වැලිවේරිය රතුපස්වල ඇතුළු ගම්මාන කිහිපයක ළිං ජලයේ ආම්ලිකතාව වැඩීවීම සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් නොලැබුණැයි කියමින් කොළඹ මහනුවර මාර්ගය සහ වැලිවේරිය බැලුම්මහර නව නුවර මාර්ගය අවහිර කරමින් පැවැත්වූ උද්ඝෝෂණයේදී යුද හමුදාව හා ගැමියන් අතර ඇතිවූ ගැටුමෙන් පසු වාහන ගමනාගමනය සඳහා වැලිවේරිය නගරය ඊයේ (2) දහවල් 11ට පමණ විවෘත විය.
ඒත් කඩ සාප්පු වැඩි හරියක් වසා දමා තිබිණි. මේස, පුටු, ටයර් හා වෙනත් දේ පාරට දසමා පුළුස්සා තිබිණි. පොලිසිය ඒවා ඉවත් කළේය. මහජනයාද තැන තැන රැස්වී සිටියහ. වැඩිම පිරිසක් රැඳී සිටියේ වැලිවේරිය ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානයේය.
එහි වස් පස දෙව් මැදුර අබියස ස්තෝප්පුවේ ද, බිත්තිවල ද වහලේ ද තැනින් තැන සිදුරු සැදී තිබිණු අතර තැනිත් තැන ලේ පැල්ලම් ද තිබිණි. පොලිස් සොකෝ නිලධාරීහු එම ස්ථානවලට ගොස් පතුරම් වැටී තිබූ ස්ථාන, ලේ පැල්ලම් තිබූ ස්ථාන අංක යොදා ලකුණු කර ඡායාරූප ගත්හ.
දහවල් 11 වන තෙක් වැලිවේරිය නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් අවහිර කරමින් පොලිස් හා හමුදා කපොලු යොදා තිබිණි.
නගරයේ හමුදා වාහන, බෆල් රිය, ජල ප්‍රහාරක රථ, හමුදා ගිලන් රථ කිහිපයක් නතර කර තිබූ අතර අඩි දහයෙන් දොළහෙන් පාර දෙපස සන්නද්ධ සෙබළු වූහ.
උදේ 09 පමණ වන තෙක් නගරය සම්පූර්ණයෙන්ම පාළු වී ගොස් තිබිණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළු පොලිස් සහ හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (2) උදෑසන වැලිවේරිය පොලිස් ස්ථානයේදී පැවැත්විණි.
උදේ 10ට පමණ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා වැලිවේරිය නගරයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීය.
ඇතැම් කඩසාප්පුවලට හානි සිදුව තිබෙනු දක්නට ලැබුණි.
සිකුරාදා (2) අලුයම 2 පමණ වන විට නගරයේ යුද හමුදා සෙබළුන් 200ක් පමණ සිටි අතර නගරයට එන වාහන නවතා ‘කොහෙ ඉඳන්ද ආවේ? කොහෙටද යන්නේ?‘ ආදී ප්‍රශ්න අසා එම ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් පසු වාහනවලට යාමට ඉඩ ලබා දුන්නේය.
අලුයම දෙක පමණ වට විට යුද හමුදා සෙබළු 60ක් 70ක් පමණ වැලිවේරිය පොලිසිය භූමියේ නිදා සිටි අතර උසස් පොලිස් නිලධාරීහු විටින් විට වැලිවේරිය පොලිසියට ආහ.
පාර මැද ගිනි තබා සහ කඩා බිඳ දමා තිබූ දෑ රාත්‍රී කාලයේ හමුදා සෙබළුන් විසින් ඉවත් කරනු දැක ගත හැකි විය.
වැලිවේරිය දිවි නැගුම සති පෙලේ තිබූ වෙළඳ තට්ටු රැසක් කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා ගිණි තබා තිබිණි.
