වැලිවේරියේදී පසුගිය බ්‍රහස්පතින්දා ගැමියන් සහ යුධ හමුදාව අතර සිදුවූ ගැටුමෙන් තවත් පාසැල් සිසුවෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය අද උදේ තහවුරු කළේය.
ගැටුමේදී වෙඩි වැදී තුවාල ලැබූ මෙම සිසුවා වතුපිටවල රෝහලෙන් කොළඹ මහ රෝහල වෙත වෙත මාරු කෙරිණි.
කොළඹ ජාතික රෝහලේ අධයක්ෂක වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ඊයේ පැවසුවේ බරපතල තුවාල ලැබූ තරුණයන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකවේ ප්‍රථිකාර ලබන බවයි.
තම ළිං වල ජලයේ පී.එච් අගය අඩු වී ඇතැයි කියමින් උද්ඝෝෂණය කළ ගැමියන් සහ යුධ හමුදාව අතර පසුගිය බ්‍රහස්පතින්දා මෙම ගැටුම ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ඳුල කියන්නේ කොහොම කෙනෙක්ද බව දැන් සනාථයි.... (නි)
අහෝ බන්ධුල... ඔබේ ළමයට හරි, ඔබේ තාත්තට හරි මේ දේ උනානම් ඒත් ඔබ ඔහොම කියනවද? අහ් වැරදුනා. ඔබලා වගේ අයට කොහෙද තමුන්ගෙ කමක්. කසිප්පු ටිකක්, බත් පාර්සලයක් දුන්නනම් ඔබ කියයි, "නෑ මේක අත් වැරැද්දක්" කියල. පොලිසිය, හමුදාව කියන්නෙත් සුපිරි ජීවිත ගත කරන අය නෙවිනෙ. ගෙවල් වලට ගිහින් බැලුවනම් තේරෙයි ඇත්ත. දවසක තේරෙයි අපිව නැතිකාලේ අපේම අය කියල.
ඔය තුවක්කු කටවල් තමන් දෙසට හැරෙන දිනයකුත් පැමිණෙන්න පුළුවන් (නි)
කාලිංග මහත්තයෝ,ප්‍රාර්ථනාවට ස්තුති කරනවා.මම නම් ඔයාට එහෙම වෙන්න කියලා පතන්නේ නැහැ.මම නීති ගරුක පුරවැසියෙක් මහත්තයෝ.මගේ අම්මා,තාත්තා ,දු දරුවෝ ඔතන ඉදලා ඔය අසාදාරන ක්‍රියාවට දායක වෙලා ඔය දේ සිද්ද වුණා නම් මගේ ප්‍රතිචාරය එහෙත් මෙහෙම්මම තමයි මහත්තයෝ. (නි)
බන්දුල වගේ ආත්මාර්ථකාමී මිනිස්සුත් ඉන්නවනේ හැබෑටම මේ ලංකාව්. ලැජ්ජයි මෙච්චර දෙයක් වෙලත් වාහන වල ඉන්න මිනිස්සු ගැන විතරයි දුක. (නි)
අනේ බන්ඳුල, මට ඔබට කියන්න තියෙන්නේ, " අනේ දෙව්දත් නොදිටි මොක් පුර "කියලා තමයි. (නි)
අනේ ඇත්තට මේ බන්දුල පෙරේරා කියන කෙනා හැබැහින්ම මනුස්සයෙක්ද? (නි)
බන්දුලට ලොකූ මල්ලක් දෙන්න කඩේ යන්න ඔය මල්ල පොඩි වැඩි (දී)
බන්දුල ඔය මෝඩ විකාර කතා කියවන්න එපා කුලියට කෑගහලා උගුර තුවාල කරගන්න එපා. මම හොදට පත්තර කියවනවා .බටන් පොලු පාරෙයි වෙඩි පාරෙයි වේනස බන්දුල දන්නේ නැහැ , මොන රටේද උද්ගෝෂණ වලට ජීව උණ්ඩ පවීච්චි කරන්නේ, අළු යට ගිනි අවුස්සන්නේ පලකයෝම තමා.බන්දුල මහතයෝ ආණ්ඩුවට කඩේ යනවට වඩා මල මිනි විකුණන් කන එක මට නම්බු කර දෙයක්, ඔයාගේ නිල් කන්නාඩිය ගලවල මෙය සිද්දිය දිහා බලන්න මොකද ආණ්ඩුව මෙම සිද්දිය ගොඩින් බෙර්රන්නේ නැතිව ප්‍රශ්ශ්නය සති දෙක තුනක් තිස්සේ ඇද්ද ? දැන්වත් බන්දුල කඩේ යන එක නවත්වල ගෙදර වැඩ කරන්න මොකද අපි දන්නවා ඔය කවුද කියල , (දී)
මිනිසුන්ට මනුෂ්‍යත්වයෙන් සළකන්නට අපේ හමුදාවන්ට සහ පොලිසියේ නිලධාරීන්ට දැන් අමතකවෙලා වගෙයි. (නි)
අනේ අර පාසල් සිසුන් දෙන්නා!!අනෙක් සංවිධාන දැන් මෙච්චර නිහඬ ඇයි? (නි)
මට පෙනෙන විදියට බන්දුලට අම්මෙක් අප්පෙක්ගේ අගයක් දැනෙන්නෙ නැතුවද කොහෙද? (නි)
මෙම ව්‍යයසනගෙන් රට මුදා ගනිමු ! (නි)
මේ විදිහට පන්න පන්නා වෙඩි තැබුවේ ඇයි? (නි)
බන්දුල කියන කෙනා ඇත්ත තත්ත්වය නොදැන කියන කතා වලට අපි එයාට සමාව දෙමු (නි)
බන්ඳුල තමගේ පවුලේ කෙනෙකුට මේ දේ වුණත් ඔයාගේ ප්‍රතිපත්තිය මේක නම්,ඔබ ගැන අපට දුකයි. අපි විතරක් නෙමෙයි,ඔබේ පවුලේ අයත් අතිශයින් දුක් වෙයි,ඔබට කොන්ඳක් නැති එකට. කොන්ඳ පණ ඇති එකම මාධ්‍යය ලංකාදීපයයි. ඔබට අපගේ ස්තුතිය.! (නි)
ඡන්දදායකයින්ට හොද පාඩම් මේවා (නි)
