වැලිවේරිය නගරයේදී පාසල් සිසුවකු වෙඩි වැදී මියයම සහ තවත් 30 දෙනකුට පමණ තුවාල වීම ගැන පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පති අනින් කොළඹ අපරාධ කොට්ටාසයට පවරා ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට පුද්ගලයන් පනස් දෙනකුට අධික පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඒ පිරිස අතර රෝහල් ගතව සිටින තුවාල කරුවන් සහ මාධ්‍යවේදීන් ද සිටින බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා! මේ අපේ හමුදාවමද? (නි)
මේ අදහස් දුටු විට පෙනෙන්නේ පොලිසිය , හමුදාව ගැන මිනිසුන්ට විශ්වාසයක් නැතිබවයි. බලනකොට රටට අනවශ්‍ය, විදේශ පරීක්ෂණ වලට ඇතුලට එන්න පාර කපන්නේත් අපිමයි (නි)
ජනාධිපති කොමිසමක් දාමු. (දී)
ඉබේ වෙඩි වැදිලා .. ඉබේ තුවාල වෙලා ...... (දී)
මහා භයානක තත්වයක් රට තුල ගොඩ නැගෙමින් තිබෙනවා (නි)
විලි ලැජ්ජාවක් නොමැති නම් නැවතත් සියල්ල අමතක කර ඡන්දයේදී යහපත් ප්‍රතිචාරයක් දක්වන්න. (නි)
පාරවල් වහලා නීතිය අතට ගත්තා මිනිස්සු. එවන් අය වෙනුවෙන් මොන පරීක්ෂණද? (නි)
ජනමාධ්‍යවේදීන්ට හිරිහැර කර ලෝකයට තොරතුරු වසන් කර නිරායුධ ජනයාට හිරිහැර කරනවා නම්,ජනයාගේ ජීවිත ආරක්ෂා කරදීම සදහා යම් සංවිධානයට හෝ මැදිහත්වීමට නිල අයිතියක් ඇත (නි)
දැන් තේරෙනවා අපිට ඇත්ත (නි)
වැලිවේරිය පැත්තෙන් ආරංචි අඩු වුණේ මොකද එකපාරටම? (නි)
ඔය පරීක්ෂණ ගැන විස්වාස කරන මෝඩයෝ ලංකාවේ තවම ඉන්නවා මයේ හිතේ.(ස)
මේවා කියන්න ඕනේ තණ කොළ සතුන්ට. නමුත් ඒ සතාටවත් නිග්‍රහ කරන්න හොද නැහැ. (ස)
වැලිවේරියේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ අපක්ෂපාති නිවැරදි තීන්දුවක් විය යුතූබව අවධාරණය කරමි. ලක්වැසි ජනතාවෙග් විශ්වසනීයත්වය තහවුරු විය යුතූය. නීතිය ක්‍රීයාත්මක කිරිම පිළීබදව ජනතාව අවධියෙන් සිටියි. (ස)
වැලිවේරියේ ත්‍රස්තවාදීන්ගෙන් නුවර කොළඹ මාර්ගය බලුම්මහරදී මුදාගත් වීරෝදාර රණවිරුවන්ට සෙත්පතා මහා බෝධිපුජා පින්කමක් පැවැත් වේ .පින් කැමැත්තෝ සහභාගි වෙත්වා !!!! (ස)
මෙන්න නූතන උපදෙස් අනුව වෙච්ච තවත් අපරධයක්. (ස)
වැලිවේරියෙ වතුර බොන මිනිස්සු වෙඩි තියාගෙනගෙන කියල පරීක්ෂණ වාර්තාවෙ නිගමය නිකුත් කරයි. ආයි වරදින්නෙ නැ. (ස)
අපි හැම දෙයක්ම ඉක්මනින් අමතක කරනවා. හෙට අනිද්දා අලුත් දෙයක් සිද්ද උනාම මේක අමතකයි. පරීක්ෂණත් අමතකයි. චන්දයක් අවම උදෙන්ම ගිහිල්ල මේ ගහපු මරපු උදවියටම චන්දෙත් දෙවි. එවන් තත්වයකට අපි පත් වෙලා. (ස)