ගම්වාසීන් පැවසුවේ තමන් ඒවාට ගිනි නොතැබූ බවයි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉස්කෝලේ යන පොඩි ළමයෙක් පන්ති ගිහින් එනකොට නේද සිද්ධිය වෙලා තියෙන්නේ. (නි)
මේ වෙන සියල්ලටම වග කියන්න ඕනෑ වැඩි පිරිසක් ඉන්නවා. මේ අයව අල්ලලා උපරිම නිතිය ක්‍රියාත්මක කරන්න. (නි)
ඔබගේ මම අදහසට ගරුකරනවා එහෙත් ඔයකියන රණවිරුවන්ට. දොස්කියන්නේ කව්ද? (දී )
ඉල්ලුවේ පිරිසිදු පානිය ජලය. ලැබුණේ වෙඩි උණ්ඩ සහ පොලු පාර. මියගියේ අවරුදු 16 පාසල් සිසුවෙක්. අහෝ මෙවන් විපතක් යලි සිදු නොවේවා. (අ)
ඉල්ලුවේ වතුර දුන්නේ රුධිරය , (අ)
හැමදේටම විරුද්ධ වෙන දේශප්‍රේමියෝ නිදිද? (නි)
දැන් ලංකාවේ මිනිස්සුන්ට දෙයි යන්ගේ පිහිට පමණි (දී)
"අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්. එහෙම කරපු අපට ඇයි මෙහෙම ගහන්නේ.?" (ස)
රනිල්,වෝල්ටර්, දෙන්නටම දෙන්න තියෙන්නේ එකම පිළිතුර තමයි (නි)
මහා ලොකුවට උගන්ඩාවට සල්ලි දෙනවා පිරිසිඳු පානිය ජලය වෙනුවෙන් කියලා... මෙහෙ වතුර ඉල්ලන මිනිස්සුන්ව මරනවා... මේ කුහක මිනිස්සුන්ට හොඳක් වෙන්නේ නෑ...(ස)
පත්තරේක තිබුණා විසඳුමක් දුන්නට පස්සේ කඩාකප්පල් කාරයෙක් ඒ වැඩ කරද්දී මැරිලා කියලා. ඔය පතුරම් කොපු මහජනතාව ගෙනත් දාපු ඒවා වෙන්න ඇති.ලේ පල්ලම් කූඩැල්ලෝ කාල වැටිච්ච ඒවා වෙනද බැරිද? මේ මිනිස්සු හදන කතා? (ස)
අපේ මාමා ගැටුම් විසදන්න ලේසි ක්‍රමයක් හොයාගෙන (ස)
ජිනීවා වලට තව වාසිසහගත තුරුම්පුවක් (නි)
අනේ රනිල් එතකොට පල්ලියද මේක පටන් ගත්තේ .දැක්කේ නැද්ද හාමුදුරුවෝ නමක් උපවාසය කරනවා .හැමදේකටම ආගම ජාතිය ගාවගන්න එපා .වතුර ප්‍රශ්නය හැම මිනිසාටම පොදුයි නේද . (ස)
තමන්ගේ ප්‍රශ්න විසදාගන්න අනුන් අපහසුවට පත් කරන එක ආත්මාර්ථකමී ක්‍රියාවක්. මතක හිටින පාඩමක් උගන්නලා මේ රැල්ල නතර කරපු හමුදාවට රටේ අනෙකුත් සාමකාමී ජනතාවගේ උපහාරය! (නි)
රනිල්, මෙතන මෝඩයෙක් වගේ අදහස් දාන්න එපා (නි)
අපේ රණවිරුවන්ට සුභ පැතුම් අවම බලය යොදලා, වැලිවේරිය සාමාන්‍ය තත්ත්වයට පත්කරලා මේ බටහිර කුමන්ත්‍රණය පරාජයකලාට (ස)
මෙහෙමත් රටක්
රනිල් වගේ හැමෝම සිතුවොත් ආගම් සහජීවනයට මොනාද වෙන්නේ . (ස)
මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
ජාතියේ මුර දේවතාවන්ට අපි කරපු පින්කම් කොපමණද? (නි)
වැඩේ වරද්දාගෙන දැන් ගොඩක් කල් (අ)
" ඉස්සරහට උද්ගෝෂණ කලොත්, වෙන්නෙත් ඔය දෙයමයි' එකයි ආණ්ඩුවේ පණිවිඩය.හමුදාව ස්ව කෙමත්තෙන් මේවට එන්නේ නැත.