මේ සිද්ධියේදී හමුදාවට පොලිසියට බැනලා වැඩක් නැහැ. හමුදාව ක්‍රියාත්මක කරන්නේ ඉහළින් දෙන අණ. අන්තිමේදී අණදෙන්නෝ සුදනෝ වෙනවා. හමුදාව බැණුම් අහනවා. මේ රටේ ශක්තිමත් විපක්ෂයක් නැහැ. (නි)
අපේ හාමුදුරුවරු මේ ප්‍රශ්නයේදී ඇයි නිහඩ? (නි)
ලංකාවට ගිය කල
1971,1989 වගේම උතුරේ යුද්දේ හිටියෙත් වෙලිවෙරියේ ඉදෙයෙට් ඔය හමුදාවම තමා වෙනසක් නැහැ , පාලකයන්ගේ ප්‍රශ්නයක් මේක, අට්ටනගල්ලේ ජනතාව ලොකු මනාප වාර්තා තිව්ව, බෝක්කුව හැදුවම ප්‍රාදේශීය, නගර , පළාත් ,ඇමති , ආදී ලෙස බෝර්ඩ් ගහන රටේ කව්ද ඔතනට ගියේ කැන්වසින් ගියපු කවුරුත් නෙහෙ,ලංකාවේ අපි හැමෝම අපි වපුරපු දේ නෙලගන්නවා , එක වෙනසක් තියනවා වෙලිවෙරියේ උන දේ අල්ලපු ගම බියගම එකට දන්නෙන්නේ නැ, සිවිල් සමාජේ හිරිවැටිලා රටම වෙටිලා තියෙන්නේ එකම තැනකට, අපි පව් ද ? අපිට මෙහෙම වෙලා මදිද ? (දී)
ලංකාදීප මහතුනි මියගිය අයගේ තොරතුරු ඔබවත් සොයාබල අපට ලියන්න අපට හැකි පමණින් ඔඋන්ට උදව් කරන්නම් අපට කලහෙකිදේ එපමණි මිනිසුන්ගේ වටිනාකම බල්ලට ගිය රට
සමහර මිනිස්සු පෙර පින් ටිකක් නිසා මිනිසත් බව ලැබුවත් සම්පුරනෙන් මිනිසත් බව ලැබෙන්නේ නැහැ .... තිරිසන් ගති ටිකක් ඉතුරු වෙනවා..ඒ නිසා බන්දුල ගැන කලබල වෙන්න එපා .ඔය මනුස්සයට මිනිස්සු පාරට එන්න කලින් දවස් ගානක් ගමේ ඉදන් උත්ගොෂන් කරපුව මතක් වෙන්නේ නැ.ලබන ආත්මේ ඔය මනුස්සය කාන්තරේක ඔටුවෙක් වෙලා ඉපදෙනවා. (දී)
පාසල් යන ළමයි මරන්න තරම් වියරු උනාද
බන්දුල ඔය ලංකාවේද ඉන්නේ .කොටින්ට සමාන කරන්න පුලුවන්ද මේ අසරණ මිනිස්සු ඒ අ ය ඉල්ලුවේ වතුර රටෙන් කැල්ලක් නෙවී (දී)
කෝ බොදු බල සේනා ?
විදුලි බිල වැඩි කරපු එකට කැමතියි කියා පෙළපාලි ගිය මිනිසුනේ, අදත් මේ මරණ සාදාරනයි කියා පෙළපාලි යනු! (නි)
බන්දුල ඔයා රජයට කඩේ යන එක ඇත්ත වෙන්න පුළුවන්. එත් මේ උන දේ කාටවත් සදාරනිකරණය කරන්න බැහැ. වීඩියෝ වල හොඳටම දැක්ක හමුලව ඉස්සෙල්ල පහර දෙන විදිහ. අඩුගානේ එක කදුළු ගැස්ස පරක් වත් ගැහුවේ නෑ.වතුර පාවිච්චි කලෙත් නැහැ. පැහැදිලිව ඕනේ උනේ ජනතාවට පණිවිඩයක් දෙන්න මේ වගේ දෙයක් උද්ගොසන කලොත් මරණය තම විසදුම විදිහට දෙන්නේ කියන එක.කරපු වැඩේ ජනතාව කවදාවත් අමතක කරන්න එපා. උතුරේ මිනිස්සු දහස් ගානක් මරුන වගේ දකුණේත් රජයට විරුද්ද වෙන අය මරන්න බලාගෙන ඉන්නේ ඊලග චන්දෙදිවත් හොඳ තීරණයක් ගන්න.
ඔය බන්දුල කියන එක්කෙනා පොළවෙන් උඩ ජීවත් වෙන , කටින් බතල අල හිටවෙන කෙනෙක්... "ඔය දේ සිද්ද වුණා නම් මගේ ප්‍රතිචාරය එහෙත් මෙහෙම්මම තමයි" කිව්වට බලා ගන්න තිබුන ඇත්තට සිද්ද වෙච්ච වෙලාවක,, (දී)
මේවා මානව හිමිකම් දැන ගත්තොත්
නිදහස්, සාමකාමී, දුෂණ, වංචා නැති රටකට ගැලපෙන පාලකයෝ පත්කර ගැනීම ඔබේ වගකීම වේ. (දී)
සෙනසු මහත්තයෝ..ඔයා ගැලවීමේ හමුදාවේ හිටපු මහත්තයෙක් වෙන්න එති..නැත්නම් ඔහොම කතාවක් කියන්නේ නැහැ..ඔහේ අතේ තුවක්කුවක් තියෙනවනම් ඔහේගේ ඉස්සරහට එකෙක් ගලක් අමෝරාගෙන එනවනම් ඔබතුමා තුවක්කුව දාල දුවනවද..මමනම් වෙඩි තියල දාල තමඊ පස්සේ වෙන දේ බලන්නේ..මොකද මන් දන්නවා ගලකින් මිනී මරන්න පුළුවන් කියල.....මේ එකෙක් වත් හමුදාවටම බනිනවා මිසක සාමකාමී උද්ගෝෂණයක් වෙනුවට අනුන්ට පීඩාකාරී සාමකාමී නොවන උද්ගොෂණයකට පොලබවල උසි ගන්නල මිනිස්සු මෙහෙයවපු අය ගැන වචනයක්වත් නැහැ..... මගේ පැත්තට කතා කරන මේ සිදුවීමේ අනෙක් පැත්ත හිතන චන්ද නංගිට ඉස්තුති කරනවා..මේ කොමෙන්ට්ස් දාන 90%ක් පිටරටවල් වලට වෙලා ඉන්න අය . ඒ අයගේ ඔය කදුළු, වතුර ප්‍රස්නෙන් දුක් විදින මිනිස්සු වෙනුවෙන් වත් මැරුණු අය වෙනුවෙන් වත් නෙමෙයි ඔය ලතෝනි දී දී පෙන්නන්න හැදුවට..
