ජීවිතය වෙලාවකට හරි පුදුමයක් කියලා වගේම පුදුමයක්ම නොවේ කියලත් හිතෙන්න පුළුවනි. ඒ කොයි හැටි හෝ වේවා ජීවිතයේ අහම්බයකින් සිදුවන දේත් තියෙනවා. ‘‘දුලීකා - සුජීවගෙ’’ හමුවත් ඒ වගේද? නැතිනම් පතාගෙන ආ විදියට වෙච්ච දෙයක්ද? ඒත් නැත්නම් කලාන්තරයක් තිස්සේ පැවත එන පේ‍්‍රමයක්ද? ලෝකයට පෙනෙන්න ලොකුවට උත්සවයක් ගත්තෙ නැති වුණත්. මේ දෙන්නා අතර විවාහය පසුගියදා ලියා පදිංචි කෙරුණා. දුලීකා විවාහ වන්නෙ කා එක්කද කියන වගවත්, සුජීව විවාහ වෙන්න කා එක්කද කියන වගවත් මේ ලියාපදිංචිය සිදුවන තෙක්, මාධ්‍යයට ප‍්‍රකාශ කෙරුණේ නැහැ. කොහොම වුණත් දැන් දුලීකා මාරපන සහ සුජීව ප‍්‍රියාල් යද්දෙහිගේ අතර විවාහය ලියාපදිංචි වී හමාරයි. ඒ වුණත් ඇයි මේ දෙන්නා උත්සවයක් නොගත්තෙ? මේ සියල්ල ගැන සුජීව ප‍්‍රියාල් යද්දෙහිගේ හෙවත් දුලීකාගෙ ආදරණීය සැමියා සඳැල්ලට කීවේ මේ විදියටයි.
සුජීව, දුලීකා ඔබට කතා කරන්නේ?
සුජීව අය්යා කියලා.
දුලීකා ගැන ඔබට ඇති අතීත මතකය මොන වගේද?
මම වේදිකාවට ආවේ 94දී විතර, ධර්මසිරි බණ්ඩාරනායක ශූරීන්ගේ යක්‍ෂාගමනය නාට්‍යයෙන්. පසුව 2001දී විතර දුලීකා ගැන දැන ගත්තා. ඒ බන්ධුල ජයවර්ධනයන්ගෙ ස්වර්ණමාලී නාට්‍යයෙන්. එදා ඇය ගයමින්, රඟමින්, නර්තනයෙන් වේදිකාවට අපූරු ආලෝකයක් ගෙනා ශිල්පිනියක වග දැන සිටියා. ඉතින් ඒ දක්ෂතාවලට මම ගොඩාක් ගරු කළා. ඊට පස්සේ අපි දෙන්නට එකට රඟපාන්න ලැබුණෙ මීට අවුරුදු දෙකකට විතර පෙරදීයි.

එතකොට ආදරයක් ඇති වුණේ?
ඒ හැඟීම මට ආවේ ඇයගෙ දඩබ්බරකම නිසයි. ඒ කියන්නෙ සමහර දේවල් නාහෙට - නාහන තැන් තිබුණා. අසාධාරණකම්වලදී අයුක්තියේදී ඇය කට පියාගෙන හිටියෙ නැහැ. වහාම පෙනී සිටියා. ඇයගෙ දඩබ්බරකම කියලා මම කිව්වෙ ඒකටයි. මාත් එහෙමයි. අසාධාරණය. අයුක්තිය හමුවේ මාත් දඩබ්බරයෙක්. මේ පවතින සමහර දේ ගැන අපිට තියෙන්නෙ විරෝධයක්. ඒ කියන්නෙ කලාවේ වෘත්තීය මට්ටම ආදී සියල්ල සහ ඒවාට ලැබෙන වටිනාකම් ආදී සියල්ල ගැන. දුලීකා ඒ වගේ දේ වෙනුවෙන් පෙනී සිටින චරිතයක්. කලාව ගැන, සමාජය ගැන දුලීකා සහ මම හිතන දේ බොහෝ දුරට සමානයි. ඒ වගේම අපේ පුද්ගලිකත්වයට බැරවෙන දේ කරගන්නවාට වඩා, අපි දෙන්නගෙම අරමුණ වුණේ, හොඳ නාට්‍යයක් කිරීම. හොඳ නිර්මාණයක් කිරීම වගේ දේවල්, මේ සියල්ල නිසා මේ ගැලපීම වෙන්න ඇති.
ඒක කොහොමද ආදරයකට පෙරළුණේ?
කවද්ද, කොහොමද, මොන විදියටද කියලා කියන්න බැහැ. සමහර විට ගැහැණු - පිරිමි කැමැත්ත ලිංගික විරුද්ධකම් මත වෙන්න පුළුවන්. නැතිනම් හැඟීම් නිසා වෙන්න පුළුවන්. නමුත් ඊට එහා ගිය අර මම මුලින් කිව්ව සමාජයට හිතකර දඩබ්බරකම් නිසා වෙන්න පුළුවනි.
