ගම්පහ රතුපස්වල කම්හලකින් ළිං ජලයට ඇසිඩ් එකතු වෙතියි , පසුගිය අගෝස්තු 01 වැනිදා වැලිවේරියේදී මහජනයා හා යුද හමුදාව අතර ඇතිවු ගැටුමේදී වෙඩි තැබීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් අරඹා ඇති බවත් නීතීය ඉක්මවා ගිය අයට එරෙහිව ක්‍රියා කරන බවත් විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පිරීස් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේට අද(29) පැවසීය.
වෛරය හා ද්වේෂය පතුරුවන්නට එරෙහිව ක්‍රියා කිරිමට නීතී පනවන බව ඇමැති පැවසුයේ ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් පල්ලියේ සිද්ධිය ගැන පවසමිනි.
සියලුම ආගම්වල සාමාජිකයින් එක්වී එය විසඳාගත් නමුත් යටි කූට්ටු හා ලාබ අපේක්ෂා ඇත්තවුන් එය දෙගුණ තෙගුණ කළ බව ද ඇමැති කීවේය.
ශ්‍රී ලංකාවට එරෙහිව බොහෝ අස්ථාන චෝදනා නඟතියි කී ඇමැති යුද සමයේ උතුරේ ජනයා සා ගින්නෙන් තැබියැයි කියන කතාව එවැන්නකියි කීවේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බොහෝ රටවල් පුර්ව නිගමනවල සිටින බව කී ඇමැති එයින් කලකිරීමක් ඇති වන බවත් සඳහන් කළේය.
ත්‍රස්ත්‍රවාදය වැලැක්විමේ පනත 30 වසරක් තිස්සේ ශ්‍රි ලංකාවේ පැවති බවත් සංශෝධිත පනත පාවිච්චි කරනුයේ ආරක්ෂක පියවරක් වශයෙන් බවත් එයින් අනිසි ප්‍රයෝජනයක් නොගන්නා බවත් ඇමැති කීවේය.
පෙලීසිය අධිකරණ අමාතශ්‍යංයට නොපරවා නීතීය හා සාමය පිළිබඳ අමාත්‍යංශට පවරාගැනීම පිළිබඳව කොමසාරිස්වරිය විසින් කනස්සල්ල පළ කැර තිබිණි.
ඇගේ ස්ථාවරය මුලික වශයෙන් පිළිගත නොහැකියැයි අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් කියා සිටියේය.
2002 සිට2004 දක්වා කාලය හැරුණු ව්ට පොලීසිය දිගටම ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවැති බව පැවසු ඇමැති උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව නව අමාත්‍යංශ පිහිටවු බවද ඇයට පෙන්වා දුන්නේය.
දෙමළ ජාතික සංවිධානය ගැන සඳහන් කළ ඇමැති පැවසුයේ ඔවුන් එතෙර සිට ක්‍රියාකාරීවන බවයි.
ජනවාර්ගික ප්‍රශ්නය විසඳිම සඳහා වන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට සහභාගීවීමද ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළැයිද ඇමැති සඳහන් කළේය.
යුද්ධයෙන් පසු අධි ආරක්ෂිත කලාපය ඉවත් කැර හමුදා කඳවුරුවලට සීමා කළ ජාතික ආරක්ෂාව සැලැකිල්ලට ගනිමින් හමුදා හඳුනාගත් රජයේ ඉඩම්වල ස්ථානගත කිරීමේ හැකියාව සොයා බලන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් හමුදාවේ තමා. මෙවැනි දේවල් අනුමත කරන්නෙත් නැහැ. වැරදි කරපු අයව බේරන්නෙත් නැහැ (නි)
රතු පස්වල මිනිමරුවන්ව අල්ලන්න (දී)