දෙන ඔය බන්දුල කියන කෙනා හරියටම දන්නවද සාදාරන විසදුම දුන්නා කියල අනේ මේ නිකන් කටමැත දොඩවන්නේ නෙතුව ටිකක් සදාරනව හිතන්න ට්‍රය් කරන්න අහිංසකයෝ විසදුමක් ලැබෙනවානම් තවත් එතන ඉන්නේ නැහැ මොකද ඒ අයට ජීවිතේ වටිනවා හමුදාව එක්ක සටන් කරන්න ඕන නැහැ නැහැ එයාලට එක කරන්නත් බැහෙ ඔයා දැක්කද ඒ අය හමුදාවට වදිනවා ඔයාට ඔය වතුර ප්‍රස්නේ අවානම් කොහොමද මරුන අය ඔයා ගේ කවුරුහරිනම් ඇත්ත කියන්න බලන්න පුලුවන්නම් මම අබියෝග කරනවා මොකක්ද ඔයාගේ පිළිතුර අරක ටිකක් පාවිච්චි කරන්න
පව් අහිංසක ජනතාව.. බොන්න වතුර ඉල්ලුවම ලැබුනේ මරණය ..
මේ රටේ ඉන්න අනික් අයටත් කියන්න තියෙන්නේ වැරැද්ද වැරැද්ද ලෙසත් හරි දේ හරි විදියටත් දකින්න පුරුදු වෙන්න. සදාචාරයට අනුව ඉහත සමහර අදහස් වලට ප්‍රතිචාර දෙක්වීමට අපහසු හිතේ ඇතිවෙන අදහස් සදාචාරවත් ලෙස ඉදිරිපත් කල නොහැකි නිසා.
බන්දුල ඔයවැනි කතා නොකියා ඉන්න
වතුර ඉල්ලා සිටි අයට ලැබුනේ තුවක්කු පාරවල්.හමුදාවේ සහෝදරයිනි ඔබ ආරක්ස කරන්නේ අහිංසක මිනිස්සුද නැත්නම් කෝටී ගණන් ආණ්ඩුවට සල්ලි දෙන බිස්නස්ස් කාරයෝද.?
කමල් මෝඩ වැඩ කරන්න එපා
බන්ඳුල හොදට බලන්න,මෙතන ඉන්න කිසි කෙනෙක් රජය පෙරලන්න ඔනේ කියන්න්නෙ නැහැ....අපි හැමෝටම ඕන කරන්නෙ සාමකාමී පරිසරයක්....ඒක නැති නිසා තමයි අද ජනතාව කුපිතවෙලා තියෙන්නේ.... (දී)
බන්දුල මේ වතුර ප්‍රශ්නය අද ඊයේ එකක් නොවන බව මතක තියාගන්න.ඔබලාට නොවෙයි. ඔබලාගේ ළමයින්ටත් හෙන ගහවි. (දී)
හරිම දුක හිතෙන කතාවක් නැවතත්. මේවා ගෙන් රට ට හොඳ නැ. සමුළුවට දවස් කීයද තියෙන්නේ. ලෝකයට මේ ප්‍රචාර වැරදි ලෙස යාම හොඳ නැ. මෙතන වතුර ඉල්ලපු එකම නෙවෙයි ප්‍රශ්නය. මෙය කලින් කතාකරල විසදුම් දුන්නේ නැත්නං පාරට ඇවිල්ල කිව්වට කමක් නැ. එත් එහෙම සාකච්චා කරලා තිබ්බ ද? එහෙම නැත්නං හැම දේම පාරට ඇවිල්ල කිව්වමද දෙන්නේ? මොකක් ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? අදහස් ලියන අය රට ගැන හිතල ලියන්න. රටෙන් එළියේ ඉන්න අපෙන් මිනිස්සු අහනවා කොළඹ ප්‍රශ්නද කියල. විශේෂයෙන් ඉන්දියානුවන්. මේ අයට අවශ්‍ය වෙන වෙන දේවල්. හරිම දුක යි. ස්තුති.