වැඩක් වේවිදැයි මට සැකයි (නි)
හොරාගේ අම්මගෙන් පේන අහන කෙනෙකුට මොනවද ලැබෙන්නේ. (ස)
ආඳා යවා වළපත ගත්තා සේ ආත්තෝපදේශය අපි දනිමු. (ස)
මේ පාලනයෙන් රට බේරා ගනිමු.(ස)
මම හිතන්නේ නීලම්බරී අදහස නම් නරක නැ. නමුත් ඕක ලංකාවේ වෙන්නේ නැ. ලංකාවේ ගොඩක් ඉන්නේ කල්පනාවක් නැති උදවියි. ඔහොම කියන ඕනෑම බොරුවක් මහා ඉහලින් පිලිගන්නවා. රටේ අවාසනාව හිතන්න බැරි ජනතාවක් ඉන්න එක. (ස)
ඕනෑම අසාදාරනයක් විඳ දරා ගැනීමට පමණක් සිදුවනු ඇත. පුදුමය නම් සියලුම පක්ෂ වලට ගැති මිනිසුන්ට බලපාන ප්‍රශ්නයක් වුවත්, කිසිදු ලැජ්ජාවක් නොමැතිව සාධාරණීකරණය කිරීමට ඇතැමුන්ට අදහස් පහල වීමයි. (ස)
මේවට තමයි කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා. වෙඩි තියන්න කියපු අයම පරීක්ෂණ කරනවා. (ස)
මේ මිනිස්සු ඒ අයම නොදැන දේශපාලනේට ආවඩලා ජීවිතයකුත් නැති කරගත් එකනම් හරිම කණගාටුවක්. දැන් ඔය මැරුණු සහෝදරයාගේ මිනියත් සමහරු විකුණගෙන කන්න හදයි (නි)
මත්තල කුරුල්ලෝ වතුර බොනවට මරනවා. කොළඹ මින්ස්සු වතුර ඉල්ලුවහම වෙඩි තියල මරනවා. " මීට වැඩ හොදයි.............. අනේ මගේ කට......... " (ස)
යුධ අපරාධ චෝදනා නගන අයට ඒවා තහවුරු කරගන්න හොද අවස්ථාවක් හදලා දීලා වගෙයි. 1. විශ්‍රාම වැටුප. 2. හලාවත ධීවර උද්ඝෝෂණය (තෙල් මිල). 3. බොන්නට වතුර ඉල්ලීම. 4.??????. (නි)
අපිව බේරගනීමට දැන් කිසිවෙක් නොමැත (ස)
අචිනි, මේ ළමයා කොටි ඩයස් පොරවේ හරි ජාතියන්තර බළල් හස්තයක රූකඩයක් ද දන්නේ නෑ. ලංකාවට අපහස කරන්න එවපු (අ)
ජාත්‍යන්ත කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්. (අ)
අනේ හැබෑට, අර දේශප්‍රේමී අහවල් පාට නායකයා සහ බෞද්ධ රාජ්‍යයක් වු දේශය කියලා හිතන උදවිය මේ ගැන හාන්කවිසියක්වත් දන්නේ නැතුව ඇති. (නි)
දිසානායක, ජනමාධ්‍යවේදීන්ට හිරිහැර කර ලෝකයට තොරතුරු වසන් කර නිරායුධ ජනයාට හිරිහැර කරනවා නම්,ජනයාගේ ජීවිත ආරක්ෂා කරදීම සදහා යම් සංවිධානයට හෝ මැදිහත්වීමට නිල අයිතියක් ඇත (අ)
පරීක්ෂණ කළාම මැරුණු කොල්ලට සාධාරණය ඉටු වෙනවාද ? (ස)
රත්තරන් කඩු හොරකම,වස චොන්ටිනර් දෙක ගැන කරපු පරීක්ෂණ අපිට මතකයි. දැන් අර දුරතකන ඇමතුම් ලක්ෂ 5 හොයලා අවසානද? (නි)
වතුර ටිකක් වෙනුවෙන් කරපු උද්ඝෝෂණයට මිනිස්සු මරන්නේ මොකටද ? (අ)
බලපුවම ආණ්ඩුව හොදටම බංකොලොත්. හමුදාව (ස)
