දික්වැල්ලේ වැව්රුකන්නල රජමහ වෙහෙර පෙරහරට රැගෙන ආ අලියෙක් කුලප්පු වී ගොව්වා පසුපස දිව්වේය.
ගොව්වා අල්ලාගත නොහැකි වු විට අලියා ඔහු ගැවසුණු පදෙසේ තිබු කාරයකට පහර දුන්නේය.
ගහකොළ කඩා දැම්මේය,යතුරුපැදි කිහිපයක් ද පෙරළා දැමුවේය.ගෙයක් අස්සේ සැඟවුණු ගොව්වා බේරුණේය.
මිනිත්තු හතලිස්පහක් පුරා ත්‍රාසය හා භීතිය පැතිර වු මෙම අලියා ගස් බැඳ දැමීමට ගොව්වෝ පිරිසක් සමත් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පොලිස් නිලධාරින් දුවන්න බලාගෙන ඉන්නේ මොක ද අලියෙක් කුලප්පු වෙලා ද ? (ස)
අනේ රනිල් මහත්තයෝ ඔයාටවත් මේ අලි කලබල නතර කරන්න බැරිද ? (ස)
පන්නිපිටියේ පන්සලක ඉන්නවා නාබර ඇත් පැටව් තුන් දෙනෙක්, හැම මොහොතේම උන් දම්වැල් ගලවාගෙන යන්න හදනවා. ඉතින් එතනම එහා පැත්තේ හාමුදුරුවෝ බණ කියනවා. සත්ත්ව හිංසාව ගැන කතා කරනවා. (ස)
අලි කුලප්පු වෙන්නේ දැන් වැව්රුකන්නල ඇත් ගොව්වා බීල ද හිටියේ. (ස)
පහන් කොළුවෝ දවල්ද ඕක වුනේ? (නදී)
අලියා මහා පර්වතයක් වගේ හිටියට හරි අහිංසක සතෙක්. මෙතන මිනිසුන් වැරදියි කියන එකයි මගේ නම් අදහස. (ස)
බුදු දහම සහ අලි ඇතුන් කියන්නේ බුදුන්ගේ කාලේ ඉඳල එන හොඳ බැඳීමක් , පෙරහරේ යන අලි ඇතුන්ට පිරිත් කියල පිරිත් වතුර ඉහල තමා ගමන් කරවන්නෙ. එහෙම කරන්නේ සතුන්ට දක්වන ආදරය කරුණාව නිසා , අලි ඇතුන් උනත් පෙර හැරේ ගමන් කරන්නේ බොහොම ආඩම්බරේට. සමහර අලි ඇතුන් බොහොම ප්‍රීතියෙන් බෙර පදයට නට නට එන නිසා කාටවත් කියන්න බැහැ මේක අලි ඇතුන්ට කරදරයක් කියල. හැබැයි සමහර ගොවුවෝ බීල මේ සතුන්ට හිරිහැර කරලා එයාලම අවුස්සා ගන්නවා , සමහර සුදු මිනිසුන් අලින්ව බලාගන්නේ අතේ කෝටු කෑල්ලක්වත් නැතුව. කවදාවත් එ් සතුන් තමන්ව බලාගන්න මනුස්සයට හිරි හැර කරන්නේ නැහැ . අපේ ගොවුවන්ටත් දැන් කාලේ ඇවිත් හෙණ්ඩුව පැත්කට දාල කාරුණික විදියට මේ සතුන්ට සලකන්න. එතකොට මෙහෙම ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ. (ස)
ආණ්ඩුව කරන පිස්සු වැඩ වලට දැන් අලිත් පිස්සු නටනවා. (ස)
අලි ඇතුන් නිකන් කුලප්පු වෙන්නේ නැහැ, හුඟක් දුරට එය වෙන්නේ ඇත් ගොව්වගේ වරදින්.(නදී)
අවිහිංසාව පදනම වූ බුද්ධ ධර්මයේ නාමයෙන් මේ සතුන්ට කරන හිංසාවන් පල දෙන්න පටන් අරන්. අපේ සංස්කෘතියේ හැමදාම අලි හිටියා කියා සතුන්ට වදහිංසා කිරීම නවත්වන්න කාලය ඇවිත්. (ස)
සාමාන්‍යයෙන් අපේ රටේ නිතරම කුලප්පු වෙන කොට්ඨාශ දෙකක් ඉන්නවා. එකක් අලි. අනෙක දේශපාලකයෝ.! (ස)
ඉඳලා හිටලා කුලප්පු වෙන අලි විතරයි පෙරහරේ යන්න හරි බේරිලා ඉන්නේ. යන්තම් හරි හීලෑ බවක් පෙන්නුවොත් හෙටම ගිහිල්ල ලඟදි ඉඳලා වලව්වේ හාමුලා වෙන්න දඟලන බලවතෙකුගේ ගෙදරට ගාල් වෙන්න වෙන බව අලිත් දන්නවා. (ස)