රතුපස්වල ආම්ලිකතාවය හමුදාවේ ප්‍රබල භාෂ්ම මගින් උදාසීන වූ වගයි! (අ)
කනගාටුයි
කවුරු ඔතනට ගියත් මොන දේ කළත් ඒ බිදුණු හිත් සුවපත් කරන්න දැන් බැහැ. පාරකට තාර ටිකක් දාගන්න, පාළමක් හදාගන්න වගේ ඉල්ලීම් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් උදේ ඉදන් රෑ වෙනකම් පාවිච්චි කරන වතුර ටිකට විසදුමක් හොයලා දෙන්න බැරි වුණා. (නි)
රටේ විනාසේ තමඊ, තව ටිකකලයි මිනිස්සු මරාගෙන මැරෙන්න පාරට බහිනවා සිවිල් යුද්දේ
හැකි ඉක්මනින් පෙළ ගැසී මේවා නවතා දමමු. අනතුර අත ළගයි. (නි)
බොලිවියාවේ කොචබම්බා නගරයේත් ඇතිවූ මේ වගේම අරගලයකදී අවුරුදු 17 ක පාසල් සිසුවෙක් හමුදා වෙඩි තැබීමෙන් මියගියා (නි)
අදහස් දක්වන රනිල්ලා වගේ මිනිස්සු තමා ප්‍රශ්න වැඩි කරන්නේ (නි)
අර අහවල්ලු නම් හරිම දක්ෂයි අවුස්සලා ඈත ඉදාගන බලාගෙන ඉන්න. ඒකනේ කිසිම ප්‍රශ්නයකට එලියට එන්නේ නැත්තේ . (නි)
ඕනෑ නම් මට බනින්න. හැබැයි හමුදාව කියන්නේ හමුදාවට. එල්.ටී.ටී .යි. එකට තිබ්බ තුවක්කුවෙන් තමයි පාසල් සිසුවාට තැබුවෙත්. කාටත් එකයි. (නි)
රනිල් වගේ අයගේ අදහස් හරිම ප්‍රාථමිකයි (නි)
ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ විරෝධය දක්වා විශ්‍රාම වැටුපත් අහිමි කරගත් මා අද එදා කළ මෝඩකම් ගැන කණගාටු වෙනවා. (නි)
තමුන්ගේ දරුවෙක්ට ඔහොම වුණා නම්......? නපුරු මිනිස්සු (නි)
ජනාපති තුමනි ඔබට මෙය නෙපෙනේද? ජනතාවනි අවදි වෙයව්! හෙට ඔබේ දරුවාට මේ දේ විය හැකියි.(නදී)
නීතිය දැඩිලෙස අර්බුදයකට ලක්වූ කාලයක්. (නි)
ජනතාව මේවා බලා ඉන්නවා පස්සේ සලකයි චන්දයක් ආවහම
"ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ .අපේ හමුදා වෙඩි තියන්නේ නෑ."
