කොළඹ විශාඛා විද්‍යාලයීය සියවස් සැමරුම නිමිත්තෙන් සමරු කාසියක් නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අද (23) සිදුකැරිණි.
රුපියල් 2000ක වටිනාකමකින් යුත් මෙම සමරු කාසිය එක් පසෙක එම විද්‍යාලයේ නිර්මාතෘ ජෙරමියෙස් දියෙස් මහත්මියගේ රුව දැක්වෙන අතර අනෙක් පස විද්‍යාලයීය ලාංඡනය දැක්වේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරල ජනාධිපති තුමා කොළඹ පාසල් වලට කාසි ගහනවා. තව ඕන තරම් ගමේ පාසල් තියනවා ඕන තරම් අවුරුදු 100 පසු කරපු . ඒවාට කිසිම සැලකිල්ලක් නැහැ (බ)
ආරම්භක ජෙරමියස් ඩයස් පවුලට ආරාධනා කළේ නැද්ද. (බ)
නියපොතු කපල නැහැ කාලෙකින් (බ)
අනිත් පාසල් වලට කරන අසාධාරණයක් (බ)
රට පුරාම පාසල් වලට මේ සැළකිල්ල තිබෙන්න ඕනෑ (නි)
ඉතා අගනා දෙයකි. (අ)
පාසල ගැන හරියට කරුණු නොදන්නා උදවිය මේකට ධනපති පාසල කියනවා. ඈත ගම් වල දුප්පත් ළමයි පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා මේකට එන්නේ. අනෙක මේ පාසලේ දියුණුවට ආදී සිසුවියන් ගේ ලොකු අනුග්‍රහයක් තිබෙනවා. පාසල් වල හැම දේටම රජයේ අනුග්‍රහ ලැබෙන්නේ නැහැ. මේ උත්සවය පවත්වන ශාලාවක එවකට සිටි සිසුවියන් සහ ආදීසිසුන් අරමුදල් රැස් කර ඉදි කල බව මම වගකීමෙන් කියන්නේ. සමහර අනෙක් පාසල් වල ආදීසිසුන් තමන්ගේ වැඩේ කරගත්තාට පසුව ඉගෙන ගත් පාසල දිහා හැරිලාවත් බලන්නේ නැති එකට මේ පාසල මොනවා කරන්නද ? (හේ)
ගමේ පාසල් තියෙනවා මීටවැඩිය පැරණි. ඒවාට කිසිම සැළකිල්ලක් නැහැ. අලුත්ගම විද්‍යාලයටත් වසර 127 යි (නි)
ඔයවගේ බොරු දේවල් වලට තමා නායකත්වය දෙන්නේ (බ)
එතුමා ඉතාම සරල පුද්ගලයෙක් (නි)
ධනපතියන් නෙමේ රටේ ඕනෑම ළමයකුට හොඳ ලකුණු අරගෙන මේ පාසලට ඇතුළු වෙන්න පුළුවන් නේද ? (හේ)
ඇත්තටම හොද නිහතමානී නායකයෙක්. සමහර නායකයෝ නම් මුලින්ම කාසියට දාගන්නේ තමන්ගේ ෆොටෝ එකනේ. (නි)
අපේ රට ඉදිරියට යන්නේ නැත්තේ මේ වගේ හැම වෙලේම අතීතය පමණක් සමරමින් ඉන්න නිසයි. (බ)
විශාඛාවෙන් දුප්පත් පාසල්වලට ආධාර කෙරෙන වැඩ ඕනෑ තරම් කෙරෙනවා.ඒ නිසා ශත සංවත්සරයේ දී මෙවැන්නක් සිදු කිරීමේ ඒ තරම් වැරැද්දක් නම් මා දකින්නේ නැහැ.. (හේ)
සුබ පැතුම්! (නි)
ඔය කාසිවලින් ටිකක් එවන්න අඹදෙණිය පාසලේ දරුවන්ට පොත් අරන් දෙන්න. (නි)