ජෝශෆ් මහතා දන්නේ නැද්ද කුලප්පු වුන අලි සම්බන්ධයෙන් රනිල් ට දැන් කරන්න දෙයක් දෙයක් නැහැ කියලා. ඔක්කොම දැන් අල්ලපු ගෙදෙරට ගිහිල්ලා. (ස)
දන්නේ නැති නිසයි අහන්නේ.අලින්ව වහල්කමට ගෙන විසිතුරු වැඩවලට යොදාගන්න කියලා තියෙන්නේ කොහේද? (නි)
දැන් ඉන්නා අලි ටික හෙණ්ඩුවෙන් පාලනය කරන්නට අමාරු නිසා නරකද අතට කෙවිටක් දුන්නොත් (නි)
“ඇතෙක් කුලප්පු වුණේ හැදිලාද වලිප්පු-ඇත්ගොව්වා මනප්පු හොඳ හැටි බීලා කසිප්පු“ ඇන්ටන් ජොන් මහත්මයාගේ සිංදුව මතක් වුණා (නි)
පිටබැද්දර ජයා, ඔය අලි ඇතුන් මහා ප්‍රීති ප්‍රමෝදයෙන් පෙරහැරේ යනව නං ඇයි උන්ගෙ කකුල් දෙකටම දම්වැල් දාල පෙරහැරේ ගෙනියන්නෙ. වැරදි කරනවට වඩා නරකයි වැරදි සාධාරණය කරන එක. (ස)
පිටබැද්දර ජයා මහත්මයා, ඔය කියන බැඳීම අනුව අලි ඇතුන් විලංගු දාලා පෙරහැරේ ගෙනියන්න කියලා කියලා තිබෙනවද? වෙසක් සතියෙවත් බොරු කතන්දර නොකියා ඉන්න (නි)
පහන් ඔයාගේ වාහනේ මොන පාටද? (අ)
යාන වාහන නැති කාලවල සතුන්ගෙන් වැඩ ගත්තත් මේ කාලයේ සතුන් බැඳගෙන වැඩගන්න එක මම අනුමත කරන්නෙ නැහැ. මේ දම්වැල් දාගෙන අල්ලාගෙන ඉන්න අලි ඇතුන් මුලු ජීවිත කාලයම ශාරීරිකව වගේම මානසිකව අපමණ පීඩා විඳිනවා. (නි)
බලාගෙන ගියාම අම්බලන්ගොඩ කුලප්පු වූ අලියා හොඳයි වගේ. මං දැක්කා කවුද කියලත් තිබුනා '' ඒ පැත්තේ අය කොහොමත් කුලප්පු වෙනවා" කියලා. ඒ කියපු කෙනා දැන් මොකද කියන්නේ? (නි)
කොහොමද වැඩේ? පේනවා නේද අලියගේ තරම? (නි)
අලි එක්ක සෙල්ලම් නැහැ ළමයෝ. කුලප්පු වෙන වෙලාව කියන්න බැහැ.මේ දිනවල අලි දඟලනවා වැඩියි.අලි පැටවු හොරකම් ආරංචි වෙලාද? (නි)
වන සතුන්ට පාඩුවේ ඉන්න නොදෙන මිනිස්සු හොඳ පාඩමක් ඉගෙනගන්න ඇති. ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් කාලේ, කුලප්පු වෙලා ඉන්න මිනිස්සුන්ව දකිද්දී අලියත් කුලප්පු වෙන්න ඇති.(නි)
ඕකනේ පහන්දී, කොකාට වාරයක් ආවා නම්,තිත්තයාටත් වාරයක් එනවා කියලා කියන්නේ. මේ අලියා කළ අපරාධයත් එක්ක අම්බලන්ගොඩ අලියා කළ අපරාධයක් නැහැනේ.(නි)
දැන්,දැන්, අලි කුලප්පු වෙනවා වැඩියිනේ. මොකද දන්නේ නැහැ.(දිල්)
හැබැයි මත්පැන් බිවු ඇත්ගොව්වෝ කෙරෙහි නම් අලි ඇතුන් සිතේ තරහක් ඇති වෙනවා කියලා දවසක් අපේ ආතා මා එක්ක කිව්වා.මට තවමත් මතකයි. (නි)
ආගම්වල නාමයෙන් අහිංසක සන්තුන්ට වද දෙන එක අනුමත කරන්න බැහැ (ස)
මෙවැනි අවස්තාවල විශේෂයෙන් පෙරහැරවල්වල වනජීවී නිලධාරීන්ගේ සේවය අනිවාර්ය කල යුතුයි. එහෙම කලොත් විශාල අනතුරකින් ජීවිත හා දේපල හානි අවම කරගත හැකි වෙනවා , (ස)
මුළු රටේම අලි ඇතුන් ආරක්ෂා කරගන්න ක්‍රමයකට යන්න.(නදී)
ආගම් වල නාමයෙන් අහිංසක සන්තුන්ට වද දෙන එක අනුමත කරන්න බැහැ. (ස)
මගේ වාහනේ පස්සේ අලියෙක් පන්නගෙන ආව, මම කරපු දේ වමට සිග්නල් දාල කෙලින්ම ගියා.අලියා වමට හැරුනා. (ස)