එල්ලංගා පද්ධති හා සම්බන්ධිත ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණ කිරීමේ මහ පරිමාණ වාරි ව්‍යාපෘතියේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ්‍රයේදී අද (24) පෙ.ව 10ට සිදු කෙරිණි.
ඊට සමගාමීව වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ කටයුතු ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කරන එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු වියළි කලාපය තුළ මේ වනවිට අක්‍රීය වී ඇති එල්ලංගා වැව් පද්ධතීන් නැවත ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශවල ජනතාවට ජලය සැපයීම වෙනුවෙන් රජය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි.
ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍ර කරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය මගින් ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබේ.
මෙරට කෘෂි කාර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතියට ක්‍රියාවට නංවා තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් වැව් 300ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර පොල්පිතිගම කුඹුකුලාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමත් එම කටයුතු ආරම්භ කෙරේ.
මේ සඳහා රුපියල් මිලියන 16,000කට ආසන්න මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර 2024 දී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.
වගාබිම් හෙක්ටයාර් 12,500ක් සංවර්ධනය කරමින් ගොවි පවුල් 13,500ක් සඳහා අවශ්‍ය වාරි ජලය සැපයීම මෙම ව්‍යාපෘතිය මගින් පානීය ජලය ඇතුළු විවිධ අයුරින් ප්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 40,000කට ආසන්න වේ.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ! පැරනි වැවුකර්මාන්තය කේන්ද්‍රකරගත් කෘශිකර්මාන්තය යලිනගාසිටුවීමට දරන උත්සාහය සාර්තක වේවා ! මෙයතමයි වියලිකලාපයට ගැලපෙන අඩුවියදමකින් කලහැකි සාර්තකම ක්‍රමය නමුත් අද වැවුඉහත්තැවට වීඇතිහානිය පූර්නය නොකලොත් මෙය අසාර්තක වේවි. මේගැනත් අවදානය යොමුවේවා !!!!!
හොද අදහසක් සියලුම වැව් ප්‍රති සංස්කරණය වැඩ සටහනට ඇතුළත් වෙනවා නම් වඩාත් හොඳයි. අප විශ්වාස කරනවා මෙම වැඩ සටහන හුදෙක් මාධ්‍ය සංදර්ශනවලට පමණක් සිමා නොකට ක්‍රියාවෙන්ම දිගටම සිදුවේවි යන්න.
අර වැව් දසදහසේ වැඩපිළිවෙලක් තිබ්බේ ඒ දවස්වල.. ඒ ප්‍රතිසංස්කරණය කරේ වැව් නෙවෙයිද..?
අනෙක් ව්‍යපෘති වගේම මේකත් අසාර්ථක වෙයි.