වැලිවේරිය ජනතාව හා හමුදාව අතර පැවැති ගැටුමේදී පසුගිය අගෝස්තු පළමුවැනිදා හමුදා වෙඩි පහරින් හා පොලු පහරින් තිදෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය ගැන පරීක්ෂණය ගම්පහ මහේස්ත්‍රාත් උසාවියේදී ඇරැඹි අවස්ථාවේ දී ගැමියන් වෙනුවෙන් පෙනී සිටි උපුල් ජයසූරිය මහතා ප්‍රමුඛ නීතීඥ කණ්ඩායම පැවසූයේ එදා අන දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළ යුතු යැයි ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් එම බ්‍රිගේඩියර්වරයා රටින් පිටවී යාමේ ඉඩකඩ වැළැක්විය යුතු බව කීවේය.
දැනටම ඔහු රටින් පිටවී ගොස් ඇත්දැයි නොදන්නා බව ද ඔහු පැවසීය.
යුද හමුදාව වැලිවේරියට කැඳවූයේ කවුදැයි ඔහු ප්‍රශ්න කළේය.
පොලිස් නිලධරයකු එවිට උසාවිය හමුවේ කියා සිටියේ ගම්පහ පොලිස් අධිකාරීගේ ඉල්ලීම අනුව හමුදාව කැඳවූ බවයි.
පොලිසියෙන් දෙදෙනකු ද, වැලිවේරිය ගැමියන්ගෙන් තිදෙනකු ද සාක්කි දීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.
නඩුවට රජයෙන් නීතීඥවරයකු පත් කළ පසුව උපුල් ජයසූරිය මහතා මතුකළ ප්‍රශ්නය පිළිබඳ තීරණයක් දෙන බව මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිවේරියේදී හමුදාව කැදෙව්වේ පොලිසිය කිව්වට මහජනයා එය පිළිගන්නේ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති පොලිසිය හදිසියේම වෙනම අමාත්‍යයංශයක් හැටියට පත්කිරීමත් අතර යම් සම්බන්ධතාවයක් තිබෙනවා කියලා මට හිතෙනවා (නි)
සම්පත් ඔය අහින්සකින්ට දොස් කියන්න එපා .ඔයාල වගේ එයාල පෝසත් නැහැ ,උන් අප දුක් විදිද්දී මහා එකාලා ඒ අයගේ ඡන්දෙ අරන් සුර සැප විදිනවා .උන්ගේ දුක අහන්නේ කව්ද .ඔයාල රට දිහා හොදට ඇස ඇරලා බලන්න (අ)
මේ සංගමයේ අභිමතාර්ථය අපට පැහැදිලියි.මේ ගැන මිනිස්සු දන්නවා.හමුදාව එදා එම ක්‍රියාමාර්ගය නොගත්තා නම් තාමත් නුවර පාර වහගෙන ඉන්නේ.. (නි)
අපේ ෆොන්සේකා මහතයව අත්අඩංගුවට ගතේ බොරු සුදී කොඩි කතාවකට , දෙනෝදාහක් බලාසිටියදී වෙඩි තැබීමට අණදුන් බවට සක කරන බ්‍රිගේදියර්ට තවම සිතාසියක් වත් යවාගන්න බැරිවෙලා තිබෙනවා , ෆොන්සේකා හමුදපති වෙලා ඉන්න කලේ හමුදාව මේ විධියට සිවිල් වැසියන් මැරුවේ නැහැ (අ)