හමුදාව සාමාන්‍ය ජනතාවත් සමඟ පුද්ගලික තරහ නැහැ.බැරිම වෙලාවක පහර දෙන්න ඇති. මටත් එහෙම අනන්ත හිතිලා තියෙනවා! (නි)
අපේ අහිංසක මිනිස්සු මාරුව (අ)
හාරූන් අන්සාර්, ඔබ ඉතා පහත් සතුටක් ලබන බවක් පෙනෙනවා. (නි)
තව වසර කිහිපයකින් ඔය රණවිරුවන්වත් නිතිය හමුවට ගෙන්න පුළුවන්. රූකාන්ත, චන්ද්‍රලේක නඩුව වගේ. (අ)
තවත් සාඩම්බර වැඩක්. පිරිසිදු වතුර වෙනුවට මිනිස්සුන්ට බොන්න දුන්නේ රුධිරය. (නි)
ජනතාවට ඕනෑම අසාධාරනයක් විඳ දරා ගැනීම පමණක් සිදුවනු ඇත. පුදුමය නම් සියලුම පක්ෂ වලට ගැති මිනිසුන්ට බලපාන ප්‍රශ්නයක් වුවත්, කිසිදු ලැජ්ජාවක් නොමැතිව සාදාරණීකරණය කිරීමට ඇතැමුන්ට අදහස් පහළ වීමයි. (නි)
වෙනත් රට වල මෙහෙම වුණාම රටේ බලයේ ඉන්න නායකයෝ ගිහින් මොකද කියල සොයල බලනවා. අපේ රටේ එහෙම ගිහින් බලන පුරුද්දක් නැද්ද දන්නේ නැහැ. (අ)
ආගමික ස්ථාන මේවට අදාල කරගන්න එපා .... (නි)
මෙච්චර දෙයක් වෙලා තිබියදී කොහොමද මෙහෙම කියන්නේ? (නි)
අර අහවල් නම ගෑවෙන්නෙ කොතනද, එතන විනාශයක් (නි)
රනිල් වගේ බුද්ධිමත් මහත්තුරුන්ට තියන ප්‍රශ්නය පල්ලිය මිසක් මිනිස්සු දහස් ගානකට වතුර නැතිකමවත් ඒ අහිංසකයින්ගේ ජීවිත ගැනවත් නෙමෙයි. එතකොට ඔතන චීවරය දරාගෙන හිටියෙත් පල්ලියේ උදවියද දන්නේ නැහැ නේද රනිල් මහත්තයෝ? (නි)
හාරුන් අන්සාර් ,බොරු නොකියා ඉන්න.අපි දන්නවා ඕගොල්ලෝ තිබ්බ බෝධි පූජා ගැන.ඔබම කලින් පිටුවක අපිට ගස් ගල් පිළිම වදින ගල් යුගයේ උදවිය කියලනේ දාලා තිබුනේ.දැන් ඔබට කියන්න තියෙන්නේ මොනවද?සංවාදයට විවෘතයි. (නි)
ලුම්බිණි.., මේ රටවල් වල ඔය වගේ දේවල් වෙන්නේ නැහැ විශේෂ දෙයකට ප්‍රදාන පාරක් වැහුවත් ඉවර උන ගමන් වාහන වලට යන්න ඉක්මනින් පාර අරිනවා අනෙක තමයි,හමුදාව හදිසියකදී වෙඩි තියන්නේ උඩට ඉතින් අපේ රටේ මිනිස්සු නිකන් ජිවිත නැති කරගන්නේ කියල හිතෙනවා (අ)
අවුරුදු පහෙන් පහට සුද්ද දුන්න මැතිවරණ ක්‍රමේ තිබුනා නම් මෙච්චර අපරාධ සිද්ද වෙන්නේ නෑ.(අ)
රටේ ජනතාවගේ ඉවසිමෙහි සීමාව වැඩි ඈතක නොවෙයි (නි)
මින් මතුවත් පොඩිදේටත් පාරවල් වසා කරන උද්ගෝෂණ නතර වේවා! (නි)
මේ ඔක්කොටම කලින් අර විපක්ෂයේ ඉන්න රනිල්ව යවන්න ඕනේ
අපි බෝධි පුජා තියල හමුදාවේ අපේ කොල්ලන්ට ජිවිත ආරක්ෂාව පැතුවා. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? (නි)
නිතර ලියන චන්ද්‍රවතියි, බන්දුල පෙරේරායි දැන් මොකොද කියන්නේ.සද්දයක් නැහැ.එක් කෙනෙක් කිව්වා දේශපාලනේ සම්බන්ධයි කියලා.ඒ මිනිස්සු ඉල්ලුවේ වතුර ,රත්තරන්වත් රජකමවත් ඉල්ලුවේ නැහැ නේ. වතුර ඇසිඩ් වුනේ දේශපාලනේ කරලා නොවේ. (නි)