බන්දුල අයියා ගැන මට කලකිරීමක් තියෙන්නේ
මාවිල්ලාරු= රතුපස්වල
බන්දුලට විරුද්දව ප්‍රතිචාර දන අය හිතන්න.ඔයවගේ මිනිස්සුන්ගේ ජීවිත කෙළවර වෙන්නේ ඔය වගේම ක්‍රියාවලියකින්මයි!හදවත් නැත්තෝ බියගුළු ගති ඇති අය ඔයවගේ අයයි.එඩිතර කොයි පිරිමි හෝ ගැහැණුන්හට ඉක්මනින්ම උණුවෙන හදවත් ඇත්තෝය!ඔවුන් විපතකදී ජාති/ආගම/පක්ෂ/කිසිදු බේදයකින් තොර මනුෂ්‍යත්වය ඉදිරියේ වහා හික්මෙන අපරාදයක් දුටු විගස වහා යුහුසුලුවන ගති ඇති නිර්භය ගති ඇත්තෝවෙත්.ඔය බන්දුල වගේ උදවියට කිට්ටු වෙන්න තියා,හිතන්නවත් බැහැ. (දී)
කව්රු මොනවා කිව්වත් අන්තිමට අපි තමයි මෝඩයෝ වෙන්නේ (නි)
කාටද අපි මේදුක කියන්නේ
මෙම උද්ගෝෂණය සංවිධානය කල එකක් නොවෙයි. ගම්මාන 12 කට බලපෑ ප්‍රශ්නයට පොදුවේ සියල්ලෝම උද්ගොෂණයට සහභාගී විය. එක කණ්ඩායමක් එම කර්මාන්තශාලාව අසලත් තවත් කණ්ඩායමක් වැලිවේරිය නගරයේත් සහ එක කණ්ඩායමක් බැලුම්මහර හන්දියෙත් වශයෙනි. සංවිදානය වූ උද්ගෝෂණයක් නම් සියල්ලෝ පැමිණිය යුත්තේ එකම තැනකට නොවේද? මෙය දේශපාලන කුමන්ත්රණයක් ලෙස හුවා දක්වන්න උත්සහ කරන්නේ බහුතරයේ අනුකම්පාව මෝඩ තීරණය පිටුපස සිටින්නන් වෙත දින ගැනීමටයි. ජනතාවට තුවක්කු එල්ල කිරීමට බලයක් කිසිම පාලකයෙකුට නොමැත. තමුන්ට ගුටිය වදින තුරු අසාධාරණය යනු කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි මිනිසුන් ගෙන් මම ඉල්ලා සිටින්නේ මෝඩ අදහස් දැක්වීමෙන් වලකින ලෙසයි. බීමට ජලය ඉල්ලු අහිංසක සිවිල් වැසියන් හට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දී තිබේ. මිය ගිය දෙදෙනාම වැලිවේරියේ ජීවත් වෙන පාසල් සිසුන් වන විට, තුවාල ලත් සැවොම වැලිවේරිය අවට ප්‍රදේශවාසීන් වන විට සහ ඔය කියන දේශපාලන පක්ෂකයක එකෙකුවත් අත්අඩංගුවේ නොමැති විට ඔබ නොදුටු සත්‍ය වතුර ඉල්ලා සිටි එකාට හිමිවී ඇත්තේ මරණය බවයි. පාලකයි පත් කරනු ලබන්නේ මේ දුප්පත් මිනිසුන්ගේ චන්දයෙනි. පාලකයා යැපෙන්නේ මහජනයාගෙන් බලහත්කාරයෙන් ලබා ගන්න බදු මුදලිනි. නමුත් පාලකයා පෙනී සිටින්නේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන්ම පමණි. නොහොත් ඔවුන්ගේ එහෙයියන් රැකීමට පමණි. යථාර්තය මෙයයි. තමුන් ගුටි කන තෙක් අපේ රටේ අන්ධ අනුගාමිකයා නොදන්නා නොදකින යථාර්තය මෙයයි. බලය අහිමි දාට බුදු බන පිටවෙන මුවෙන් බලය ඇති දා පීඩිතයාගේ මර දැමීමට අණ නිකුත් වේ.
මේවා කාගේ ඕඩර්ද කියලා අපි දන්නවා (නි)
බන්දුල ඔබටත් මෙවැනිම දෙයක් වේවි පතමි.
අසංකගේ කතාව හරියට හරි.(නදී)
මම මේ පළාතේ නියෝජනය කරන ඇමති කෙනෙක් උනානම් නැත්නම් ,හෙන්චචියෙක්, බත්බැලයෙක් මොකෙක් හරි වෙලා අදහසක් උපදෙසක් දෙන්න පුළුවන් උනානම්, මම කරන්නේ වතුර බෞසර් වලින් බෙදනවා, එටපස්සේ නල ජලය දෙන්න වැඩපිළිවලක් හදනවා. කොම්පනියත් යසට දුවනවා, මිනිස්සුත් සතුටුයි, රටේම චන්දත් වැඩිවෙනවා,
මේ කරපු පාපයට අනුබල දුන් සියලුදෙනාටම දිට්ටධම්ම වේදනීය කර්ම වසයෙන් පටිසන් දෙවි.
ළමයි මරපු එකට නම් වෙඩි තියපු එක නම් 100% වැරදියි (දී)
මේකේ අදහස් පලකරන බන්දුලට අපි මොකද කියන්නේ
හමුදාව සහ බලධාරීන් මෙලෙස අහිංසක තරුණයන් මරා දැමීමෙන් සිදුවෙන්නේ කොටි හිතවාදීන් නගන මානව හිමිකම් චෝදනා ලෝකය ඉදිරියේ ඔප්පු වෙන එකයි.
අයියෝ අපේ අනගත පරමපාවේ ඉරණමද මේ ? සුබ අනාගත්යක් (දී)
අපි සෙත් පැතු හමුදාව අපිට වින කටිනව කාට කියන්න්දෝ (දී)
මුළු රට වටේම මුහුද ,.ගංගා ඇල දොළ හැම තැනම.අහසින් නිකම්ම ලැබෙන වතුර ටික නිකම්ම මුහුදට ගලයි .හැම නගරයකම විශාල වතුර ටැංකි හදල වතුර ගබඩා කරලා ඉන් පසු පිරිසිදු කරලා හැම පාරකම ජල නල එළලා නිවසටම වතුර එවල මුදල් කරගන්න පුළුවන් කම තිබෙද්දී අපේ ජල මණ්ඩලය බුදි මහා පරිමාණ ආශාචර්යමත් දේවල් කරන මේ රජයට අපේ මුලික අවශ්‍ය තාවයන් සපුරන්න සැලසුම් පේනතෙක් මානයකවත් නැත රටේ නගර ගම් කීයකට බීමට පිරිසිදු වතුර තියෙනවද ? දැන්වත් අනාගතය සදහා සැලසුම් සකසා විත්වත් මණ්ඩලයක අනුමෙතිය යටතේ වැඩ පටන්ගන්න මේ මියගිය තරුණයන්ගේ නාමයෙන් . දැන්වත් පැලැස්තර වැඩ කරන්නේ නැතුව ස්ථීර වැඩක් කරන්න මියගිය තරුණයන් සදා සමරමු. (දී)