කාන්තා විද්‍යාලයක් වුණාට පිරිමි දේශපාලකයන්වනේ ගෙන්නලා තියෙන්නේ. අධ්‍යාපන ඇමති පළාතෙවත් නැහැ. (නි)
යන්තන් ඇති, ජාතික අවශ්‍යතාවයක් ඉටුවුණා. (නි)
අධ්‍යපාන ඇමතිතුමාට කොච්චර වැඩද? රටේම පාසල් කීයකින් දවසකට ආරාධනා කරනවද? (නි)
සියලුම පාසල් වලට සම සැළකිය වියයුතුයි. ධනපතියන්ගේ පාසල් වලට විශේෂ සැළකිලි වලට අමතරව ජනතාවගේ පොදු බදු මුදල් වලිනුත් විශේෂ සැළකිලි නොදැක්විය යුතුයි (නි)
එක එක ඉස්කෝල වලට එක එක විදියට සලකන එක රටක නායකයෙක් නොකළ යුතු දෙයක්. අපේ රටේ කිසිම දේකට හරි ප්‍රතිපත්තියක් නැ (බ)
නිම්නදී, දුප්පත් පාසල් නගා සිටුවීමට ජාතික මට්ටමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුයි. නැතිව අවුරුද්දකට වතාවක් ආධාර ලැබිල ඇති වැඩක් නැහැ. (බ)
කාගේ කාගේත් ඇස් ඇරෙන්නේ ලොකු ලොකු මෝරුන් දිහාවට තමා.. ගමේ දුප්පත් ඉස්කෝල වලට මලකඩ කාපු කසියක්වත් නෑ....(බ)
රවී.අපි ගොවියෙක්ගේ පුතෙක් ඔය තැනට පත් කළත් අන්තිමට නතර වෙන්නේ දුෂිතයෙක්/දුශිතනියක්ගේ ඉදිරියේ දෙපා නමස්කාර කරගෙන.(බ)
මේ ප්‍රසිද්ධිය නිසා සමහරක් කට්ටියගේ කල්ල මරේ .දැනට දරුවෙක් දා ගැනීමට වියදම් කරන ලක්ෂ 15 ලබන අව්රුද්දෙ ඉදල ලක්ෂ 20 ක් වේවි. (බ)
මේ අවුරුද්දේ උඩුගම්පොල සෙනරත් පරණවිතාන ජාතික පාසලටත් අවුරුදු 150ක් පිරෙනවා.... මුද්දර ගහනවානම් මේකටත් ගහන්න ඕනෑ... (බ)
"පට්ට දුශිතනියක්ගේ " ෆොටෝ එකක් සමරු කාසියකට දාපු ලෝකයේ පළමු රට ලංකාවයි. (බ)
මේකේ සමහර අදහස් මාර කුහකයි. මමනම් හරිම සතුටු වෙනවා මේ වගේ දේවල් දැකල. කවුරු හරි පිරිසක් පින්කමක් කළොත් ෝකට කෑගහනවා ඔය සල්ලි දුප්පත් මිනිස්සුන්ට දීපල්ලා කියල. කිසිම හොද වැඩක් දැකල සතුටු වෙන්න බැරි ඉරිසීයා කාර කුහක මිනිස්සු ඉන්න රටක් මේක. මුදිතාව කියන එක ගෑවිලාවත් නැහැ. විශාකා විදුහලට මුළු හදවතින්ම සුබ පතනවා. තෙරුවන් සරණයි. (බ)
පහුගිය කාලේ බේබිලා,ඉරාජ්ලත් එක්ක කොළඹ ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලයකට ගිහිල්ලා ජල්ලි නටනකොට, ඔය රමණිලා කොහෙද හිටියේ..? නින්දෙන් ඇහැරිලා වගේනේ ප්‍රශ්න අහන්නේ. එතකොට කරපු කියපු දේවල් සම්බන්ධව කවුද ප්‍රශ්න කළේ..? එතකොට ලංකාව රාජධානියක් වෙලානේ තිබ්බෙ. (බ)
සමරු කාසියක් නිකුත් කිරීම සදහා අවරුදු 100 සම්පුර්ණ කරපු එකම පාසැල කොළඹ විශාඛා විද්‍යාලය පමණද? (බ)