නීතිය සර්ව සාදාරනව පවතින රටවල නම්.......කිසිදු වියාපාරයක් ,කර්මාන්තශාලාවක් ආරම්බ කරනවානම් එම පෙදෙසේ ජීවත් වන ජනයාගෙන් කැමැත්ත අකමැත්ත පළමුවෙන්ම නගර සභාව විමසා බලනවා. එහෙම විමසීමක් සිදුකරන්නේ එමගින් පළාතේ ජන ජීවිතයට, පරිසරයට, සවුක්කියට හානියක් සිදුනොවීම සඳහාය ....ජනතාව කියා සිටියහොත් එම ඉදිකිරීම් වලට ඔවුන් විරුද්ධය කියා ...නගර සභාව ජනතාවට කන් දී එම ඉදිකිරීම් වලට අනුමෙතිය දෙන්නේ නෙහෙ......ප්‍රතිචාර ලියන ලංකාවේ සම-හරක් ට ලෝකයේ පවතින ශිෂ්ට සම්පන්න ක්‍රියාවලියන් දන්නේ නැහැ. එම නිසෛ මේ වතුර ප්‍රශ්නයට උද්ගෝෂණය කල මිනිසුන්ට පහර දුන් එක සාදාරනය කියන්නේ.... සොභාදහමට ,පරිසරයට එරෙහි වීමට මොලයක් සහිත මානවයාට පුළුවන ....නමුත් එසේ කිරීමේදී මතු කවදා හෝ දිනක සොභාදහම විසින් මිනිසාට දෙන දඬුවම වෙලෙක්වීමට මිනිස් මොලයට නොහෙකිමය ...................... (ස)
පරික්ෂණ , හිනා යනවා ඕයි මේවා අහල මෙහෙමත් රටක නේ අපි ඡිවත්වෙන්නේ (ස)
ඔක්කොම ඉවසුහෑකි අර පෑන්ශන් ගිහිල්ලත් ගෙදර නොයා පොලිසිය අස්සට රිංගගෙන ඉන්න කොළඹ පොලිස් ලොක්ක කියපු ගොන් කතා ටික තමයි මට ඉවසන්න බෑරි (ස)
ඔහොම දෙයක් උන බව අපේ මිනිස්සුන්ට චන්දෙට කතිරේ ගහද්දි මතක නැතිව යනවා .
ලංකාවේ නැවත ත්‍රස්තවාදය හිස ඔසවීමේ පෙරනිමිති,,,,,, (ස)
රටේ ලොක්කෝ ලෝකෙට දන් දෙනවා සල්ලි පිරිසිදු වතුර බොන්න.තමන්ගේ රටේ මිනිස්සු මරනවා පිරිසිදු වතුර ඉල්ලපුවම. (ස)
එක අතකට ජාත්‍යන්තරය මානව හිමිකම් පරීක්ෂණ පැවැත්වීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ , අර වෙඩි වැදිලා මියගිය පාසල් සිසුවා ගැන අපේ වගකිවයුතු එකම කෙනෙක්වත් අඩුම තරමේ කණගාටුවවත් ප්‍රකාශ කළේ නැහැ (නි)
හමුදාවට ගහපු කාලයකුත් තිබුණා. නැවත ඒ වගේ යුගයක් ආරම්බ කරන්න එපා කියලා අපි ඉල්ලනවා (නි)
රතුපස්වල ජනතාවනි, නැවත වරක් මේ අයටම ඔබේ ජන්දය දෙන්න. (නි)
අපිට මේ ගැන ලියන්න දෙයක් හිතෙන්නෙ නැහැ (නි)
මේකට තමයි කියන්න ලෝකෙට පරකාසේ,ගෙදරට මරගාතේ කියලා. ලෝකයේ අනෙක් රටවලට මුදල් දෙන්න කලින් අපේ රටේ ප්‍රශ්න විසදාගත යුතුයි (නි)
අනේ පුතේ, අපිට මෙහෙම කරන්න එපා. අපි නුඹලට බෝධි පූජා තියලා සෙත් පැතුවේ (නි)
මේක තවත් "කන්ගට්ටා සහ රජ කඩු සොරකම" සමාන නාටකයක්..තිර රචකයාට මේ පිලිබඳ මනා පළපුරුද්දක් ඇත.මෙහි අවසානයේ කතාවේ ප්‍රධාන චරිතය සති දෙක තුනකට සිරගත වේ.මාධ්‍යට ද ඔහු ප්‍රකාශයක් ලබා දීමෙන් කතාව නිමා වේ.ප්‍රේක්ෂකයාට සියල්ල අමතක වීමට කල් මැරීම මෙහි විශේෂත්වයකි. (ස)