ආසියාවේ ආශ්චර්යය කෙසේ වෙතත් ආසියාවේ වසන්තය එළබෙන්නේ කවදද? ඒක හීනයක් විතරද ? ජනතාව ඇයි අසරණ.. (නි)
රවිනාත් මහතාගේ අදහස මමත් අනුමත කරනවා .ඔය ප්‍රස්නේදී රජයේ වගකිව යුතු ඇමති වරයෙක් ඔතනට ගොස් සාදාරන විසදුම් ක්‍රියාවලියක් ඉදිරිපත් කර ජනතාවට පොරොන්දුවක් ලබා දුන්න නම් මෙය මෙතරම් දුර දිග යන්නේ නැහැ .බලයෙන් සහ මුදලින් මත් වූ අයට දුර දිග පෙනෙන්නෙත් නැහැ (දී)
ඕනෑම කෙනෙක් අසදරණයට විරුද්ධව ප්‍රතිචාර දැම්මොත් මේ පුද්ගලයා තමන්ගේ ඔලුවේ ඔක්කොම ජරාව තිය ගෙන මම පිරිසුදුයි කියන ඉස්ස වගෙයි හබයි ඔලුව ගලවල බැලුවොත් තියෙන්නේ ජරාව
මේවා අහල මගේ ඇගටත් පන නැහැ. නීතියට ඇනගහල වළදාපු දවසේ මෙහෙම වෙන බව අපි දැනගත්තා
අර හමුදාව තඩිබාන අම්ම බන්දුලගේ අම්ම උනානම් මේ විදියට කතා කරන්නේ නෑ. කිසිම හිතක් පපුවක් නැති අදුර්මිෂ්ට මිනිස්සු මේ වගේ කල කන්නි පාලකයන්ට ආවඩන නිසා තමයි මෙහෙම කෙරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ හමුදාව ජනතාව අතර ගැටුමක් නෙවෙයි බීමට පිරිසිදු ජලය ලබාගන්න කෙරපු ඉල්ලීමක්. ඒ සදහා නිරායුධ ජනතාව කල සාමකාමී උද්ගෝසනයක්. මිනි මාරු පාලකයන් එම අහිංසක ජනතාවට හමුදාව ලවා පහර දීම නිසයි අහිංසක ජනතාව මරුනේ. රවිනාත් කියන කතාව සම්පුර්ණ ඇත්ත කතාවක්. අනික මේ අයට ජන්දය දීපු කී දෙනෙක් දැන් පසුතවෙනවද. (දී)
බන්දුලගේ බෙල්ලට උඩින් මොකක්හරි තියෙනවද? නිකන් ගොම ගුලියක් වගේ, පෙනෙන්නේනන් එහෙමවත් නැහැ වගේ
මේ සිද්දියේදී එක් එක් පාර්ශ්වය දකින්නේ එයාලගේ පැත්ත විතරයි. උද්ගෝෂණය කරපු අය එයාලගේ පැත්ත හරි කියන අතරේ රජය එයාල හරි කියනවා. විපක්ෂයේ දේශපාලන පක්ෂ කෙනෙක් මලාට පස්සේ පුදුම විදිහට ජනතාවාදී වෙලා. ජලය අත්‍යවශය දෙයක්. මානුෂීය අයිතියක්. නමුත් අවාසනාවට ලංකාවේ මානව හිමිකම් සංවිදාන කතා කරන්නේ කෙනෙක් දෙන්නෙක් මලාට පස්සේ විතරයි. එතකල් එයාල නිහඩ ව හිටිය. ඉස්සර වගේ නෙවෙයි දැන් හැමෝම බලන්නේ මාධ්‍ය ඔස්සේ එක් එක් පාර්ශ්වය කැපී පෙනෙන්න. ප්‍රශ්නය එතනමයි. මේ වේදනාව දැනෙන්නේ මැරිච්ච අයගේ පවුල් වල අයටයි. සමහර විට මම මේ ලියන දේත් වැරදි වෙන්න පුළුවන් මොකද මම දකින්නේ තව විදියකට නිසා.
මෙය තවදුරත් ලෝකයේ විනීතම හමුදාව යැයි කිව හැකිද ? (නි)
රට 88-89 වගේ වේගනයි යන්නේ . හමුදාව රට පාලනය කරන කාලය වැඩි ඇතක නොවෙයි . තරුණ පරම්පරාව මෙවෙලාවේ මොලයෙන් වැඩකළ යුතුයි.
අනේ රවිනාථ මහත්තයෝ..අපි සත්තු කියල හිතුවද..තුන් පොළකින් පාරවල් හරස් කලේ නුවර පාර වෙනුවට යන්න තියෙන විකල්ප මාර්ගත් වහන්න..සැලසුම් කරලා සංවිදානය කලේ ඒ දේ..නුවර පාර විතරක් හරස් කලානම් මිනිස්සු විකල්ප මාර්ග පාවිච්චි කරය් කියල හිතුවේ..එහෙම උනොත් ප්‍රහාරයක් එල්ල නොවෙඉ කියල හිතුවේ ..ඉල්ලන මල මිනී ගන්න බැරි වෙඉ කියල හිතුවේ පහු ගිය දවස් කීපෙ වගේ..ඔතන තිබුණු දේසපාලනේ බලන්න අද දිවයින පත්තරේ සමන් ගමගේ දල තියෙන ලියුම බලන්න..
බන්දුල මට මේ ටික කියන්ඩ උත්ගොශනය කිරිම වරදක් ද? පානීය ජලය නොමතිවිට එය ඉල්ලා කොපමන කාලයක් උත්ගොශනය කල යුතුද? මෙමෙ පුද්ගලයන් සාමකාමීලෙස මෙම ඉල්ලීම කරල කොපමන කලයක සිට කරල තියනවද? මාද්ය වෙදින්ට කිසියම් හිරි හරයක් වෙල තියනව කියල ඔබ පිලි ගන්නවඩ ? මද වේදීන්ට යුද්ය වාර්තා කරන්ඩ ඉඩ දුන්නනම් ඇයි මෙ අවස්තා වෙ ඔඋන්ට හිරිහැර කලේ? ඔඋන්ට හිරිහර නොකල කිය ඔබ කියනවා නම් ඔබ වැනි පුතුන් ලද මව ආඩම්බර විය යුතුය
බන්දුලට අපේ පැත්තේ වතුර බෝතයක් දෙකක් පොවමු. මිනිහා හැදෙයි එතකොට.... (නි)
මේ සියලුම ප්‍රශ්න වලට නිහඬව සිටින අය වගකිව යුතුය.