රටක නීතිය පාලනයට පොලිසිය ඉන්නවා. මෙම සිද්ධිය හරහා රටක සාමාන්‍ය නීතියේ හිමිකම මිනිසුන්ට අහිමි වුණා (නි)
මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු විරුද්ධ පක්ෂයේ අයෙක් වූවානම් මේවනවිට එම ඉස්ථානයේ දකින්නට ලැබෙන්නේ ගිනි ඇවිලී ගොස් සේෂවූ අළු දුවිලි හා නටබුන් පමණි .එපමණක් නොව එම කර්මාන්ත ශාලා ප්රිස්ශයේ පිහිටි කාර්යාලය තුල අසැබිය සී ඩී. හා ඒ ආශ්‍රිත උපකරණද සොයා ගත් බවත් නීති විරෝදී හා සමාජ විරෝධී ක්‍රියා එහි සිදුව ඇතිබව පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවත් ජන මදධ්‍ය තුලින් දන ගැනීමට ලැබෙනු ඇත . තවද ජලයට හා පරිසරයට සිදුවූ විනාසය වෙනුවෙන් කර්මාන්ත සලා හිමියන් විසින් විසාල වන්දියක් ගෙවීමට සිදුවෙන අතර නීතියෙන් දඩුවන් ලැබීමටද සිදුවෙනවා ඇත . (දී)
වැලිවේරිය දෙවරක් ලෙයින් පෙගී අහිංසක රුදිරය ගලා ගියේය. ඊට වගකිවයුතු අය තවමත් සුරසැප විදිති. එහෙත් කර්මය පටිසන් දීම කිසිවකුටත් වැළකිය නොහැක. මෙහි සත්‍ය නොදැන අදහස් දමන කිසිවකුටත් මෙවන් දුකක් නොවේවා. මෙම මානුෂීය ප්‍රශ්නය මරණයන් දක්වා යන තෙක් ඇස නොඇරුණු පාලකයන්ගේ මෙන්ම නමට පමණක් ඇති විපක්ෂයේද ඇස ඇරී ලංකාවේ කිසිවකුටත් මෙවන් ඉදිරියීදී මෙවන් විපතක් නොවේවා..
දැන් තමයි වැඩ පටන් ගත්තේ.මේ පාරත් ගහමු කතිරය (නි)
රවුම් තොප්පි දන අය පාරට අවහම ඔය මහත්තුරු හංගනවා නේද?
නැවත මෙවන් දේ නොවේවා
මමනම් අයෙමත් චන්දෙ දෙන්නේ නැහැ කාටවත්
ඔය වතුර ප්‍රශ්නය කලින්ම විසදුවානම් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ
ආශ්චර්යයට, සංවේදීකමට උඩ පැන පැන ඡන්දය දුන් අයට දෙවියන්ගේ පිහිටයි. (නි)
මේ ප්‍රශ්නය විසදන්න තිබ්බේ මේ විදිහට නොවෙයි
මේ ජාල ප්‍රශ්නයට කතෝලික දේවස්ථානය මැදහත් උනේ නැහැ. ගරුතර ස්වාමින් වහන්සේලා පමණක් සහබාගි වී ඇති බව පේනවා ප්‍රකෝප ලෙස අදහස් දක්වනවා දුටුවා අපි බෞද්ධ කම දෙශපාලනයට ගාව ගන්න නැතිව සිටිනවානම් හොඳයි. මෙම පිරිසගේ ඉල්ලීම ඉතා සාධාරන උනත් ආණ්ඩු පාක්ෂිකයන් කියන්නේ වෙනත් අදහසක් දේශපාලනයෙන් අන්ද වී ඇති ( තම වාසිය සඳහා ) සිංහල ජනයා ඉන් මුදවා ගැනීමට ස්වාමින් වහන්සේලාට නොහැකිය එම නිසා උන් පංචසීලයේ පිහිටුවීමටත් පාලක පක්ෂය ධාර්මික කිරීමටත් හැකිය. (අ)
මෙයට අදාල සමහර පුද්ගලයන්ට දේශපාල දේසපාලන දැනුම නැත. හමුදා දැනුම පමණක් ඇත.(නදී)
