කැලණිය වේවැල්දූව කාමර කුලියට දෙන හෝටලයට අද (17) පැමිණි මර්වින් සිල්වා මහතා එය වසා දමන්නැයි හිමිකරුට දැන්වීය.
ඇමති එනතුරු ප්‍රදේශවාසිහූ වේවැල්දූව ඤාණවිමලරාමයට රැස්ව සිටියහ.
මේ හෝටලය තිබෙන්නේ නිවාස සංකීර්ණයක් අසලයි.
ඇමති මෙසේද කීවේය,
‘‘පිඩාකාරී අන්දමින් විවිධ දේ සිදුවෙන බව ප්‍රදේශවාසින් කියනවා. අධිකරණයටත් ගමේ අය ගිහින් තිබෙනවා. ඒ නිසා අදම හේ හෝටලයේ කාමර විකිණිම නවතා දමන්න ඕනෑ. මම මේ හෝටලයෙන් කලා බීලා නෑ. සල්ලි අරන් නෑ. වෙනත් වැඩි ප්‍රයෝජන අරන් නෑ. ඒ නිසා මට බියක් නැතිව කතා කරන්න පුළුවන්‘‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කැලණිය ප්‍රදේශයේ කාමර කුලියට දෙන්නේ මේ හෝටලයේ පමණද? හෝටල් නොවන කාමර කුලියට දෙන තවත් තැන් නැද්ද? (නි)
අනේ! කොළඹ තියෙන තරු පහේ හෝටල් වල කෙරෙන්නෙත් ඔයටිකම තමයි. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව තමන්ට හිතෙන දේ කරන එක වැරදියි. මේ රටේ නීතියක් තිබෙනවා (නි)
මේ වගේ වැඩ කරන්න ඇති අයිතිය මොකක්ද? මෙයද රටේ නීතිය? (නි)
එයාගේ හෝටලයත් වහන්න කියන්න (අ)
අනිත් හොටල් වලින් සල්ලි අරන් තියනව, නිකන් කාල බිලා තියනව කියන එකනෙ කියන්නෙ.(අ)
හොටෙල් එක වහන එක අසාදරන් වැඩක්.යන අය නවත්වන්න. (අ)
ඒ වුණාට මම නම් කියන්නේ මෙහෙම තමයි වැඩකරන්න ඕනෑ (නි)
මේකේ අදහස් දැක්වූ උදවිය අහළ පහළ තමන්ගේ පවුල් සමඟ පදිංචිව හිටියා නම් පළකරන්නේ වෙනත් අදහසක් (නි)
ඉස්සෙල්ලම කැළණියේ තියෙන ගණිකා මඩම් ටික වහන්න (නදී)
එල කොල්ලෙක් නේ අපේ ඇමති තුමා. (නදී)
ලංකාවේ නීතිය තිබෙන තැන දැනගන්නට තවත් උදාහරණයක් (නි)
මේවා වැඩිදියුණු වෙලා එනතෙක්ම දන්නෙ නැද්ද? (නි)
ඔය හෝටලයෙන් එතුමා වෙනත් වාසි ප්‍රයෝජන නොගෙන සිටි නිසා නොබියව කතාකිරීමේ හැකියාව එතුමාට තිබුණා. ඒකට අද කාලේ අනෙක් අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
ඔබ නම් නියම නායකයෙක්. ජය වේවා! (නි)
මොකක්ද මේ නීතිය? (නි)
ඕනෑම වැඩක් කළයුතු පිළිවෙලක් තියෙනවා. (නි)
පුතා යන නයිට් ක්ලබ් ටිකත් ඔහොමම වැහුවා නම් ගොඩ නේද ? (නදී)
ඔබයි අපේ ශක්තිය! (නි)
රටේ නීතිය දේශපාලනීකරණය වෙලා. බලය යොදා කරන වැඩ මේවා. (නි)
හෝටලයට වඩා දරුණු වසංගතයක් තමයි මත්පෙති ගෙන්වන ජාවාරම. එයත් මෙලෙසම නවත්වන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)
මර්වින් නම් හැබෑම වීරයෙක්! (නි)
ඔන්න ලොක්කා පැන්නා !!! උපකාර ,ජරාව ,ගත්ත තැන් තියෙනවා එහෙනම් (අ)
රටේ නීතියක් නැද්ද මෙයාලට හිතුනා වෙලාවට වහන්න බලය දුන්නේ කව්ද? (අ)
පුතත් ඇතුළේ ඉන්න එකේ තාත්තාටත් යන්න හිතිලා වගේ (නි)
ඒ කියන්නේ එහෙම සල්ලි සහ වෙනත් දේවල් ගත්ත තැනුත් තියෙනවා කියන එක නේද, ඇමති තුමා ? (අ)
මට හිතා ගන්න බැහැ මොකක්ද මේ නීතිය කියලා. පක්ෂ සංවිධායකයෙකුට, ඇමතිවරයෙකුට පුලුවන්ද හෝටලයක් වහන්න අණ දෙන්න. (අ)
පුදුම නීති ලංකාවේ තියෙන්නේ. (අ)
නීතියේ නව නැම්මක්! (නි)
මේ රටේ නීතියක් තියෙනවාද කියන ප්‍රශ්නය විදේශ රටවල සිටින අය අහන්න ඉඩ තිබෙනවා නේද? (නි)
ඇමතිතුමා කටවරද්දා ගත්තේ එහෙම නැහැ නේද? (නි)
නීතිය බල්ලාට ගිහින්.(හේ)