බුදුන්ටත් දේවදත්තයා හිටිය එකේ වචන නාස්ති කරලා වැඩක් නෑ. 1971 මනම්පේරි ඝාතනයෙන් පසුව මේ වගේ හමුදා, පොලිස් වෙඩි තැබීමකින් වරදකරු වූ කෙනෙක් දන්නවනම් කව්රුහරි කියනවද. ඒ වගේම මෙවැනි සිද්දි වලට පත්කරපු කොමිසන් වල වාර්තා වලටත් මොකද උනේ? (දී)
මට අනුවනම් බන්දුල පෙරේරා යනු දක්ෂයෙකි. ඔහු සැමගේම අවධානය වෙනතකට යැවීමට සමත්ය. පවතින රජයට නොරැවටී ඉන්නටනම් මුලින් අඩුම තරමේ බන්දුල වැන්නවුන්ටවත් නොරැවටී සිටිය යුතු ය. (දී)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
වැරදි කරුවන්ට උපරිම දඩුවම් ලබා දෙන්න (දී)
වැරදි කරපු අය රටින් පිට කරලත් අවසන් (අ)
මෙයාගේ පැමිණීම එච්චර වැදගත් නැහැ කියලනේ කිව්වේ.මෙච්චර යටහත් පහත් විදිහට උත්තර දෙන්නේ ඇයි? (අ)
හමුදාව එදා ගත් ක්‍රියාමාර්ගය රටේ බහුතරය අනුමත කරනවා.වැරදි තැනක ඉදලා වැරදි දෙයකට අනුබල දුන්නා හෝ වැරදි දේ ඍජුවම කළා නම් වැරදි ප්‍රතිපල ලැබෙනවා. මේ මරණ තුනට හේතුව ඒක.මේ මරණ වලට හමුදාව වගකිව යුතු නැති බවයි මේ රටේ බහුතරයේ මතය... (නි)
බන්දුල කියන්නේ පොලවේ පය ගහල ඉන්න කෙනෙක් නෙවෙයි , එහෙම නැත්නම් මේ අදහස් දානකොට බන්දුල ඉඳගෙන ඉන්නේ තමන්ගේ මොලේ උඩ . ඒ නිසා කවරුත් තරහ ගන්න එපා. (දී)
අනේ බන්දුල, ඔයා පාසලකට නම් වැස්සකටවත් ගියේ නැහැ නේද... (නි)
බහුතර කියන්නේ,කී දෙනෙක්ද? මැරුණේ අහිංසකයෝ. එයාලගේ ගෙවල් පැත්තේ එහෙම ගිහින් ඔය කතාව කියන්න එපා.මටත් ඒ වගේ මල්ලි කෙනෙක් ඉන්නවා.ඒකයි මෙහෙම ලියන්නේ.කාටවත් රිද්දන්න නෙමෙයි. (නි)
අයියෝ වැලිවේරිය
බන්දුල පෙරේරා , ඔබ අවදි වෙන්නේ වෙනත් දිශාවකින් නේද ? (නි)
බන්දුල, රටේ බහුතරයගේ මතය ඒක කියලා ඔයා හරියටම කියන්නේ කොහොමද? මේක ගැන තවමත් විමර්ශනයක් සිද්ධ වෙනවා. (නි)
මේක නම් සිහිනයක්ද?නැත්නම්මායාවක්ද?එහෙමත් නැත්නම් අපට විහිළු කරනවද? මොකද "ඇමෙරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ". නේ (නි)
වැරදිකාරයෝ කවුද දැන්? (නි)
බන්දුල පෙරේරා,රටේ බහුතරය නම් දන්නවා එදා වැලිවේරියේ මොකද වුනේ කියලා.කොහොම වුනත් අපිට ඔබේ දෙමාපියන් මේ වෙලාවේ මතක් වෙනවා. (නි)
වෙඩි තියපු හමුදාවේ අය නෙමෙයි වැරදි. වෙඩි තියන්න කියපු අයයි (නි)
බන්දුල පෙරේරා මහතා අපේ රටට ආධුනිකයෙක් ද? නැත්නම් ඔහුගේ නිවහන අංගොඩ මානසික රෝහල වියයුතුයි (නි)
පිල්ලෙ නෝනත් ඉන්න එකේ පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න (නි)
බන්දුල හැමදාමත් උම්බෑ කියපු එක විතරයි කළේ (නි)
මට නම් හිතෙන්නේ ඔය බන්දුල ඉන්නේ ලංකාවේ නොවේ. (නි)
බන්දුලට හැමෝම බනිනවා (නි).
තමන් කළ වැරැද්ද තමා විසින් පිළිගන්නා අය දුර්ලභය.තමන් කළ වැරැද්දට තම ගෙල සිද ගනීවි කියා සිතන්නත් අමරුය.නමුත් සත්‍ය සදාකල් වසන් කිරීමට ද අපහසුය.වැරදි කරුවන්ට මරණ මංචකයේ දී හෝ වැරදි වලට දඬුවම් ලැබිය යුතුය. (නි)
බන්දුලගේ හැසිරීම අස්වාභාවිකයි. (නි)
බන්දුල, ඔහොම යන්න පුතා. සුභ අනාගතයක්!