නෙතුමි වගේ අනවබෝධයෙන් වැඩ කරනහා රාජකාරි කරන අය ලංකාවේ ඉන්න නිසා තමා මේ වගේ වැඩ දිගින් දිගටම සිද්ධ වෙන්නේ. (නි)
ජය වේවා! (නි)
එදා මාවිල් ආරු අමුන මුදා ගෙන ජනතාවට ජලය ලබා දෙන්න වගේම යුද්ධය අවසන් කරන්නත් හැකියි වුනා
බැනලත් බැහැ නොබනත් බැහැ
රනිල් ,උද්ඝෝෂණයේ ඉදිරියෙන්ම හිටියේ හාමුදුරුවෝ. අසරණ මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වීම ආගමික නායකයන්ගේ වගකීමක්. කරුණාකරලා මෝඩ අදහස් දාන්න එපා. (නි)
අමිල ,ඔයාට මොනවා හිතුණත් අපිට කමක නැහැ. අපිටත් අරාබියට වුණ දේ නොවෙනවා නම් හොඳයි. රාජේශ් බලාපොරොත්තු වෙන ආශ්චර්ය සිදුවුණොත් ඔබට තමිල්නාඩුව තිබෙනවා, අපිට තිෙඉන්නේ ලංකාව විතරයි. මව් රටට විරුද්ධ වෙන ඕනෑම කෙනෙකුට ප්‍රතිචාර දිය යුතුයි. වෝල්ටර්ට මම සුබ පතනවා. (නි)
ඡන්දෙ කාලයට ඉහින් කනින් බේරෙන මානව හිතවාදය මේ වෙලාවල් වලදී මතක නැද්ද? (නි)
අසරණ මිනිස්සුන්ට වතුර වෙනුවට වෙඩි තිය ගත්තේ මිනිස්සුමයි කියයි දැන්,
බොහොම හොදයි (දී)
සාධාරණය ඉල්ලා කරන ඉල්ලීම් වලට අන්තිමට වෙන්නේ මෙයද? (නි)
පල්ලි තමයි මේවා අවුස්සන්නේ (ස)
මට නම් මතක් වෙන්නේ මේ පින්තුර දැක්කම පසුගිය කාලේ තිබුන උතුරේ යුදපිටිය. ගම්පහ වැලිවේරියට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ. අනේ පව් අසරණ ජනයා (නි)
ඔය නිසිබලදරිය කියාගත්තු කෙනා අපි ලියන ඒ වා කපා නො කොට ඒ වා සකස් කලට කම නැ මොකද සමහර වචන ඒ බාසාවෙන් ලිවිය යුතයි (දී)
ලංකා ඉතිහාසේ අහිංසකම ඉලීමක් කරපු මිනිස්සුන්ට තමයි මේ ලෙස පහර දුන්නේ.මේවගේ ප්‍රශ්න ජනතාව විසින් කියන්න ඕනනැහැ මේවා දේශපාලකයෝ කලයුතු දේවල් .නමුත් එහෙම දෙසපලකයෝ අද නැහැනේ අපට පෙනන දේ තමයි මෙච්චර සාදාරන ප්‍රශ්නයකදී රටේ සාමාන්‍ය ජනයට සලකන්නේ මෙහෙම නම් මේ රට අද අරන් යන්නේ කොහාටද කියල අපි හෙමෝම හිතන්න ඕන.පොලිසියත් මෙතැනදී වැරද්දක් කල .මෙහෙම සිවිල් ජනතාව පාරට බෙස්සම එක පාලනය කරගන්න බේරුවා හමුදාව කැදවපු එක පොලිසියේ උස්සස් නිලදාරීන් ලේජ්ජවෙන්න ඕන. ඒවගේම හමුදාවේ අයත් හිතන්න ඕන අපි මෙහෙම සාමාන්‍ය මිනිස්සුන්ට සලකන්න ඕනද කියල. අමතක කරන්න එපා රූකාන්ත ගුණතිලක සිද්දිය,තිරුකුනමලේ පාසල් ළමුන් පස්දෙනාගේ ඝාතන සිද්දිය නීතියෙන් නිසි පිළිතුරු ලේබෙවී.රට සහ තමන්ගේ රාජකාරි සිමාව ගෙන , රටේ තත්වය ගැ න නොසිතා කටයුතු කිරීම අදට ගෙලපුනත් අනාගතයේදී ඔබට දුක්වන්නට දවසක් එලබෙනු ඇත.
