2015 වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (19) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

කොළඹ ප්‍රදේශයේ පාසල්වලට අද ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය ලබාගැනීමට සමත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ සත්සරණි හෙට්ටිආරච්චිය. දෙවැනි තැන කොළඹ නාලන්ද විදුහලේ සමල් පුන්සර ද තෙවැනි ස්ථාන කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආර්.එම්.රත්නායක හා මහනුවර මහා මායා බාලිකා විදුහලේ ඉන්දීවරී රත්නායක  ද හිමිකරගෙන ඇත.

දිවයිනෙන්ම පළවැනි ස්ථානය දිනාගත් හිඹුටාන, ගල්වානේ පදිංචි සසඳි සත්සරණි හෙට්ටිආරච්චි සිසුවිය මූලික අධ්‍යාපනය ලබාඇත්තේ කොළඹ සංඝමිත්තා බාලිකාවෙනි. ඇය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයට ඇතුළත්ව ඇති අතර අපරදිග සංගීත අංශයෙන් දක්ෂතා දක්වන්නියකි. සංගීත ක්ෂේත්‍රයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් ද හිමිකරගෙන සිටින සත්සරණිගේ අනාගත බලාපොරොත්තුව ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඉංජිනේරු වෘත්තීයට පිවිසීමයි.

ලංකාවේ දස වැනියා දක්වා අනෙක් සාපෙළ සමතුන් පිළිවෙළින් මෙසේය.

සිව්වැනි ස්ථානය - රනිඳු හේරත් - නාලන්ද විද්‍යාලය, කොළඹ.

පස්වැනි ස්ථානය - අමාජිත් වල්පිට - ආනන්ද විද්‍යාලය, කොළඹ.

හයවැනි ස්ථානය - හිරුෂ නෙත්සර - ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය.

හත්වැනි ස්ථානය - තරුෂි අංජලිකා - ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර.

හත්වැනි ස්ථානය - ඩී.ජයකොඩි - මාරිස්ටෙලා විද්‍යාලය, මීගමුව.

අටවැනි ස්ථානය - චතුරංග විජේසිංහ - ආනන්ද විද්‍යාලය, කොළඹ.

අටවැනි ස්ථානය - යසස් වෙල්ලප්පුලි - රාහුල විද්‍යාලය, මාතර

webVishaka_2016320

ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න

dd9943da170b7885de905b1a954a3374f1aeacc2cf534e8736c22f5a68c6217f

cbaf0610346fa98e9e3458a89b94f5bc0558f68ccbd26e7dbcba5e474d61176c

ඡායාරූප - ලහිරු හර්ෂණ

20-03-2016--------------------------ol--------------------------1

ඡායාරූපය - චමිල් රූපසිංහ

OL_nalanda_2016320-2OL_nalanda_2016320OL_nalanda_2016320-3

ඡායාරූප - ලහිරු හර්ෂණ

OL_nalanda_2016320-4

ඡායාරූපය - චමිල් රූපසිංහ

වීඩියෝ - ලහිරු හර්ෂණ, චමිල් රූපසිංහ