බන්දුල කියලා නම දාලා තිබුන කෙනා අද මොනවද දන්නේ නැහැ කියන්න යන්නේ (නි)
බන්දුලට මේ හැමෝම බනිනවා (නි)
බන්දුල පෙරේරාත් සාමාන්‍ය පෙළ 6 පාස් කෙනෙක් වගෙයි මට පෙනෙන්නේ. ඔබට රට බහුතරය කියන්නේ මොකක්ද කියාවත් බුද්ධියක් නැහැ. (නි)
බන්දුල මහත්තයෝ, රටේ බහුතරය ගැන කියන්න සමීක්ෂණයක් කළාද? රටේ බහුතරය නෙමෙයි, ඕනෑ නම් බලන්න ලංකාදීපේ කියවන බහුතරයත් මේ ක්‍රියාවට විරුද්ධයි (නි)
බන්දුල, ඔයාගේ දෙමවුපියන් පවු (නි)
බන්දුල, ඡන්දේ ඉල්ලන්න ඔයා. අනිවාර්යෙන්ම ඔයා වගේ අය තමයි පාලනයට සුදුසු. (නි)
බන්දුලගේ මොලේ පරික්ෂා කරානම් හොදි වගේ. (අ)
බන්දුලගේ මොලේ පරික්ෂාකරානම් හොදි වගේ. (අ)
මම හිතුවේ දෙවියෝ දඬුවම් කරනකම් බලාගෙන ඉන්නවා කියලා (නි)
බන්දුල පෙරේරාට විරුද්ධව අදහස් දාලා තියෙන වැකි කියාපාන්නේ ඒ අයගෙම නිහිනකම මිස අන් කවරක්ද..? (නි)
බන්දුල අපේ ලේ කෝප කරවන්න එපා (අ)
රටේ බහුතරයේ මතය කියන්නේ මේ කොමෙන්ට්ස් දාන පුද්ගලික රෝස බස් එකක් පුරවන්නවත් මදි. මිනී කාක්කන්ගේ මතය නෙමෙයි මැරුණු කිසිවෙක් අහිංසකයෝ කියල මම පිළිගන්නේ නැහැ..හරියට ඡන්දෙ පැරදුන දේශපාලකයෝ කියන හොර ඡන්ද කතාව වගේ තමයි මේ අහිංසක කතාවත්. වැඩේ වැර දුනාම ඔක්කොම අහිංසකයෝ.ඔය 16/17 වයස් පහු කරලා තමයි අපි මේ වයසට ඇවිත් ඉන්නේ. හමුදාව දඩු කදේ ගහනවා නම් මේ සිදුවීමට මග පාදපු , මිනිස්සු මෙහෙයවල පාරවල් අවහිර කරපු සාමාන්‍ය ජන ජීවිතයට බාදා කරපු අයව මුලින් දඩු කදේ ගහන්න ඕනා. උන් ඒ දේ නොකලානම් හමුදාව එතනට එන්නේ නැහැනේ.(නදී)
බන්දුල ඔය තනිවෙලා කියල තේරෙන්නේ නැද්ද ? (අ)
ඇමති කියන්නේ එකක් බන්දුල කියන්නේ තව එකක්
බන්දුල පෙරේරා අගක් මුකක් නැති කෙනෙක් වගේ ,ඇත්ත වහන්න එපා,පිල්ලේ ට ආණ්ඩුව තියන බය පේනවා නේද (අ)
මුල්ම දඩුවම දිය යුත්තේ මිනිසුන් රැවටු අයටයි (නි)
දඩුවම් කරන්න වැරදි කරුවෝ වෙන්න එපාය. වැරදි කරුවෝ වෙන්න කව්ද අද වෙනකොටත් එක සැක කරුවෙක්වත් අත්අඩංගුවට අරගෙන නැතුව ? මේවා පිල්ලෙටම කියන්න. වෛරය හා ද්වේෂය පතුරුවන්නට ඩිෆෙන්ඩර් වලින් ආරක්ෂාව දෙන්නේ අපිද ? ත්‍රස්ත්‍රවාදය වැලැක්විමේ පනත 30 වසරක් තිස්සේ ශ්‍රි ලංකාවේ පැවති බවත් සංශෝධිත පනත පාවිච්චි කරනුයේ ආරක්ෂක පියවරක් වශයෙන් බවත් එයින් අනිසි ප්‍රයෝජනයක් නොගන්නා බවත් කිව්වට, වතුර ඉල්ලිවත් වෙඩි තියන්නේ මොන පනත යටතේද ?(දී)
ඇත්තම ඇත්ත (නි)
දඩුවම් කරන්න වැරදි කරුවෝ වෙන්න එපාය. වැරදි කරුවෝ වෙන්න කව්ද අද වෙනකොටත් එක සැක කරුවෙක්වත් අත්අඩංගුවට අරගෙන නැතුව ? මේවා පිල්ලෙටම කියන්න. වෛරය හා ද්වේෂය පතුරුවන්නට ඩිෆෙන්ඩර් වලින් ආරක්ෂාව දෙන්නේ අපිද ? ත්‍රස්ත්‍රවාදය වැලැක්විමේ පනත 30 වසරක් තිස්සේ ශ්‍රි ලංකාවේ පැවති බවත් සංශෝධිත පනත පාවිච්චි කරනුයේ ආරක්ෂක පියවරක් වශයෙන් බවත් එයින් අනිසි ප්‍රයෝජනයක් නොගන්නා බවත් කිව්වට, වතුර ඉල්ලිවත් වෙඩි තියන්නේ මොන පනත යටතේද ?(දී)
හිතුමතේ බදු වැඩිකරන එක ගැන පිල්ලේ මැඩම්ට මොකුත් කරන්න බැරිද? (නි).
