වැලිවේරියට යුද හමුදාව කැඳවූයේ පොලිස්පති නියෝගයෙන් නොවන බවත්, වැලිවේරිය ගැටුම ඇතිවීමට දෙදිනකට පෙර රතුපස්වලට හමුදාව කැඳවූයේ පොලිස්පතිගේ ඉල්ලීම මත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.