කවුද මේ බන්දුල කියන්නේ? (දී)
මෙහෙමත් ආණ්ඩුවක් මොකටද
අපි නොදන්නවා උනාට තව කොච්චර හානි ඇතිද
බන්දුලගේ
බන්දුල කියන එක්කෙනා මොනවා දනගෙනද කතා කරන්නේ? ඔහෙටත් බොන්න වතුර නැති උනා නම් ඔහේ කරන්නෙත් එකම තමයි. ඔහෙලා වගේ අය මැරිලා ඒ අහිංසකයෝ දෙන්න ජීවත් උන නම්..
බොන්නට දිය පොදක් ඉල්ලු නිරායුධ අහිංසක ජනයා ඉතාමත් තුච්ච ලෙස මර දමල ඉන් නොනැවතී මේවා සාධාරණීකරණය කරන්න සාධක මවනවා. මොඋන්ගේ දුක කඳුල, වේදනාව,සමච්චලයට සහ සරදමට ලක් කරනවා.මේ අහිංස මිනිස්සුන්ට ත්‍රස්තවාදී නැතිනම් ,දේශපාලන,කල්ලියන ලේබල අලවන්න උත්සහ කරනවා.
කනගාටුයි ........ හද පතුලෙන්ම
බන්දුල ඔබ සතෙක්ද ? එස්සේ නැතිනම් මිනිහෙක් වෙන්ඩ ක්‍රමයක් බැ.
බන්දුල වගේ කට්ටිය ඉන්නකන් මේ රට හදන්න බැහැ
බන්දුල අර පත්තරේ මේ පත්තරේ, තියෙන දේවල් නෙමෙයි මේ ප්‍රශ්නය මනුසිකව හිතන්න පුරුදු වෙන්න,හැමදේම දේශපාලනය ගාවල තමන්ගේ මුට්ටිය ඇල්ලීමේ ප්‍රතිපත්තිය ප්‍රදර්ශනය කරන්න එපා
බන්දුල මහත්තයෝ සැලසුම් කරල තමයි පොඩි ළමයට වෙඩි තිබ්බෙ මේ අය. අර අඩන වැලපෙන අම්මගෙ කදුලු වලටත් හැගීමක් නැති ඔහේ මිනිහෙක්ද? සතෙක්ද.?නැත්නම් ලිංග සමඡ්ජේදණය වුණු අයෙක්ද..?
මට බන්දුලගෙන් අහන්න්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි..සුප්‍රකට කන්ගැට්ටා කතාව, අමතක වන මිනී මැරුම් සිද්දිය සහ එහි දෙවන කොටස ආශ්චර්යෙන් මාරාන්තික තුවාල සුව වීම සහ කලලක්වත් නැතිව යාම, වීඩියෝ දර්ශන තිබියදීත් සමහරු තමා තමාටම පහර දීම යන සිද්දි ගැන ඔබගේ අදහස කුමක්ද? ඔබ ඔය කියන කතා හා එකග නම්..මගේ උත්තමාචාරය ඔබට..ඔබ අද ලංකාවට උචිතම පුද්ගලයෙකි..ජයම වේවා.. (ප. ස. මෙම සිද්දියෙන් මියගිය අයට තමන් අදහන ආගමෙන් බලාපොරොත්තුවන සැනසීම ලැබේවා..තුවාල වූ අය ඉක්මන් සුව ලබත්වා..වනේ වන හතුරෙකුටවත් මෙවන් විපත් නොවේවා...)
ලොකු ලොකු පලකයන්න්ට පිළිතුරු ලබන චන්දෙන් හම්බවෙයි
මේ අයට මොලේ කලන්දක්වත් තියනවනම් "පබා " වගේ අය පාර්ලිමේන්තුවට යාවිද? (දී)
කෝ දැන් සංවෙදි කලා කාරයෝ ටික ඒ සංවෙදි කම තියෙන්නෙ වාසියට විතරයි
මටත් කියන්න තියෙන්නේ නාලක කියපු දේමයි, මාව ඔය අපායෙන් නිදහස් කරල ඔස්ට්‍රේලියාවෙ පුරවැසිභාවය ලබාදුන් ලෝක පාලක දෙවියෝ බුදුන් දැක නිවන් දකිත්වා. බහුතරයක් යමපල්ලෝ ඉන්න ඔය අපාය මට අරහන්.
බන්දුල, ඔබ වැදූ මවට ශාප කරන්නට මට නොහැක්කේ මාද මවක් නිසයි (නි)
බන්දුල, නුඹලා වාගේ මිනිසුන් සිටින තාක් මේ රටට නම් සෙතක් වන්නෙ නැත. (නි)
බන්දුල කියන්නේ ඔය කර්මාන්ත ශාලාව අයිති කෙනාගේ කවුරුහරිද? (නි)
බන්දුල, ඔයාට තුවක්කුව එල්ල වූ දාට කවුරුත් නැතිවෙයි බේරගන්න. (නි)
බන්දුල මේ රටේ මිනිස්සු තමුන් වගේ දේශපාලන බත් බැලයන්ගේ කතා පිළිගන්නේ නැහැ. ඒ වගේම තුවක්කුවෙන් රට පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න මෝඩයන්ට බයේ සමහරු අලුත් කතා හදල කියනවා. පාරවල් වහන කතා නැවත නැවත කියන මිනිස්සු කොළඹ පාරවල් වහගෙන රේස් පදිද්දී කට අරින්නේ නැහැ. එතකොට කාටවත් ජන ජීවිතය මතක් වෙන්නේ නැහැ. (නි)
බන්දුල යනු වසල සුත්‍රයේ එන වසල චරිතයකි (නි)
බන්දුල වගේ අය තාම රටේ ඉන්නවා.මිනිසුන්නට වෙඩි තියන්න තරම් දෙයක් එතනේ තිබුනද? හරි විපක්ෂයක් තිබෙනවා නම් කරන්න ඕනෑ ඔය සිද්ධියේ වීඩියෝ වයඹ හා මධ්‍යම පළාත් ඡන්දදායකයින්ට පෙන්නලා රටට වන අසාධාරණ මර්දනයට විරුද්ධව ජනමතයක් ඇතිකොට රජයට අනතුරු හගවන එකයි. (නි)