බන්දුලලා වගේ සම හරක් ඉන්නවා, කකුල් හතරක් නොතිබුනාට උම්බෑ කියාගත්තු ගමන් (නි)
මේ වෙඩි තියපු මිනිස්සුන්ට දඩුවම් ලැබේවි ස්වභාව ධර්මයෙන් (දී)
හමුදාව දඩුකදේ ගහනවා නම් මේ උද්ගෝෂණය මෙහෙයවපු අය, පාරවල් හරස් කරන්න මිනිස්සු පොලඹවපු අය මුලින්ම දඩු කදේ ගහන්න ඕනෑ. (නි)
පළමුවෙන්ම බන්දුල පෙරේරා යන පුද්ගලයාගේ සටහන මගේ හදවත රිදවීමට හේතු වූ බව ප්‍රකාශ කරමි. දයාබර ලංකාදීප පාටකය, මනුස්ස ආත්මයක් ලබා මෙලොව ඉපදුන අපට බන්දුල පෙරේරා සිතන සේ සිතීමට හැකිද (නි)
බන්දුල දාන දේවල් වලට ළග හිටියා නම් දන්නා කෙනෙක් නම් දන්නවා කරන වැඩේ. (නි)
බන්දුල වගේ කෙනෙක් මම මගේ ජීවිතීටම දැකල නැහැ.මොන නැකතක ඉපදුන කෙනෙක්ද මන්දා (දී)
හොද වැඩක් ඇත්තමයි සාධාරණයක් වෙයි කියලා බල බල උන්නේ (දී)
හැමෝම අහනවා මට දරුවන් නැද්ද කියලා.මට දරුවන් නැත.රටට හෙන ගැහුවත් මට කම් නැත.රට විකුනම් කෑවත් මට කම් නැත.දීසපාලුවන්ට කඩේ ගිහින් කීයක් හරි හොයා ගෙන එදා වේල කාලා ජීවත් වෙනවා. (ස)
ඇත්තටම බන්දුල පෙරේරා කියලා මානසික ලෙඩාව පිස්සන් කොටුවට අරන් යන්න කෙනෙක් ඇත්තෙම නැද්ද? (ස)
බන්දුල පෙරේරා වගේ අය අඳුනා ගන්න බුද්ධ දේශනාවේ හොඳ උපමා කතාවක් තියෙනවා. පුද්ද්ගලයෙක් වසලයෙක් වෙන්නේ උපතින්වත් , කුලයෙන්වත් නොව තමන්ගේ ක්‍රියාකාරකම් අනුව කියලා (නි)
පිල්ලේ නෝනාට හරි ජොලි ඇති.මොකද ඔය ඇත්ති, ඇමෙරිකාව, එංගලන්තේ වගේ රටවලට ගියා නම් ඔය ගරු සරු සැලකිලි ලැබෙන්නේ නැ. (ස)
බන්දුල පෙරේරාට කකුල් කීයද? (නි)
බන්දුල පෙරේරට දඩුවම් කරන බවට ඇමතිතුමා පිල්ලෙට දැනටමත් පොරොන්දු වෙලා. (ස)
බන්දුල පෙරේරාගේ බහුතරය කියන්නේ කොහොම අයද දන්නෙ නැහැ (නි)
ලංකාවේදී, වැරදි කළහම, වැරදිකරුවන්ට දඩුවම් ලැබෙන්නේ බොහොම කලාතුරකින්නේ. (නි)
බන්දුල, ඔබතුමාගේ මෑණියන් පව්! (නි)
අපිට ජයවේවා! (නි)
කාටද දැන් දඬුවම් කරන්නේ? (නි)
බන්දුල පෙරේරාට බනින උදවිය පෙන්නන්නේ තම නිරුවතම මිස අන් කවරක්ද..? (නි)
මං නම් හිතන්නෙ බන්දුල පෙරෙරා කියන්නෙ ප්‍රේක්ෂකයන්ට පොඩි විනෝදයක් දෙන්න ආපු චරිතයක් (නි)
බන්දුල හරිම ජනප්‍රියයි නේ. පේනවා නේද මේ වගේ අය තමයි ජනප්‍රිය වෙලා ඔය ලොකු පුටු වලට යන්නේ . බන්දුල පව්ව්ව්ව්ව් (ස)
බන්දුල පෙරේරා කියල අදහස් දාලා තියෙන්නේ කවුද? ඔහුගේ පවුලේ කෙනෙකුට වෙඩි වැදුනා නම් තමයි එයාගේ මොලේට දැනෙන්නේ. (නි)