ඒ දඩබ්බරකම විවාහ වෙන්න ඕනෑ කියන තැනට ආවේ?
දුලීකා වගේම සමාජයේ බහුතරයකගේ සම්මතය වන්නෙ වයස අවුරුදු 20දී හෝ 25දී විවාහ වීමටයි. කොහොම වුණත් ඒ වයස නොවුවත්, මේ සිවිල් සමාජය ඇතුලෙ අපට කළ යුතු දේ තියෙනවා. ඉතින් ඒ සිවිල් සමාජයේ තිබිය යුතු දේ නිසා ලිඛිතව සහතිකයක් ගත්තා. හැබැයි දැනටත් අපි සම්ප‍්‍රදායානුකූලව හිතන්නෙ නැහැ. ඒ නිසා විවාහය ප‍්‍රකට කරන්න ඕනෑ. කියන දේවල් අපට තිබුණෙ නැහැ. අපි තවමත් පෙර සේම හොඳ මිත‍්‍රයින්, එකිනෙකාට ගරු කරන කලාකරුවන්, පෙම්වතුන්. මෙය පුද්ගලික දෙයක් කියායි හිතන්නෙ.
මේ විවාහ ලියාපදිංචියට සහභාගී වුණේ?
දෙපාර්ශවයේ දෙමාපියන්.
යාළුවෝ පාටි ඉල්ලනවා නේද?
ඔව්, ඒක ස්වභාවයනෙ. ඒකත් අපි අපට හිතෙන විදියට කරන්න සැලසුම් කළා. ඒ කියන්නෙ ‘‘ලෝරන්ස්ගෙ මනමාලී’’ නාට්‍යයේ දර්ශනවාර 50 සම්පූර්ණ වන දිනට අපි එය කරනවා. ඇත්තටම මඟුලක් අරගෙන ලොකු වියදමක් කරනවාට වඩා, මේ වගේ නාට්‍යයක් කරලා සමාජයේ මිනිස්සු පිනවීම ඵලදායී දෙයක් බව අපි දෙන්නගෙම හැඟීමයි.
අද මේ ලෝරන්ස්ගෙ මනමාලී හරහා හොඳ පේ‍්‍රක්‍ෂකාගාරයක් හැදිලා තියෙන්නෙ. මංගල උත්සවයක් නොගෙන ඒ පේ‍්‍රක්‍ෂකා ගාරය පිනවීම ඇත්තටම අපට සතුටක්. මේ නාට්‍යයේ ඉදිරි දර්ශන 27- කඩවත සහ 30- මාතර යන නරගවලදී පැවැත්වෙනවා. ලබන අවුරුද්දෙත් මාර්තු දක්වා දර්ශන පෙළ ගැසිලා. ඉතින් අපට ඒ ගැන හරි සතුටුයි.
බිරිඳ කියන චරිතය ඇතුළේ දුලීකා මොන වගේද?
දුලීකා සම්ප‍්‍රදායික බිරිඳක් නෙවෙයි. එහෙම බිරිදක් මට ඕනෑ වුණෙත් නැහැ. ඇය රංගනයෙන් බොහෝ දේ කළ හැකි අපූරු ප‍්‍රතිභාවක් ඇති අපූරු ශිල්පිනියක්. ඉතින් ඒ වගේ කෙනෙකුගෙන්, සාමාන්‍ය ස්වාමි පුරුෂයකු අපේක්‍ෂා කරන දේ බලාපොරොත්තුවීම ඇයට කරන බලවත් අසාධාරණයක්. හැබැයි, ඇය බොහොම පේ‍්‍රමනීය, ආදරණීය, ආදරය ඉදිරියේ හැඟුම්බර වන, බොළඳ වන ආදරවන්තියක්. මට ඒ ඇති. රංගන ශිල්පිනියක් සේම ඇය ඉතා හොඳ ගැහැණියක්. ඒ ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුලිකගේ මහත්තය ද? (ස)
මමත් සුබපතනවා. (අ)
මම දුලිකගේ රංගනයට වගේම අයගේ චාම් කමටත්....දෙන්නටම සුබ පතනවා. (ස)
ඔබ දෙපලට සුභ මංගලම්. (නදී)
සුබ මංගලම්. (ස)
තුසිත පිටිගලගෙන් සුභ පැතුම් (නදී)
අද සිටින දක්ෂතම නිළිය ඔබ තමා. ඔබට සුබ පතමි.! (ර)
ඇත්තටම මම ගොඩාක් ප්‍රිය කරන චරිතයක් දුලිකා. හදවතින්ම සුභ පතනවා වසානාවන්ත යුග දිවියකට (නදී)
දෙදෙනාටම උණුසුම් සුභ පැතුම්!!! (දී)
අපි බැලුවා ඔබ දෙපළගේ අළුත් නිර්මාණය - ලෝරන්ස්ගේ මනමාලි...ඇත්තටම හරිම ලස්සන නාට්‍යක්...ඔබ දෙපළට සුභ පැතුම් ....(දිල්)