උපුල් මහත්මයාණෙනි, අසරණ ජනතාව වෙනුවෙන් සාදාරණයක් ඉටු කිරීමට ඔබට ශක්තිය ලැබේවා! නුබලාගෙන් දිය බිදක් නොලැබ මින් මතු... මිය යන්නෙමි පිපාසිතව ... එය සැපතකි අපට... (නි)
අනිවාර්යෙන් මේ සිද්ධියට අර අණදුන් කෙනා උසාවි ගෙන ආ යුතුමයි .ඔහුගේ හා පිරිවරගෙ ක්‍රියාකලාප මාධ්‍ය වලින් අපි දුටුවා (නි)
කතා කරලා වැඩක් නැහැ. තව ටික දවසකින් මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
අවසානයේදී ඔවුන් විසින්ම වෙඩි තබාගෙන සිදු වුන මරණ බවට පත් නොවේවා කියා ප්‍රර්ථනා කරනවා. (ස)
අනේ මන්දා (නි)
අවසානයේ මේ සමහර පුද්ගලයන්ට මෑතදී හඳුනා ගත් රට වල තානාපතිකම් සහ තනතුරු වල උසස්වීම් නම් ප්‍රධානය නොවේවා! (නි)
අවසානයේ මේ සඳහා තවත් කන්ගට්ටෙක් ඉදිරිපත් කර මෙයට වගකිව යුත්තෝ ඇඟ බේරා නො ගනිත්වා ! හැමෝටම නීතිය සාධාරණව ඉටු වේවා ! (ස)
ගැමියනුත් දැඟලුවා වැඩියි. (ස)
ඇසිඩ් වතුර පෙවිලා තිබුණු නිසා තමයි ගැමියන් දැඟලුවේ. (ස)
තමන් වහන්සේට පිළිගත හැකි විසදුමක් ලැබුන නිසා උපවාස කල ස්වාමීන්වන්සේ උපවාසය අත්හල බව ප්‍රකාශ කලා..එම මොහොතේම තව පිරිසක් හමුදාවෙන් ගුටි කෑවා..දැන් මේ දෙගොල්ලොම එකම කැට්ටියක් ද ??? දෙකකක් ද??? (ස)
හමුදාව කැදවීමේ වරදක් නැත. පැමිණි කණ්ඩායම බාරව සිටි අය හැසිරුණු විදිය නම් අනුමත කළ නොහැක (නි).
සිගරට් මත්පැන් බොන අයට බෑ කියල කතාවක් තියෙනවනෙ .ඒක නිසා පොලිසියෙ අයට මේව තහනම් කෙරුව නම් ආමි එක ගෙන්වන්න ඕන වෙන්නෙ නෑනෙ (අ)
එදා අපි එජාප පාලනයෙන් වෙඩි කාලා පොලිසියට බැන්නා. අද වෙඩි කාලා හමුදාවට බනිනවා. (නි)
සම්පත්,මෝඩයෙක් වෙන්න එපා.ඔයාට ඔය තත්වය වුණා නම් ඔයත් කරන්නේ ඕකමයි.පිස්සෙක් වගේ අදහස් දාන්න එපා... (නි)
හමුදාවට වෙඩි තියන්න අණ දෙන්න ඇත්තේ කවුද දන්නෙ නැහැ (නි)
සම්පත් ඔයාලගේ ළිං වලටත් ඔහොම දෙයක් වුනා නම් කොහොමද?කට තිබුන පළියට කතා කරන්න එපා. ඔයාට ලබන ආත්මේ වතුර නැතිවේවී (නි)
වරුණ මහත්තයෝ, උද්ගොෂකයෝ හැසිරුණු විදියත් අපි දැක්කා.ඔය මහත්තය තාම සුප්පුව කටේ ගහ ගත්ත බබෙක් වුනාට අපි නම් බබ්බු නෙමෙයි. (නි)
බන්දුල තාමත් 'කඩේ යන' එක නවත්තලා නැහැ වගෙයි (නි)
වැලිවේරිය ජනතාවගේ යහපත සඳහා බන්දුල පෙරේරාට දැඩි දඩුවම් පමුණුවනු.(නදී)
නෑ පොලිසිය නෙවෙයි කැඳෙව්වෙ. බන්දුල පෙරේරා තමයි හමුදාව කැඳවලා තියෙන්නෙ. (ස)