විශ්‍රාම ගොස් මාස පහකට පමණ පසු නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්නට සේවා දිගුවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව නීතිය හා මහජන සාමය ඇමැති ජෝන් අමරතුංග මහතා කියයි.

විශ්‍රාම ගොස් මාස පහකට පසු සේවා දිගුවක් ලබා දිය හැකිදැයි විමසූ විට ඇමැති කීවේ ඔහුට සේවා දිගුව ලබා දීමට ප්‍රමාද වූ බවත්, කලට වේලාවට ඔහු ඉල්ලීම කර තිබූ නිසා සේවා දිගුව   දෙන බවත් ය.

ඉන්දු කරුණාරත්න මහතා විශ්‍රාම ගියේ පසුගිය පෙබරවාරි මාසයේ මැදදී ය.