IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විවාහ ගිවිසුම කැඩුවැයි ලක් තරුණිය උසාවියේ

ඉන්දියා පරිගණක ඉංජිනේරුවකු  (40) විවාහ කැර ගන්නා බව පවසා රුපියල් විසි දෙලක්ෂයක් වංචා කළැයි  කියන ෆාතිමා නසීර්ට (20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (03) රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් නියම විය.

අබුඩාබි ගුවන්තොටේදී  අඬමින් සිටියදී මෙම තරුණිය තමාට හමු වු බවත් ඇගේ මුදල් පසුම්බිය කිසිවකු පැහැරගෙන ඇතැයි කී බවත් තමා ඇයට ඉන්දිය රුපියල් පහළොස් දහසක් දුන් බවත් දෙදෙනා අතර මිතු දමක් හට ගත් බවත් පරිගණක ඉංජනේරුවා පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුයේ තරුණිය කිසිවිටකත් විවාහ වීමේ පොරොන්දුවක් නොදුන් බවයි. වැඩි දුර විභාගය ඔක්තෝබර 14 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

විවාහ ගිවිසුම කැඩුවැයි ලක් තරුණිය උසාවියේ

සාරසී Thursday, 04 September 2014 09:09 AM

මොනවා උනත් අනුන්ගේ සල්ලි දුන්නා නම් නේද හොඳ. සල්ලි දෙන්නම් කියලයි ඉල්ලා ගන්න ඇත්තේ. ගෑණු නැද්ද ඉන්දියාවේ. ලංකාවටත් ලැජ්ජයි (නදී)

:       0       0

අභය Thursday, 04 September 2014 03:29 AM

ඔය මැදපෙරදිග ගුවන් තොටුපොළවල් වල ඉන්දියන් ශ්‍රී ලන්කන් පිලිපීන තායි බංගලි වගේ රටවල මොනතරම් කට්ටිය ඉන්නවද අනේ අපිව ගෙනෙල්ල අතරමන් කළා කියන අය. එ් අය‍ට ඇහුම් කන් දෙන්න ගියොත් අපි ඉවරයි ඔය එ් වගේ කෙනෙක් වෙන්න ඇති (නදී)

:       0       0

නුවන් Thursday, 04 September 2014 09:38 AM

ලෝක ඇණයකින් බේරුනා කියල හිතාගෙන තමන්ට සුදුසු චරිතවත් කෙනක් හොයල බැඳ ගත්තොත් හොඳයි! (ස)

:       0       0

ජෝන් Thursday, 04 September 2014 04:49 AM

ඉන්දියන්කාරයාගේ වයසත් හොදටම වැඩියිනේ. එ්ක වෙන්න ඇති පස්සේ බැහැ කියන්න ඇත්තේ (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 04 September 2014 04:55 AM

කන්න දුන්න අත හපා කන්න හොද නැහැ. මේ තරුණියට ඒ වෙලාවේ පිහිටට හිටියේ ඉන්දියන් ජාතිකයෙක්. ඒ ගැනවත් හිතල බලන්න තිබ්බ නේද. (නදී)

:       0       0

පද්මිනී Thursday, 04 September 2014 05:14 AM

ආදරය මිලට ගන්න වත්, මිල කරන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. ඔය විදියට මුලින්ම අයින් වුන එක සුදුසුයි. (නදී)

:       0       0

ජනක Wednesday, 03 September 2014 01:53 PM

සමහර බවලතුන් කඳුළු පෙන්නලා පිරිමි සුද්ධ කරන්න උපන් ගෙයි දක්ෂයි. (අ)

:       0       0

කමල් Wednesday, 03 September 2014 01:57 PM

මුදල් සම්බන්ධයෙන් තමන්ගේ අම්ම ඇරෙන්න කිසිම කාන්තාවක් විශ්වාස කරන්න බැහැ. (අ)