අනේ අපේ රටේ අනිත් අයත් ඇත්ත තේරුම් ගන්නකොට තව ජීවිත් කීයක් නම් බිලි දෙන්න වෙයිද? (නි)
වතුර ඉල්ලලා පාරට බැහැල ඔහොමනම් ආණ්ඩුව පෙරලන්න පාරට බැස්සොත්...සුබ අනාගතයක් ...
පවු අහිංසක මිනිස්සු! (නි)
අවුරුදු 30 ගණනක් ගිනි ගත් දේශය තවත් ගිනි තියන්න එපා .සමහරක් දේශපාලකයින්ට මේක හොද සිදුවීමක් තම පැවත්මට. (දී)
මෙච්චර දෙයක් වෙලා මිනිස් ජීවිතත් හානි වෙලා කොහොමද එහෙම කියන්නේ? (නි)
වතුර ඉල්ලුවම වෙඩි නම් කන්න ඉල්ලුවම ?
අන්තිමට 2013 අගෝස්තු 01 දින කළු අකුරෙන් ලියවෙන දිනයක් වේවිද දන්නෙ නැහැ. (නි)
මෝඩයෙක් වුණාට මෝඩ කතා කියන්න එපා රනිල්. මේ වගේ අය ඉන්නකන් මේ රට හදන්න බැහැ. (නි)
මිනිස්සුන්ගේ ඡන්දෙන් ඇවිල්ලා මේ දේවල් අනුමත කරන්න පුළුවන්ද? (නි)
වැලිවේරිය මුදවාගත් රණ විරුවනි, අපේ උත්තමාචාරය ඔබටයි. (නි)
මා දන්නා පරිදි හමුදාවට(රෙඩ් ඇලට් ) ආයුද පාවිචි කල නොහැක ,පොලිසියට ආයුද පාවිචි කල හැක්කේ තමන්ගේ ආරක්ෂාව සදහා පමණි ,(දුවන පුත්ගලයෙකුට වෙඩි තිබිය හැක්කේදණහිසෙන් පහලට පමණි,වාහනයකින් පලා යන්නේනම් වාහනයේ රෝද වලට පමණක් වෙඩි තැ බියාහැ ක ) එ හෙත් අද මේවා කියාත්මක නොවන නිසා මේවගේ දේවල් තව ඉදිරියේදී ඇති වෙන්න ඉඩ තියෙනෙවා
වැලිවේරිය පොලිසියට නුදුරෙන් උද්ගෝෂණය ආරම්භ වූ බව පුවත් වලින් පැවසෙනවා. කාලයකට පොල් තොරණක් යටින් අපිත් යනවා ඔය පැත්තේ, මේ සිදුවීම් මාලාවේ යටි පෙළ ක්‍රියාකාරිත්වය සොයා බලා තේරුම් ගත යුතු කාරණා මතුකරන හෝඩුවාවන් කිහිපයක් ඇතැම් අදහස්, කියුම් කෙරුම් හා පුවත් තුලිනුත් උපුටා දක්වන්න පුළුවන්. වතුර ප්‍රශ්නය මෙතෙක් ගැලු විදියට සැකයට තුඩු දෙන කාරණා බොහොමයි. (නි)
මේ විදියටද රණවිරුවෝ මෙහෙයුම් කරන්නේ? (නි)
නව හමුදාපතිට සුබපැතුම් හමුදා වට අවම බලය උගන්වන්න.(අ)
ආශ්චර්යය