් නෑ. ලේකම් වෙනුවටනේ ඔහු අත්සන් කරන්නේ. ලේකම් වෙනුවට අතිරේක ලේකම් අත්සන් කරනවා ද, එහෙම තැත්නම් වෙන කවුරුන් හෝ අත්සන් කරනවා යන්න තීරණය කරන්නේ අපි. රාජ්‍ය සේවය ගැන ඔබ දන්නේ නැතිව ඇති. මෙතන කිසිම ගැටළුවක් නෑ. ‘ යැයි ද පළාත් අධ්‍යාපන ලේකම් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අධ්‍යාපනය දේශපාලනය හා පටු මතධාරී නිලධාරීන් විසින් විනාශකොට අවසන්. සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයට වී ඇති හානිය හා සැසඳීමේදී මෙය ඉතා සුළු දෙයකි. (නි)
මේ මහින්ද රජතුමා පත් කරපු අධ්‍යාපන බහිරවයෝ මෙයාල එලවන්න බෑ මළත් කබඩ් එකක් ඇතුලේ ඉදීවී (බ)
නිලධාරියෙක් විශ්‍රාම ගියත් ඔහුට සේවයේ රැඳීසිටිය හැක්කේ පත්කිරීමේ බලධාරින්ගේ අනුමැතිය ඇත්නම් පමණි. මෙහිදී පත්කිරීම් කරන බලධාරින්ගේ අවසරය ඇති බවක් පෙනේ (නි)
නිලධාරියා දක්ෂ නම් යුනියන් අයගේන් වැඩක් නැනේ..(ම)