ඉන්දියා පරිගණක ඉංජිනේරුවකු (40) විවාහ කැර ගන්නා බව පවසා රුපියල් විසි දෙලක්ෂයක් වංචා කළැයි කියන ෆාතිමා නසීර්ට (20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (03) රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් නියම විය.
අබුඩාබි ගුවන්තොටේදී අඬමින් සිටියදී මෙම තරුණිය තමාට හමු වු බවත් ඇගේ මුදල් පසුම්බිය කිසිවකු පැහැරගෙන ඇතැයි කී බවත් තමා ඇයට ඉන්දිය රුපියල් පහළොස් දහසක් දුන් බවත් දෙදෙනා අතර මිතු දමක් හට ගත් බවත් පරිගණක ඉංජනේරුවා පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුයේ තරුණිය කිසිවිටකත් විවාහ වීමේ පොරොන්දුවක් නොදුන් බවයි. වැඩි දුර විභාගය ඔක්තෝබර 14 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත් අනුන්ගේ සල්ලි දුන්නා නම් නේද හොඳ. සල්ලි දෙන්නම් කියලයි ඉල්ලා ගන්න ඇත්තේ. ගෑණු නැද්ද ඉන්දියාවේ. ලංකාවටත් ලැජ්ජයි (නදී)
ඔය මැදපෙරදිග ගුවන් තොටුපොළවල් වල ඉන්දියන් ශ්‍රී ලන්කන් පිලිපීන තායි බංගලි වගේ රටවල මොනතරම් කට්ටිය ඉන්නවද අනේ අපිව ගෙනෙල්ල අතරමන් කළා කියන අය. එ් අයට ඇහුම් කන් දෙන්න ගියොත් අපි ඉවරයි ඔය එ් වගේ කෙනෙක් වෙන්න ඇති (නදී)
ලෝක ඇණයකින් බේරුනා කියල හිතාගෙන තමන්ට සුදුසු චරිතවත් කෙනක් හොයල බැඳ ගත්තොත් හොඳයි! (ස)
ඉන්දියන්කාරයාගේ වයසත් හොදටම වැඩියිනේ. එ්ක වෙන්න ඇති පස්සේ බැහැ කියන්න ඇත්තේ (නදී)
කන්න දුන්න අත හපා කන්න හොද නැහැ. මේ තරුණියට ඒ වෙලාවේ පිහිටට හිටියේ ඉන්දියන් ජාතිකයෙක්. ඒ ගැනවත් හිතල බලන්න තිබ්බ නේද. (නදී)
ආදරය මිලට ගන්න වත්, මිල කරන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. ඔය විදියට මුලින්ම අයින් වුන එක සුදුසුයි. (නදී)
සමහර බවලතුන් කඳුළු පෙන්නලා පිරිමි සුද්ධ කරන්න උපන් ගෙයි දක්ෂයි. (අ)
මුදල් සම්බන්ධයෙන් තමන්ගේ අම්ම ඇරෙන්න කිසිම කාන්තාවක් විශ්වාස කරන්න බැහැ. (අ)
අනේ මෙහෙමත් මැට්ටෙක් .........බිලියන එකහමාරක් ඉන්න රටෙන් තමන්ට හරියන කෙනෙක් හොයාගන්න බැරුව සල්ලි වලට ලංකාවේ කෙල්ලෙක් ගන්න ඇවිල්ල .......ඉන්දියාවේ සාමාන්‍යයෙන් ගැහැනු අයනේද දෑවැදී දෙන්නේ ......(අ)
ඒක තමයි එයාගේ කැමැත්ත (නි)
හිත ගිය තැන මාළිගාවලුනේ (නි)
ඉන්දියාවේ කාන්තාවෝ වගේ ලංකාවේ කාන්තාවන් මෝඩ නැහැ (නි)
ඉන්දියන් රුපියල් 15000 ක් කියන්නේ ලංකා රුපියල් 30,000 විතර වගේ නේද? (නි)
කාජල් ගේ කියමන මසුරන් වටිනවා. මට එ්ක අහල හොදටම හිනා. ලංකාවේ නඩු අහලා ඉවර වෙනකොට දෙන්නටම 75 පැනලා ඇති එතකොට කොහොමත් බදින්න වෙන් නැහැ. ඔන්න ඕක අත ඇරලා දාමු. (නදී)
හොඳ වැඩේ එක අතකට. හිතන්න ඇති සල්ලි වලට කාන්තාවන් නැමෙයි කියලා (නි)
වංචාවට හොඳ පළපුරුද්දක් ඇතුවා වගෙයිනේ වැඩ කරලා තියෙන්නේ (නි)
ඉන්දියන් කෙනාටත් හිත යන්න ඇති. දෙන්න ඇති සල්ලි මදි නොකියන්න. (නි)
සල්ලි පමණක් ගත්තා මදෑ (නි)
ඔන්න ජෝන්ට වැරදුනු තැන. වයස 80 වුනත් සල්ලි තියනවනම් අද ගැණු ඕනේ තරම් හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් බලන්නකෝ ඇස් ඇරලා ලෝකේ දිහා. (ස)
ලංකාවේ නඩුකියලා ඉවරවෙනකොට ඔයාට බඳින්න කාලයක් නැතිවෙයි (නි)
සමහර පිරිමි ඉඳලා හිටලා ඔය වාගේ මෝඩ වැඩ කරනවා. (නි)
මෙච්චර ගැහැණු ඉන්න ලෝකයේ ඔය ඔච්චර ගානක් ගෙවලා බැඳගන්න හදන කාන්තාවගේ මොකද්ද විශේෂත්වය? (නි)
මටත් ඔහොම අය මුණගැසිලා තියෙනවා නිවාඩුවට එනකොට. අවස්ථාවේ හැටියට සුළුවෙන් උදව් කරලාත් තියෙනවා. මගේ වාසනාවටද කොහෙද කසාද බැඳගන්න නම් හිතුනේ නැහැ (නදී)