පරීක්ෂණ ප්‍රතිපල ඡන්දයෙන් පසුවද ලැබෙන්නේ? (නි)
මේ ළමයා කොටි ඩයස් පොරවේ හරි ජාතියන්තර බළල් හස්තයක රූකඩයක් ද දන්නේ නෑ. ලංකාවට අපහස කරන්න එවපු
මේ දේවල් වලින් වෙන්නේ අපේ හමුදාවට විරුද්දව පරීක්ෂණ ඉල්ලන අයට ඒවා ඔප්පුකරන්න තවත් සාක්කි එකතු වෙන එක තමා. යුද්ධයක් නැති සාමකාමී කාලයකදී නිරායුධ උද්ගෝෂණයකදී මිනිසුන්ට සළකන්නේ මෙහෙමද? (නි)
දේශප්‍රේමි රණවිරුවෝ
පරීක්ෂණ අවසන් වුණහම කියයිද දන්නෙ නැහැ මේ ළමයා මැරුණේ එයාටම වෙඩි තියාගෙන කියලා. ඒකනේ ලංකාවේ ආශ්චර්යය. (නි)
අන්තිමේදී කියයි මැරිච්ච පාසල් සිසුවා තමා වෙඩි තියල තියෙන්නේ කියලා. (ස)
අපේ ඡන්දෙ ආපසු අපට දෙන්න අපිටම ලැජ්ජයි දැන් (නි)
88-89 කාලෙ අපි ඇස් වලින් දැක්කා පාරවල් අයින් වල අහිංසක කොල්ලෝ මරලා දාලා පීච්චෙන හැටි. එදා මහින්ද රාජපක්ශ මානවහිතවාදී ජනතා නායකයා ඇට කෑලි අරන් ජිනීවා ගියා. ඊට කලින් 1987 දි අපේ අය එයාලටම වැල නොකැඩී බෝධි පූජා තියලයි එහෙම මැරුම් කෑවේ. ඒක නිසා හමුදාවෙන්, පොලීසියෙන් අනුකම්පාව බලපොරොත්තු වෙන්න එපා කවදාවත්. මෙය අවසන් සිදුවීම කියලා හිතන්නත් එපා. ලස්සන වැඩේ කියන්නේ එදා ඇට කෑලි උස්සගෙන ජිනීවා ගිය ජනතා නායකයා අද රටේ ජනාධිපති. ඔහුගේ මල්ලි තමයි මේ ආරක්ශක ලේකම්. එහෙම වෙලත් මෙහෙම වෙනවා නම් මෙයාලව විස්වාස කරන්න පුලුවන්ද තව දුරටත් ??? (ස)
කවුරු මොනව කීවත් ඔය පරීක්ෂණය හරිම සාධාරනවිදියට පොලීසියෙන් කරයි. ආණ්ඩුවෙන් රතුපස්වල මර්දනය කරපු එක ලොකු දෙයක්
වෙඩි තියන්නෙත් ඒ අය පරීක්ෂණ කරන්නෙත් ඒ අය
බයිල වලට රැවටෙන්ඩ එපා. (ස)
අලුත් හමුදාපති තුමා පත් උනගමන්ම අතේ ලේ ගාව ගත්ත නේද ? වතුර ඉල්ලු වරදට ලේ වලින් උතර දීල ? (ස)
අසරණ මිනිසුන් මියගියාට පස්සේ දැන් මොන පරීක්ෂණද? (නි)
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ (නි)
මොන දේ සිද්ධ වුණත් 'අපිට මොකෝ' කියලා හිතන කට්ටියකුත් ඉන්නවා (නි)
අනේ ඔන්න ඕක අල්ලලා දාන්න
පරීක්ෂණ පවත්වනවා,කමිටු පත් කරනවා කියන්නේ,කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන එක තමා. මේ දේවල් අමතක නොකර ඉගාව චන්දෙදි උපරිම බලය පාවිච්චි කරන්න තියෙන්නේ.
තව ගහන්නකෝ කතිර. ඔය පටන් ගත්තා විතරයි (නි)
අපිට අනෙක් හරිය හිතාගන්න පුළුවන් (නි)