වව්නියා මහ දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ වව්නියා නිල නිවසේ දිවි මකුළුවකු සිටි බවත්, වනජීවී නිලධරයන් දිවි මකුළුවා අල්ලා වන රක්ෂිතයට මුදා හළ බවත් වව්නියා වනජීවී ආරංචි කියයි. දිවි මකුළුවා විෂ සහිත වුව ද මාරාන්තික නොවන සත්ත්වයෙකි.
අඟල් තුනක් පමණ දිගැති මේ දිවි මකුළුවා දිසාපතිගේ කාමරයේ සිටි බව සේවකයන් දැක ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ දැනුම අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන දිවි මකුළුවන් මාරාන්තික විෂ රහිතයි (නි)
අම්මෝ! මේ වගේ මකුළුවෙක් අපේ ගෙවල් පැත්තෙත් හිටියා (නි)
ඕස්ට්‍රේලියාවේ ඉන්න රෙඩ් බැක් නම් මකුළු වර්ගය ඉතා දරුණුයි. කෑවොත් සුමාන ගණන් රෝහලේ. සමහරු මැරෙනවා. ඊට අමතරව තවත් විෂ සහිත මකුළු වර්ග ඉන්නවා. ලංකාවේ වගේ ඉඳලා හිටලා නෙමෙයි. වත්තේ පිටියේ, ගේ ඇතුළේ, අඳුරු අහුමුලු හැමතැනම උන් ඉන්නවා. (නි)
ඉස්සර දිසාපතිට තිබුණු බලාතල වලින් ඉතා සුළු ප්‍රමාණයයි දැන් දිසාපති කෙනෙකුට තියෙන්නේ. (නි)
මට දිවි මකුළුවෙක් වෙන්න ඇත්නම්! (නි)
එතුමා යහපත් ගති ඇති මහත්මයෙක්. එනිසා කරදරයක් වෙනනේ නැහැ. ඔබට බුදු සරණයි! (නි)
නිලංග, ඔබ කියන දේ සම්පුර්ණයෙන්ම වැරදියි.රෙඩ් බෑක් කාලා අවසාන වතාවට කෙනෙක් මැරුනේ 1950 දශකයේදීයි. බොහෝ දෙනෙකුට කඩියෙක් කෑවා හා සමාන වේදනාවක් සහ සම රතු වී ලපයක් එනවා විතරයි. මේ සතුන්ගේ විෂට මිනිසුන් මැරෙන්නේ නැහැ. නමුත් සමහරුන්ට එන අසාත්මිකතාවය නිසා ඔවුන්ට ප්‍රතිකාර ගන්න වෙනවා. (නි)
මේ දිවි මකුළුවා දෂ්ට කළොත් මැරෙනවාද? (නි)
වන අලියෙක් අහිංසක මිනිසුන්ට පහර දෙන්න ආවා නම් නිලධාරීන් මෙතරම් ඉක්මනින් ක්‍රියාත්මක වේද? (නි)
ඉසුරන්දි, මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න යැයි මම යෝජනා කරමි (නි)
කෝකටත් දිසාපතිතුමනි, කල්පනාවෙන් ඉන්න.සේවකයෝ දැක්කා නම් ඇයි ඉවත් නොකළේ?? (නි)
ජගත්, ඒක මකුළුවාගෙන්ම අහලා දැනගන්න (නි)
ජගත්, හොඳට ලුණු ගම්මිරිස් දාලා තම්බලා දෂ්ට කළොත් නම් මැරෙන්නේ නැහැ (නි)
කවුරුහරි ගෙනල්ලාවත් දැම්මද? අපේ අය එවැනි වැඩ වලටත් දක්ෂයි. (නි)
කහ, රතු, කළු යන වර්ණ ඇති කෘමීන් සත්ව විද්‍යාත්මකව තම ආරක්ෂාව සඳහා විෂ ඇති සතුන් ලෙස සැළකේ. (නි)
අනේ එහෙම වෙලා, මාව හපන්නකෝ.(අ)