මනසට ඇතිවන දුක් දොම්නස් තදබල අයුරින් කාලයක් තිස්සේ දිගටම පැවතියහොත් එය එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල කිරීමේ සි සියදිවි හානිකර ගැනීම දක්වා වර්ධනය විය හැකිය.
එනිසාම මානසික රෝගයන් සුළු කොට නොතැකිය යුතුය.කායික රෝග වලට මෙන්ම මෙවන් රෝග වලටද නිසි ප‍්‍රතිකාර ලබාගැනීමට යොමුවීම වැදගත්ය.
ජීවිතයේ රාජකාරි කටයුතු එපා වීමේ සිට සියදිවි හානිකර ගැනීම දක්වා සිතුවිලිමය අසාමාන්‍යතාවක් ඇතිවන විශාදය වර්තමානයේ බහුලව දක්නට ලැබෙන මානසික රෝගී තත්ත්වයකි.
විශාදයෙහි ලක්ෂණ
අයෙකුට පහත සදහන් රෝග ලක්ෂණ ඇත්නම් ඔහුට හෝ ඇයට විශාදය වැළඳී ඇතැයි සැළකිය හැකිය.
කෑම අරුචිය
මල බද්ධය
ශරීරයේ බර අඩුවීම
ලිංගික ආශා අඩුවීම
හිසෙහි වේදනාවක් ඇතිවීම
ඔසප් චක‍්‍රය වෙනස්වීම
රෝගය උත්සන්නවූ විට
සියදිවි නසාගැනීමේ සිතුවිලි පහළවීම
මිත්‍යා විශ්වාස වල එල්බගෙන සිටීම
තමාට පිළිකාවක් ඇතැයි සිතීම
තමා මියයන බව නිතරම සිතීම
පදනමක් නොමැති සැක ඇතිකරගැනීම
අපේක්ෂාභංගත්වය
තමා ගැන අඩු තක්සේරුවක් ඇතිකරගැනීම
මළගිය පුද්ගලයින් කතාකරන බව ඇසීම
නිවසේ කිසිවෙක් නොමැති විටකදී පවා අඩි ශබ්ද ඇසීම
තමාටම වැරදි පවරා ගැනීම
අනාගතය දෙස අශුභවාදීව බැලීම
සෞඛ්‍යය තත්ත්වය පිරිහී යමින් තිබෙන බව සිතීම
තමන්ට රෝගාබාධ රැසක් වැළද තිබෙන බව සිතීම.නමුත් සත්‍ය නම් කිසිදු රෝගයක් වැළද නොමැත යන්නයි.
විශාදයේ ජීව විද්‍යාත්මක ලක්ෂණ
නින්ද නොයෑම
අක‍්‍රමවත් නින්ද - සුපුරුදු වේලාවට වඩා පැය කිහිපයකට පෙරම අවදි වීම
පී‍්‍රතිජනක අවස්ථාවකදී වුවද ශෝක භරිතව සිටීම.
කලකදී පි‍්‍රයකළ සංගීත,ටෙලිනාට්‍ය,චිත‍්‍රපටි ආදිය නැරඹිීමෙන් හා ශ‍්‍රවණය කිරීමෙන් වැළකේ
හුදෙකලාව පි‍්‍රයකරයි.
අශුභවාදී සිතුවිලි පහළ වේ
බාහිර පෙනුම ගැන සැළකිල්ලක් නොදක්වයි
හිසකෙස් නොපීරති
රැුවුල නොකපති
ඇසිපිය හෙළන වාරගණන අඩුවේ.බලාගත් අත බලා හිදී.
කෙටි පිළිතුරු දේ
විශාදය ඇතිවීමට බලපාන හේතු
ජානමය හේතු
මොළයේ යම් ප‍්‍රදේශවල ඇතිවන ජෛව රසායනිකමය වෙනස්කම්
ඉරුවාරදය වැනි රෝග වලට දීර්ඝ කාලයක් මුලූල්ලේ භාවිතා කරන ඖෂධ
බරපතල රෝගයට ගොදුරුවී සිටින අවස්ථාවක ඇතිවන බලාපොරොත්තු කඩවීමේ ස්වභාවය
ප‍්‍රතිකාර
මානසික උපදේශනය
මෙවන් රෝගීන්ට දෛනික දිවිපෙවෙත වෙනස් කරගැනීමට මගපෙන්වා දිය යුතුය.සිතට දුකක් දැනෙන අවස්ථාවක එය සටහන් කර තබාගන්නැයි මානසික වෛද්‍යවරුන් දෙන උපදෙසකි.
තවද දිනයේ වැඩකටයුතු සැළසුමක් අනුව සිදුකරන්නේ නම් විශාද තත්ත්වයක් ඇතිවීමට තිබෙන ඉඩ අවමය.
හැකි සෑම විටම ධනාත්මක අදහස් දරන පුද්ගලයින් ආශ‍්‍රය කිරීම යහපත්ය.
උපදෙස් - අංගොඩ ජාතික මානසික සෞඛ්‍යය විද්‍යාතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව නම් දහස් වාරයක් ඇත්ත. සිංහලයේ අනාගතය ගැනම සිතා මමත් ඒ තත්වයට පත්වෙලා. එහෙත් දරුවන්ගේ ගෞරවයත්, 1968 දී ගමක් හඬවා හදිසි අනතුරකින් මියගිය පියාගේ නමටත් අගෞරවයක් කිරීමට ඇති අකමැත්තත් නිසා ඉවසාගෙන ද්‍රෝහීන්ගෙන් පළිගැනීමට මරණින් පසු අදෘෂ්‍යමාන ආත්මයක් පතනවා. (නි)