සමසමාජ පක්ෂයේ නායිකාවක වූ අභාවප්‍රාප්ත විවියන් ගුණවර්ධන මහත්මියගේ සිය වැනි ජන්ම දින සැමරුම අද (19) එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.
ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධික, අප සිහිකරන්නේ එම මැතිනියයි. එන්. එම්. පෙරේරා, කොල්වින් සිල්වා වගේ අය මෙරටට නැවත එන්නේ නැත. එමනිසා සමසමාජ පක්ෂය තිබී අපිට වැඩකුත් නැත. එසේම මහින්ද මහතාට දොස් කියන්න පළමුව 75% යුද්ධය අවසන් කළා කියන අයගේ එම කෙරුවාව ගැනත් සොයාබලා කතා කරන්න. එතුමියටත් සමසමාජ පක්ෂයටත් මම තාම ගරු කරනවා. ඒ කවුරු කළත් කළ හොඳටත් එය කළ කෙනාටත් ගෞරව කරන නිසා. (නි)
බමුණුආරච්චි, මම කිසිලෙසකින් එතුමිය සිහිපත් කිරීම වැරදියි කියලා කිවුවේ නැහැ. කරුණාකරලා වැරදි අර්ථකථන දෙන්න එපා. අනික අදට යුද්ධය ඉවරවෙලා වසර හයකට වැඩියි. හැබැයි යුද්ධයට තුඩුදුන් හේතු එහෙමම තියෙනවා. යුද්ධය ඉවරයි කියලා සාමය ලැබෙන්නේ නැහැ. යුද්ධයට පාදක වූ හේතු ඉවර කිරීමයි දැන් අපි රටක් ලෙස කළයුත්තේ (නි)
එතුමිය අද හිටියා නම් සමසමාජෙට අද ඇතිවෙලා තියෙන තත්වය ඇතිවෙන්නෙත් නැහැ. (නි)
රටේ ඉතිහාසයවත් නොදැන නොදන්නාකමම පණ්ඩිතකමක් වගේ සිතා අදහස් දැක්වීම විලාසිතාවක් කරගත් අය බහුලවීම රටේ පරිහානියේ මුලයි (නි)
අපේ ආසනයේ නියෝජනය කරපු මන්ත්‍රී තුමියට මගේ උපහාරය. (බ)
ගුණ ගරුක මිනිස්සු තව ඉන්නවා පෙනෙනවා. (බ)
එතුමිය සිහිපත් කිරීම බොහොම හොඳ වැඩක්. හැබැයි අද සමසමාජ පක්ෂය තියෙන්නේ නමට පමණයි. එයත් දෙකට කැඩිලා . කොටසක් ජයම්පති වික්‍රමරත්න මහත්තයා සමඟ ආණ්ඩුවට එකතුවෙලා එදා ඇන් ඇම් ලා, කොල්වින් ලා කියපු ඒකාධිපති ව්‍යවස්ථාව ගෙදර යවන්න වැඩ කරනවා. අනෙක් අය සමසමාජ වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන්ම පටහැනිව මහින්ද රජ කරන්න දඟලනවා (බ)
ඇත්තටම උපහාර දක්වන්න මෙතුමිය රටට කළේ මොනවාද. දන්නා කෙනෙක් කියලා දෙනවද (බ)
දැන් තමයි මේ වගේ කට්ටිය මතක් වෙන්නේ (හේ)
හිටපු ගමනා ගමන ඇමති කෙනෙක් වන සහ 50-80 දශකයන්හි සම සමාජ පක්ෂයේ එන් එම්, කොල්වින් වගේ නායකයින් සමග එකට හිටපු ලෙස්ලි ගුණවර්ධන මහතාගේ මැතිනිය . උසස් යයි සම්මත පවුලකින් ආපු ඒ මැතිනිය තම ජිවිත කාලයේම පීඩිත පන්තියේ ප්‍රශ්න වෙනුවෙන් තම ස්වාමියා සමග කැපවුණා. එතුමිය සිහිපත් කිරීම, සදාචර දේශපාලනක් පතන සැමට ඉතාම කාලෝචිත දෙයක්. (බ)
මෙතුමිය ඉතා වටිනා සේවා වටිනාකමක් අපට කියා දුන් ඉතිහාසගත චරිතයකි. (හේ)
අනේ මෙතුමියටත් යුඇන්පී කාරයෝ බිම පෙරලාගෙන ගැහුවානේ. (අ)
නොදන්නා එවුන් කළ යුත්තේ කොමෙන්ට්ස් කර තම නොදන්නා බව පෙන්නා දීම නොවේ. පොත් පත් හෝ ලිපිලේඛන මගින් ඉතිහාසගත මෙවන් උතුම් චරිත ගැන දැන ගෙන එවන් අයට ගරු කිරීමයි. (බ)
අර කම්කරුවන් වෙනුවෙන් පනතක් ගෙනල්ල මෙයා මහා විශාල සේවයක් කලා (අ)
දේශපාලනය ගැන යන්තම් හෝ දැනුම් තේරුම් තියෙන අය මෙතුමිගෙන් සිදුවුණ සේවයට උපහාර පුදකරනවා. පක්ෂ පාට මොක වුණත් "පිදියයුත්තා පිදීම" යහපත් ක්‍රියාවක් වගේම අනාගත පරපුරට ආදර්ශයක්. එවන් ගුණධර්ම පිරිහීමේ ප්‍රතිඵල සමහර අයගේ ප්‍රකාශ වලින් පෙනෙනවා. කණගාටුයි (නි)