රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශ වාසීන්ගේ විරෝධතාවයට වෙඩි තැබූ අවස්ථාවේ වැලිවේරිය කතෝලික දේවස්ථානයේ දී ද හමුදාවෙන් පහර දීමක් සිදුවී ඇති බව හා පහරදීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බව අනාවරණය වීයැයි රජයේ අධිනීතීඥ පද්මාල් වීරසිංහ මහතා අද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැනුම් දුන්නේය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥවරයා එලෙස දැනුම් දුන්නේ රතුපස්වල වෙඩි තැබීමෙන් තිදෙනකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබීමේ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.
වෙඩි තැබීමේ සිද්ධිය ගැන එවකට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසිය අද මහේස්ත්රාත්වරයාට දැනුම් දුන්නේය.
බස්නාහිර පළාත භාරව එවකට සිටි තමා මෙම ගැටළුව විසඳීමට උත්සාහ කළත් පළක් නොවූ බව ද, වැලිවේරියට යුද හමුදාව ගෙන්වූයේ කවුරුන්දැයි තමා නොදන්නා බව ද අනුර සේනානායක මහතා දැන්වීයැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සිදුවීමේ විමර්ශන රහස් පොලිසියට පැවරීමට පොලිස්පතිවරයාට සිදු වූයේ එළින් විමර්ශන පැවැත්වූ රහස් පොලිසිය හරි හැටි විමර්ශන සිදු නොකිරීම නිසා බව ද රජයේ අධිනීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉක්මණින් සොයාබලා නිසි පියවර ගන්න (නි)
අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)
වරදකරුවන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
මේ කතාව යහපාලන ආණ්ඩුව පිහිටවපු 2015 මුලදී කිව්වේ නැත්තේ ඇයි? එතන ඉඳන් අද වනතුරුත් භීෂණය තිබුනද? (නි)
එහෙම දෙයක් පල්ලියේ වුණානම් එතන හිටපු පියතුමා ඒ ගැන කතා කරන්නේ නැතිද? (බ)
සුනිල් පොඩි දරුවෙක් වගේ කතා කරන්නේ ඒ කාලයේ තිබුන භීෂණය ගැන නොදැන වගේනේ. විරුද්ධව කතා කළාද ගේ ඉස්සරහ සුදු වැන් එක ඇවිත් බලාගෙන හිටපු යුගය අමතක වුනාද? (බ)
නිරායුධ අසරණ මිනිසුන්ට "පට පට" ගාල වෙඩි තියන/බීපු මව් කිරි කටින් එන්න ගහපු ගැහිල්ල "යු ටිටුබ්" එකේ තියෙනවා. අමතක අයට බලන්න පුළුවනි. (බ)
නඩුව තව ආණ්ඩු දෙක තුනක් යනකල් ඇදෙයි. ඊට පස්සේ පැමිණිල්ලට අමතකත් වෙයි. සාක්කි පරස්පර වෙයි. අහක යයි.(ම)
දෙයියො ඒවෙලාවෙ උඩබලන් හිටියද බයේ පැනල දිව්වද (බ)
ඒ කාලේ කතාකිරීමේ යුගයත් තිබුනද? සුදු වෑන් නේද එන්නේ? (බ)
ලංකාවේ තිබෙන වෑන් 90% වඩා සුදු පාටයි. ඇයි ඉතින් සුදු වෑන් ගැනම කියන්නේ. කළු ඩිෆෙන්ඩර් කියලා ජාතියකුත් තියනවා නේද. රතු නිල් සහ කොළ පාට වාහන ගැන කතා නැත්තේ ඇයිද. (බ)
ජේසු ස්වාමි දරුවන්ට දිවි පුදන්නට වුයේ යුක්තිය වෙනුවෙන්.(ම)
රතුපස්වල එදා තිබුන ජල ගැටලුවට විසදුම් ලැබී ඇති අන්දම දන්නා කෙනෙක් යමක් කියන්නකෝ. (බ)
ඒ මිනිසුන්ට සාධාරණයක් ඉටු වියයුතුයි (නි)
එදා රතුපස්වල පුද්ගලකු හමුදා වෙඩි ප්‍රහාරයෙන් මියයාම හෙළාදකිනවා. නමුත් තවත් අලුත් මරණයක්? (ම)
රතුපස් වල පානීය ජලය පිරිසිදු බවට වාර්තාවක් පසුගිය අප්‍රේල් මාසයේ උසාවියට භාර දුන් බව එකල පුවත්පත් වල තිබුණා (ම)
රතුපස්වලදී තමන්ගේ අවශ්‍යතාවයක් වන ජල ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලපු උදවියට, පහුගිය ආණ්ඩුව සැළකුවේ උණ්ඩයෙන්. නිරායුධ සාමාන්‍ය වැසියන්ට එහෙම කෘර ලෙසින් සළකපු ඒ උදවියගේ අද කතාව බෝධිසත්වයින්ගේ වගේ. අනේ සාධු! ඒ අයගෙන් යැපුණු පරපෝෂිත සෙට් එක ඇරුනහම, වෙන කාටවත් කවදාවත් ඒ යුගය අමතක වෙන්නේ නැහැ. එදා එහෙම කියලා රටේ ජනතාව යහපාලනට ඡන්දෙ දුන්නෙ රට සුඛිතමුදිත වෙයි කියලයි. අහෝ දුකකි. වැටත් නියරත් ගොයම් කා නම්... කියන තත්වෙටයි, සුපිරි පාලකයින් පත්වෙලා ඉන්නේ. (නි)
දැන් ඕවා කතාකරලා වැඩක් නැහැ. (නි)
කඩේ ඕනෑතරම් බෝතල් වතුර තියෙද්දිත් වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරන්නෙ මොකද දන්නෙ නැහැ නේද? (නි)
මේ පොලිස් ලොකු මහත්තුරු වැරදි ගොඩක් කරලා වගේ (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ මහත්මයට මම කියපු දේ ටිකක් වැටහිලා මදි වගේ. මහත්තයෝ, භීෂණය නිසාම ඒ දවස් වල කවුරුත් කතා කළේ නැහැ නේද? (නි)
පොලිසිය හරිහැටි විමර්ශන පවත්වා නැද්ද? (නි)
ටිකිරි බණ්ඩා, පිටිගල, එදා ජල ගැටලුවට අද වෙනකොට පිළියම් ලැබිලා තියෙනවද? මෙතන සුදු වෑන් සුදු වෑන් කියලා කෑ ගහන අය 88 /89 කාලේ ඉපදිලා හිටියේ නැත්නම් වැඩිහිටි අයගෙන් ඒ කාලේ ගැන අහලා දැනගන්න. මේ මියගිය අය ගැන කෑගහන හැම දෙනාම ඒවාට වගකියන්න ඕනෑ. අහිංසකයන්ව විරෝධතා සඳහා පෙරට එවා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න තමයි හැමදෙනාටම ඕනෑ වුණේ (නි)