වැව හාරන මුවාවෙන් පලාගල, පරවහගම, රත්මල්ගහවැව හාරා වැලි ගොඩ දමතියි ගැමියෝ කියති.
යන්ත්‍ර සුත්‍ර යොදා වළවල් හැරිමෙන් පස් සේදීම නිසා සතෙකුට හෝ වැවට පැමිණීමට නොහැකිව ඇතැයි කියති. වසර දෙකකට ආසන්න කාලයක් මේ වැව හාරන බවත් රොන් මඩ වලින් වැව පිරී ඇති බවත් ගොවිතැනට සතා සිව්පාවාට ජලය අහිමි කිරීමද වැවේ තිබුණු ඉපැරණි වටිනා ගස් කොළන් විනාශ කිරීම බව ගොවිහු පවසති.
මේ කොන්ත්‍රාත්කරුවන් රක්ෂිතය හෙළිකොට වැලි ගබඩාව හා වැලි බෙදාහැරීම් ස්ථානය පවත්වාගෙන යන තැනට ගොස් එහි සිටි නිලධාරියකුගෙන් විමසීමේදී කිවේ මධ්‍යම රජය හා පළාත් සභාව මගින් කාල නිර්ණයකින් තොරව මේ වැවේ වැලි ලබාගැනීමටත් පසුව වැව ඉදිකර අලුත්වැඩියා කර දීමට අවසරය ලබාදී ඇති බවය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කපලා තියෙන වළවල් දිහා බලන ඕනෑම කෙනෙකුට පෙනෙනවා වල් අලින් ඉලක්ක කරගෙන වළවල් හාරා වැලි සහ පස් ටිකත් බිස්නස් එකට දේශපාළුවන් ගම ප්‍රාදේශීය මට්ටමෙන් කොල්ලකනවා කියලා. (නි)
සිංහලයාට ඇති එකම මව්බිම වන මේ රටට, ඇත්ත වශයෙන්ම ආදරය ඇති පාලකයෙකු නොමැතිව මේ ද්‍රෝහී වැඩ නවත්වන්න බැහැ. ඇත්ත තිත්ත වුවත් සත්‍යය එය වේ. මෙවැනි දේශද්‍රෝහී වැඩ නැවැත්වීමට නම් පළාතේ සංඝරත්නය ප්‍රමුඛ පුජ්‍ය පක්ෂය මේවාට විරුද්ධව නැගීසිටිය යුතු අතර, පවතින රජය එවැනි විරෝධතා වලට බීරි අලියෙක් වන්නේ නම්, එවිට මහා සඟරුවන විසින් හෝ එවන් පොට්ටයන්, බිහිරන් අවදි කරවිය යුතුය. නැත්නම් අද මේ රට පවතින ජරාජීර්ණ දේශපාලන රටාව තුළ කව්රු බලයට පැමිණියත් තත්ත්වය මෙසේමය (නි)
වසර දෙකකට ආසන්න කාලයක් මේ වැව හාරන බව කියන්නේ, එතකොට කොහෙද දහම් යහපාලනයක්? නිකන් මෝඩ කතා කියන්න එපා (නි)
එක එක්කෙනා රන්ඩු කරලා වැඩක් නෑ. රට දියුණු කරන්න වැඩ කරන්න.(හේ)
ඔන්න ඕකට තමයි ළමයිනේ යහපාලානේ කියන්නේ.(හේ)
මේ වගේ වැඩ වහාම නැවැත්විය යුතුයි.(හේ)
මේවා බලධාරින්ට පේන්නේ නැද්ද?(හේ)