වෙඩි වැදී අම්පාර හිමිදුරාව වැවේ මාස 3ක් පමණ බැස සිටි අලියා අද (13) උදෑසන මිය ගියේය.
වැවේ බැස සිටින අලියාට ප්‍රතිජීවක ඖෂධ දුන් බවත් අලියා ගොඩගෙන ප්‍රතිකාර ලබා දිම අපහසුවූ අතර එකම ප්‍රතිකාරය අලියා දුර්වල නොකර අවශ්‍ය ආහාර ලබා දීම බවද අලියා නිර්වින්දනය කර ප්‍රතිකාර කිරිමට තරම් සුදුසු තත්ත්වයක අලියා නොසිටි බවත් වනජීවී දෙපාර්තුමේන්තුවේ නැගෙනහිර පශු වෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්ප කුමාර මහතා පැවසුවේය.

![11846398_471006619738138_279022127_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/11846398_471006619738138_279022127_n1.jpg)
![11846421_471006866404780_727488991_n_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/11846421_471006866404780_727488991_n_11.jpg)
![11880347_471006926404774_2069942873_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/11880347_471006926404774_2069942873_n1.jpg)
![11880866_471007579738042_730548862_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/11880866_471007579738042_730548862_n1.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ ස්වභාව ධර්මයේ අගය.අපේ රට ස්වභාවික සම්පත් අතින් වාසනාවන්තයි. අනෙක් ලොකු රටවල් වලට නැති බොහෝ දේ අපේ මේ පුංචි රට ඇතුළේ තිබෙනවා. (නි)
මෙම අසරණ සතා මස් නොකන තිරිසන් සතෙක්.මොහුට ගිනි බින්දේ මස් මාළු,එළවලු ,ආදී හැම දේම ගිල දමනා අමන දෙපා තිරිසනෙක්...! ඔහුට නිසි දඬුවම ලැබේවි වෙලාවට නොසිතූ ලෙස මේ කල පව්කාර වැඩේට.. ඔබට මීට වඩා හොඳ භවයක් ලැබේවා. වන ජීවී නිලධාරීන්ට ,හිමිදුරාව ගමේ වැසියනට ප්‍රශංසාව මේ සමග මේම අසරණයා මෙතෙක් කල් බලාගත්තාට.(ම)
පපුව දාලා යනවා දැක්කහම. අහිංසක සතා! මොන දුක් කන්දරාවක් විඳින්න ඇද්ද? අලි මිනිස් ගැටුමට විසඳුමක් යහපාලනය තුළ නැද්ද? (නි)
ඔක්කොමලගේ අදහස් වලට මමත් එකඟයි (ම).
මෙන්න මේ රටේ තත්වය . මස 3ක් යන කම් අලියව ගන්න කිසිම තාක්ෂණයක් නැති රටක් මිනිසුන් කි දෙනෙක් මේ වැවෙන් වතුර බිමට හා පාවිච්චිය ය ගන්න ඇද්ද අවස්ථා වාදියෝ තවත් ගහපියව් කතිරේ (අ)
මේ අසරණයට ජීවත්වෙන්න නොදී මේ වැනි දුකකට පත් කළ ඒ පාපිතරයට නැවත මිනිස් ආත්මයක් නොලබා නරකාදියේම ලැග ඒ පව් විඳවන්න ස්වභාව දර්මය දඩුවම් කරාවි .. ? අනේ හරි දුකයි ..!අලි හාමි ඔබ මේ දුර්ජන මිනිසුන් අතර නොයිපදී මින් මතු, අමාමහ නිවන් සුවයම අත්වේවා ඔබට අලි හාමි..! (අ)
මේ අපරාදය කරපු කෙනාට මේ ආකාරයෙන්ම දඬුවම් විදින්න වේවා. ( ම)
මේ පාපතර මිනිසුන්ගේ ලෝකයෙන් මිදී හොද ආත්මයක් ලැබේවා. වෙඩි තුබූ අයටත් කවදාහරි ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබේවි. (ම)
පවු අප්පා , දවසක මේ සත්තු ටික වඳ වෙලාම යනවා අපේ රටෙන් ! (නදී)
අපරාදේ මේ වටිනා ජීවිතය! (නි)
ජනාධිපතිතුමනි ඔබතුමාගේ යහපාලනය යටතේ ද ?(නදී)
මිනිස් ආත්මයක් ලබාගැනීම දුර්ලභ කාර්යයක්. ඒ වගේම මෙම ආත්මය තුළ නිවන් දැක්කේ නැත්නම් පින් රැස්කරගැනීම අපගේ වගකීමක්. (නි)