බන්දුල පෙරේරා කියන්නේ ආණ්ඩුවට කඩේ යන , මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැති අමනුසයෙක් (දී)
මේකද මේකද වතුර ඉල්ලපුවම දෙන උත්තරේ අපි හමුදාවට සැලකුවේ අපිව බේර ගත්තු දෙය්යෝ වගේ (අ)
වතුර ඉල්ලපුවම වෙඩි උන්ඩ දෙන රටක් උනාද අපේ ලංකාව ,,, හමුදාව ලව ..කිරිදොවල ,,,,,,,කිරි බදුනට .....ගොමදන්නේ ........කව්රුන්ද ...... .... තවත්. මේ වගේ අවසනාවන්ත සිදුවීම් නොවීමට වගබලාගන්න (අ)
ජනතාව ඉල්ලා සිටින්නේ නම් මෙම හමුදාව විනාඩි පහක් ඇතුළත නිරායුද කළ හැකියි (නි)
බන්දුල කියන්නේ හිතක් පපුවක් නැති කෙනෙක් වගෙයි (නි)
බන්දුල, මමත් හමුදාවේ හිටපු කෙනෙක්. එහෙත් නුඹ ගැන මට දැනෙන දේ සදහන් කළ නොහැකියි (නි)
ජනතාව ඉල්ලීමක් කළහොත් එසැණින් ඔවුන් නිරායුධ කළ හැකි වුණත් ඔබලාගේ විපක්ෂයෙන් පරිස්සම් වීමද කළයුත්තේ ඔබලා විසින්මය. (නි)
වතුර ඉල්ලුවොත් දඩුවම මරණයද? (නි)
බන්දුල කියන්නේ හරියට මිනිසුන්ට ප්‍රශ්න අමතක කරන්න දාල තියෙන කෙනෙක් වගේ. මෙතන මිනිස්සු මෙච්චර වැදගත්ව අවංකව කතා කරද්දී එයා වෙන මොනවා හරි කියලා මාතෘකව වෙන පැත්තකට ගන්නවා. එයාව ගණන් ගන්නේ නැතුව ඔයාලගේ අදහස් කියන්න. (නි)
අපි මේ රටේ මේවා දකින්න ඉපදුනේ ඇයි? දෙවන පාරටත් මගේ ඡන්දය මොවුන්ට දුන්නේ ඇයි කියලා මම දහස් වාරයක් දුක් වෙනවා. සොහොයුරනි, ඔබලාට නිවන් සුව! මම ඒ කළ මෝඩ වැඩේ නැවතත් නොකරමි. අනිත් අයගෙනුත් මම ඉල්ලා සිටින්නේ නැවත වරක් ඒ දේ කරන්න එපා යයි කියලයි (නි)
මොනවා වුණත් බලන්නකෝ ඡන්දයක් තිබුණොත් නැවත්ත ඡන්දෙ දෙන්නේ නැද්ද කියලා. මේ පැත්තෙන් සද්ද නැතුව බඩුමිල ඉහළ යනවා. එහෙන් මර්දනය. ආශ්චර්යමත් කට්ටිය හැමදාම බලයේ. ඇයි අපි ඡන්දෙ වෙලාවට දෙනවනේ. හැබැයි ඉතින් දෙන්න කියලා හොද විපක්ෂයකුත් නැහැ තමයි. (නි)
බන්දුල පෙරේරා, ඔබ 'මුට්ටිය ඇල්ලීමේ' ප්‍රතිපත්තිය ප්‍රදර්ශනය කරන්න එපා (නි)
කෝ අපේ මේ සංවිධාන? සිංහලයා රැක ගන්න ළමයි වැඩියෙන් හදන්න කලින් මේ හැදිලා ඉන්න අය ජීවත් වෙන්න වතුර පොදක් දෙන්න ඕනෑ නේද? (නි)
කවදා හෝ මේ අපරාධ කළ අයටත් කළකම් පළදෙනවා (නි)
තවම මේ පටන්ගත්තා විතරයි (නි)
මෙය රටේ ජනතාව කුමන පක්ෂයක් බලයට ආවත් තමන්ගේ අයිතිවාසිකමුත් කවුරුහරි දිනවලා දෙනකන් බලා ඉන්න තත්වයක් තියන නිසා රටට සේවය කළ යුතු පාලකයෝ තමන්ට රිසි සේ හැසිරෙනවා.එසේ නොකර දිවිදුන් මේ වීරෝධාර පුතනුවන් දෙපලට සහ රතුපස්වල ජනතාවට ජාතියක් ලෙස අප හිස නමා ආචාර කළ යුත්තෙමු.එමෙන්ම මේ ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුයි (නි)
මට තියෙන්නේ පුදුම කළකිරීමක්. පුදුම වේදනාවක්. හමුදාව ගැනවත් ආණ්ඩුව ගැනවත් නොවෙයි. මිනිස්සු ගැන. පුදුම මිනිස්සු. තමන්ගේ අම්මා,තාත්තා, සහෝදරයෝ මැරුවත් නැවතත් ඡන්දෙ දෙන එකට. (නි)
ආසියාවේ ආශ්චර්යය දෝරේ ගලනවා (නි)
මේවා කරන අයට හොදක් නම් වෙන්න එපා. එපමණයි මට කියන්න තියෙන්නේ (නි)
අංජන මහත්තයෝ, සාමය සහ සාධාරණය බලාපොරොත්තු වන අපි කිසිවෙකුවත් දෙගමනක් බලයට පත් කළ යුතු නැහැ. මෙතැනදී මැරුනේ ජිවත් වීමට වතුර ඉල්ලා හඩපු අය මිසක් ජින් විස්කි ඉල්ලු අය නොවේ. සිංහලයා වෙනුවෙන් මොරදෙන සංවිධාන මොකද තවම නිදි. (නි)
