වසර ගණනාවක් මාර්ග පිළිසකර නොකිරීම හා නැවත පදිංචි වූවන්ට ලබා දෙන ස්ථීර නිවාස නොලැබුණු බව කියමින් වව්නියාව වේලාන්කුලම් ග්‍රාමසේවා වසමේ ගම්මාන 8 කට අයත් නැවත පදිංචිකරුවන් බ්‍රහස්පතින්දා (4) සවස වව්නියාව මන්නාරම් ප්‍රධාන මාර්ගයේ පූවර්සන් කුලම් හි උද්ඝෝෂණයක නිරත වූහ.
400 ක් පමණ දෙනා වව්නියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ හිඳ ගැනීම නිසා පැය භාගයකට ආසන්න කාලයක් එහි ගමනා ගමන කටයුතු අඩාල වූ අතර පසුව වව්නියාව පොලසිය මැදිහත් වී මාර්ගයේ ගමනා ගමනය සාමාන්‍ය තත්වයට පත් කළේය.
එහි පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් උද්ඝෝෂකයින්ට කියා සිටියේ මෙම මාර්ග කියූ පමණින් එක් වරම පිළිසකර කිරීමට නොහැකි බැවින් මාර්ගය බොරලු ගල් දමා උස්සා පිලිසකර කළ යුතු බවත් එම කාර්ය ඉතා ඉක්මනින් සිදු කර දෙන බවය.
එමෙන්ම එම ස්ථානයට පැමිණි වව්නියාව දිසාපති එම්.බී.පුෂ්පකුමාර මේ වසර රජයේ ස්ථීර නිවාස 65,000 ව්‍යාපෘතිය ක්‍රියාත්මක බැවින් මෙම වැසියන්ට ස්ථිර නිවාස ලබා දීමට හැකි වෙතැයි කීවේය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වව්නියා නැවත පදිංචිකරුවෝ මහ පාරේ