:       0       0

සුගුනවති Wednesday, 03 September 2014 02:50 PM

අනේ මෙහෙමත් මැට්ටෙක් .........බිලියන එකහමාරක් ඉන්න රටෙන් තමන්ට හරියන කෙනෙක් හොයාගන්න බැරුව සල්ලි වලට ලංකාවේ කෙල්ලෙක් ගන්න ඇවිල්ල .......ඉන්දියාවේ සාමාන්‍යයෙන් ගැහැනු අයනේද දෑවැදී දෙන්නේ ......(අ)

:       0       0

නිමල් Wednesday, 03 September 2014 04:16 PM

ඒක තමයි එයාගේ කැමැත්ත (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 September 2014 05:36 PM

හිත ගිය තැන මාළිගාවලුනේ (නි)

:       0       0

තුෂාර Sunday, 07 September 2014 03:35 AM

ඉන්දියාවේ කාන්තාවෝ වගේ ලංකාවේ කාන්තාවන් මෝඩ නැහැ (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 03 September 2014 06:46 PM

ඉන්දියන් රුපියල් 15000 ක් කියන්නේ ලංකා රුපියල් 30,000 විතර වගේ නේද? (නි)

:       0       0

සෑම් Thursday, 04 September 2014 08:04 AM

කාජල් ගේ කියමන මසුරන් වටිනවා. මට එ්ක අහල හොදටම හිනා. ලංකාවේ නඩු අහලා ඉවර වෙනකොට දෙන්නටම 75 පැනලා ඇති එතකොට කොහොමත් බදින්න වෙන් නැහැ. ඔන්න ඕක අත ඇරලා දාමු. (නදී)

:       0       0

චන්ද්‍ර Wednesday, 03 September 2014 08:34 PM

හොඳ වැඩේ එක අතකට. හිතන්න ඇති සල්ලි වලට කාන්තාවන් නැමෙයි කියලා (නි)

:       0       0

චමින්ද Wednesday, 03 September 2014 08:42 PM

වංචාවට හොඳ පළපුරුද්දක් ඇතුවා වගෙයිනේ වැඩ කරලා තියෙන්නේ (නි)

:       0       0

රණතුංග Wednesday, 03 September 2014 08:51 PM

ඉන්දියන් කෙනාටත් හිත යන්න ඇති. දෙන්න ඇති සල්ලි මදි නොකියන්න. (නි)

:       0       0

ඇනස්ලි Wednesday, 03 September 2014 08:53 PM

සල්ලි පමණක් ගත්තා මදෑ (නි)

:       0       0

සමන් Thursday, 04 September 2014 08:20 AM

ඔන්න ජෝන්ට වැරදුනු තැන. වයස 80 වුනත් සල්ලි තියනවනම් අද ගැණු ඕනේ තරම් හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් බලන්නකෝ ඇස් ඇරලා ලෝකේ දිහා. (ස)

:       0       0

කාජල් Wednesday, 03 September 2014 11:18 PM

ලංකාවේ නඩුකියලා ඉවරවෙනකොට ඔයාට බඳින්න කාලයක් නැතිවෙයි (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 04 September 2014 12:55 AM

සමහර පිරිමි ඉඳලා හිටලා ඔය වාගේ මෝඩ වැඩ කරනවා. (නි)

:       0       0

සමන් Thursday, 04 September 2014 01:08 AM

මෙච්චර ගැහැණු ඉන්න ලෝකයේ ඔය ඔච්චර ගානක් ගෙවලා බැඳගන්න හදන කාන්තාවගේ මොකද්ද විශේෂත්වය? (නි)

:       0       0

පතිරණ Thursday, 04 September 2014 08:50 AM

මටත් ඔහොම අය මුණගැසිලා තියෙනවා නිවාඩුවට එනකොට. අවස්ථාවේ හැටියට සුළුවෙන් උදව් කරලාත් තියෙනවා. මගේ වාසනාවටද කොහෙද කසාද බැඳගන්න නම් හිතුනේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site