දුලීකගේ රගපෑමට මමත් හරිම කැමතියි. දුලිකා කොහොමද එක එක චරිත වල විදියට ඇගපත හදාගන්නේ. මටනම් මේක කොහොම කරනවද කියල හිතාගන්නවත් බෑ. අත්තම්ම චරිතේදී නියම අත්තම්මා. ඔබ දෙපලට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනය කරනවා. (නදී)
මම ආසම නිළියක් . රංගන හැකියාව ගැන කතා කරලා නිම කරන්න බැ. ඔයාල දෙන්නට සුබම සුබ අනාගතයක් පතනවා. (දිල්)
සම්ප්රදායික බිරිඳක් නොවුනාට සම්ප්‍රදායික මවක් වන බව නම් මට විස්වාසයි. ඒක තමයි ගැහැණුකම. ඔබ දෙපලට සුබ පැතුම්!.(හේ)
මලී , අත්තම්මා , පුංචි වලව්ව මේ සෑම නාට්‍යක් තුලින්ම දුලිකා ඉහල රංගන හැකියාවක් පෙන්නුම් කළා. ඔබ දෙපලටම වාසනාවන්ත අනාගතයක්.(නදී)
දුලීකා, මම ඔයාට සුබපතනවා.! ඔයා ගොඩාක් නිහතමානී නිළික්. ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා ඉතින් ඔයාලා දෙන්නාට සුබ මංගලම්. බුදු සරණයි. (ර)
"පුංචි වලව්ව" ටෙලි නාට්‍යය කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ සුභ පැතුම්! ඔබ දෙපලටම. (නදී)
අත්තම්මා. (ස)
මගේ දුලීක අක්කේ. ඔයාට සුබම සුබ අනාගතයක්. මම ඔයාගේ හැම චරිතෙකටම ගොඩාක් ආසයි. මම ඔයාට ගොඩක් ගරු කරනවා. (ස)
ඔබ දෙදෙනාට ජය ශ්‍රී මංගලම්! (නි)
දෙදෙනාටම වාසනාවන්ත අනාගතයකට තුනුරුවන්ගේ ආශිර්වාදය පතනවා. (ස)
ඔබ දෙපලට හදපිරි උණුසුම් සුභ පැතුම් (ම)
ඔබ දෙපළට අපෙන් සුබ පැතුම්! (නි)
දුලීකා දක්ෂ නිලියක්, හැබයි ඇග මහත ටිකක් අඩුකරගත්තනම් ගොඩක් හොදයි.ලස්සන මහත්තයෙක් ලැබුනට සන්තොසයි.-දෙන්නටම සුබපැතුම්. (ස)
දුලීකා දක්ෂයි. තමන්ගේ වටිනාකම රැකගන ජීවත්වන නිලියක්. ලස්සන සැමියෙකුත් ලැබුනට පස්සේ දැන් දුලීකා සම්පුර්ණයි. මං දුලීකට හරි කැමතියි. (නදී)
සුබ මංගලම් ! (අ)
සුබ පතනවා! ජය ශ්‍රී මංගලම්. (ර)
සුබ අනාගතයක් ඔබ දෙදෙනාටම ! (නදී)
ඔබ දෙපලට සුබ පැතුම්.අ (අ)
ඔය දෙන්නා පරිනත පෙම්වතුන් .සුබ මංගලම් ! (ස)
උණුසුම් සුභ පැතුම්! (නි)
දුලිකා තමයි ලංකාවට ඉන්න අංක 1 දක්ෂම නිළිය. මට නම් ඇය මාලනී ෆොන්සේකාට වඩා දක්ෂයි. නමුත් ඇයට නිසි ඇගයීමක් කුහක කලා උළෙලවල් වලින් ලැබුනේ නෑ (බ)
ඇත්තටම ඔයාලා දෙන්නා වාසනාවන්තයි. බලන්න ඔයාලා දෙන්නට ලැබිලා තියෙන සුභ පැතුම් දිහා. මිනිස්සුන්ගේ හදවතේ ඉන්න කලාකරුවොන්ට මිනිස්සු හැමදාම ආදරෙයි. දරු මල්ලොත් හදාගෙන ආදරය සතුට පිරුණ ජීවිතයක් ඔයාලා දෙන්නට හැමදාම ගත කරන්න ලැබේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. (අ)
සඳ අමාවකයි, හිම කැටයම්, මලී අපිට කවදාවත් අමතක කළ නොහැකි රංගනයන්. සුබ පැතුම්! (නි)
මම ගොඩක් ආදරය කරන ගරු කරන චර්තයක් දුලීකා ඔබ දෙපොලට වාසනාවන්ත යුග දිවියෙකට සුබ පතනවා !!!(හේ)