වැලිවේරිය රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් පැවැති උද්ඝෝෂණයේ දී යුද හමුදාව හා ගම්වාසීන් අතර අගෝස්තු පළමු වැනි දා ඇති වූ ගැටුමෙන් වෙඩි වැදී තුවාල ලැබූවන්ගේ පවුල්වලට ආධාර කිරීමට යතියි ගම්වැසියෝ කියති.
වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පැමිණ තුවාලවූවන් සමග සාකච්ඡා කර වෛද්‍ය සහතික පිටපත් ලබා ගෙන ගොස් ඇත.
වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් රණසෝම මහතා පැවසුවේ තුවාල වූවන් වෙනුවෙන් යමක් කළ හැකිදැයි සලකා බලන බවයි. තම ආයතනය ගම්වාසීන් සමග සුහද ශීලීව කටයුතු කරන බවත්, පවුල් තුන්දහසකට ජලය ලැබා ගැනීමේ මූලික ගෙවීම්වලට දායක වීමට තීරණය කළේ ඒ නිසා බවත් රණසෝම මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඩා ලාබ දායි සහ පල දායි වන්නේ ඔබ තුමා ගේ කර්මාන්ත ශාලාව වෙනත් ස්ථානයකට රැගෙන යාමයි.ඔබතුමා මොනවා දුන්නත් දුදනෝ නොවෙති යහපත්.(නදී)
ඔබ තුමා මේ රටෙන් යන්න ඔය කර්මාන්ත ශාලාවත් අරගෙන අනේ යන්න අපි කොහොම හරි ජිවත් වෙන්නම් (නදී)
සහයෝගයෙන් කටයුතු කිරීම හොදයි. නමුත් අර තුන්දෙනා.(නදී)
ඩයස් කියන විදිහට නෑ නෑ නෑ කර්මාන්ත ශාලාව ෙවන දිහාකට ෙගනියන්න කිසිම අවශ්‍යය තාවයක් නෑ. ඒ නිසා තමයි පවුල් තුන්දාහකට පානිය ජලය ලබාදීමට කර්මාන්ත අධිකාරිය තීරණය ක ෙල් ඒයින් සතුන් සිවුපාවුන්ට වගාවන්ට පරිහරණයකරගන්න පුලුවන්.(අ)
ඔය කර්මාන්ත ශාලාව කර්මාන්තපුරයකට ගෙනයන්න. නිතරම අධීක්ෂණය කරන්න. (නි)
සමහරු සද්දයක් නැත්තේ ඇයි දැන්? දැන්නේ මිනිස්සුන්ට උදවු ඕනෑ? කිරිවල වසට මොකද වුණේ? (නි)
තුවාල උන මිනිස්සුන්ට විතරක් නොවේ , මරුණ අයගේ පවුල්වලටත් අඩු ම තරමේ රුපියල් කොටිය බැගින් වන්දියක්වත් දෙන්න , (දිල්)
ඔය කර්මාන්තය වෙන දිහාකට ගෙනියන්ඩ.ඒකයි අවශ්‍යතාවය. මිනිසුන්ට බට ජලය පමණක් නොව පිරිසිදු ආහාර වවා ගැනීමටත් අවැසි. සතුන්ටත් පිරිසිදු ජලය අවැසි. (ස)