ප්‍රවීණ කවියකු මෙන්ම ඡායාරූප ශිල්පියකු වූ අභාවප්‍රාප්ත විල්සන් හෑගොඩ මහතාගේ ජන්ම ශත සංවත්සරය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේදී අද (11) පැවැත්විණි.
විල්සන් හෑගොඩ ඡායාරූප හා කවි නිර්මාණ ඇතුළත් සැමරුම් ප්‍රදර්ශනයක්ද ජනපති අතින් විවෘත කැරිණි. හෑගොඩ මහතාගේ පුත්‍රයන් වන ලාල් හෑගොඩ, නීතිඥ අනුර හෑගොඩ, පාලිත හෑගොඩ ඇතුළු පවුලේ ඥාතීහුද එම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතකයි මගේ තාත්තා කියලා දුන්න මෙතුමා ගැන. ඉස්සර ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු අංශයේ ප්‍රධානියා වි සිටි මෙතුමා ශ්‍රී ලාංකික ඡායාරූප ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. විදේශිකයන් සහ බර්ගර් සම්භවයක් ඇති අය අතර පමණක් හුවමාරුවුණන ඡායාරූප ශිල්පය අපේ ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දුන්නේ මෙතුමායි. හෑගොඩ සේයා නිකේතනය නමින් ඡායාරූප ක්ෂේත්‍රයට අදාළ සියලුම විෂයයන් ආවරණය කරන පරිදි සකස්කළ ඉහළම ගණයේ පාඨමාලාවන් ඉදිරිපත්කළ අධ්‍යාපනික ආයතනයක් පටන්ගත්තේ මෙතුමායි. ඇත්තටම නියම වෙලාවට අවශ්‍ය ආලෝකය හරි විදියට උපයෝගී කරගෙන ගන්නා ඡායාරූපයත් සුන්දර කවියකි. (නි)
ඔහු හොඳ කවියෙක් , ඡායාරූප ශිල්පියෙක් පමණක් නොවෙයි. සැබවින්ම සුන්දර මනුස්සයෙක්! (නි)