අංජන මහත්තයෝ, කොහොමද අපි දන්නේ ඔයා ඡන්දෙ දුන්නේ කාටද කියලා.ඔය ඡන්දෙ ඔයා තියා ගන්න.ඔයාගේ ඡන්දෙ නැති වුණාට මේ රටේ සාමකාමී ජනතාවගේ ඡන්දය තාම මේ රජයට තියෙනවා.ප්‍රචණ්ඩ කැරැල්ලකදී ඒකට දායක වෙන කෙනා සිසුවෙක්ද තරුණයෙක්ද මහල්ලෙක්ද කියන එක වැදගත් නැහැ.එතන හිටියා නම් අවදානම බාර ගන්න ඕනෑ.මේ මරණෙට වග කියන්න ඕනෑ විසදුම ලැබිල තියෙද්දිත් නුවර පාරත්, විකල්ප මාර්ගත් හරස් කරලා හිතාමතාම ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කරලා මිනිස්සු උසි ගන්නලා පාරට බැස්සුවා. මෙයාලට ඉඩ දුන්නා නම් අර නුවර පාර දෙපැත්තේ හිර වුණු අය තාම වාහන ඇතුලේ. (නි)
රණවිරුවන් වෙනුවෙන් තිබුණු මගේ ගෞරවය මින් අවසානයි. මින්පුස කිසිම ආධාරයක් මම ඔනුන් වෙනුවෙන් නොකරමි (නි)
පාරවල් අවහිර කරලා මේ අය කළ දේ නුසුදුසු වුණත් මේ මිනිස්සු ඉල්ලුවේ බොන්න පිරිසිදු වතුර මිසක් වෙන දෙයක් නෙමෙයි. මිනිසුන්ගේ ආදරයට ගෞරවයට පාත්‍රවුණු අපේ හමුදාව මේ සිදුවීම නිසා නිකන් කළු පැල්ලමක් ගාගත්තා. පොලිසියේ රාජකාරි වැඩ එයාලට කරන්න දීලා පාඩුවේ හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ. මේ සිද්ධියෙන් මියගිය සොහොයුරන් දෙදෙනාටම නිවන් සුව පතනවා. (නි)
සිසුන් දෙදෙනෙකුම මිය යාමෙන් පෙනෙනවානේ වෙඩි තියපු අය ඉවක් බවක් නැතුව වෙඩි තබා තිබෙන බව (නි)
මේවාට මුල් වුණ අයට විරුද්ධව දීප ව්‍යාප්ත පෙත්සමක් අත්සන් කරලා සුදුසු තැනකට ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණවත් පියවරක් ගන්න. (නි)
බන්දුල,ඔය ප්‍රශ්නෙදි මොකද ඔය තරම් ආවඩන්නේ?ඔයාගේ කෙනෙකුට ඔහොම වුණා නම්... (නි)
බන්දුල කියන පුද්ගලයා තවම ජීවත් වෙනවද? මිනිසෙකු ලෙස පිටට පෙනුනත් එසේ නොමැති හදවතක් ඇති ඔබ ගැන එසැන පාඨකයන් දන්නවා. අසාධාරණයට සහය දෙන අයට සහ මෙම විපත සිදුකළ අයට හොදක් නම් වෙන්න එපා. (නි)
විවිධාකාර රාවයන් වල ලොකු ලොක්කනි, මේ මියගිය සිසුන් දෙදෙනා වෙනුවෙනුත් වචනයක් හෝ කියන්නකෝ. (නි)
ඇත්ත තත්වය තේරුම් ගන්නකොට මිනිස්සු පරක්කු වැඩියි. ලෝකයේ කොහේ වුණත් හමුදාව කරන්නේ ඉහළ නියෝග පිළිපදින එකයි. (නි)
පුලුවන්නම් මැරෙන්නේ නැතිව බෝට්ටුවක නැගල හරි බන්දුල ඉන්න රටෙන් පිටවෙන්න ,(දී)
අදහස් දාන ඇතැමුන්ට ඕනි නම් වටේටම පිරිසිදු වතුර තියෙන වැව් ඇති නුදුරේදීම ජනසුන්‍ය වන උතුරුමැද, වයබ පලාත්වල ඉඩම් ලාබයි කියා දන්වමි. (දී)
මෙලෙස අහිංසක තරුණයන් මරා දැමීමෙන් සිදුවෙන්නේ කොටි හිතවාදීන් නගන මානව හිමිකම් චෝදනා ලෝකය ඉදිරියේ ඔප්පු වෙන එකයි. දකුණේ අහිංසක නිරායුධ තරුණයන් දෙනෝදාහක් ඉදිරියේ මෙලෙස අමානුෂික ලෙස මරා දැමුවා නම් උතුරේ දෙමළ තරුණයන් ගැන කවර කතාදැයි කියා ඔබෙන් ලෝකය අසාවි. එදාට ජිනීවා වලට අපි එක එක්කෙනාට බැනලා වැඩක් නැහැ. (නි)
අනේ බන්දුල නොදුටි මොක්පුර. ඔයාට මේකේ දානවට මොනවද ලැබෙන්නේ? බල්ලොත් එක්ක නිදා ගත්තම නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක. ඔයයි ඔයාගේ බොරු සාමකාමී ජනතාවයි ඡන්දෙ දෙන්න. හැබැයි බහුතරය වූ මොලේ පැදුනු ජනතාව නැවත ඒ මෝඩ වැඩේ නොකරනු ඇත. අපි විපක්ෂයක් නැහැ කිය කියා බලා ඉදලා වැඩක් නැහැ. මුලින්ම වගකිවයුත්තන්ට පාඩමක් උගන්වමු (නි)
"සන්නද්ධ හමුදාවට ගල් මුල් වලින් ගහන්න තරම් නිර්භීත "විරුවන්" මරණය ඉදිරියේ හඬා නොවැටිය යුතුය." සන්නද්ධ හමුදා බලකායකට ගල් මුගුරු වලින් දමා ගැසීමට තරම් ප්‍රචණ්ඩ උදවිය, සාමාන්‍ය පුද්ගලයෙකුට පහර දෙන ආකාරය සිතා ගත නොහැකිය. දාමරිකයින් ගල් මුගුරු වලින් දමා ගසද්දී, පුටු පහරවල් වැදුන හමුදා භටයින්ගේ ඔළු පැලී ලේ ගලා යද්දී තුවක්කු දමා දිවීම ඔවුන් කළ යුත්තක් නොවේ. (නි)
අකාලයේ ජීවිත හානි වුණු පොඩි දරුවන් ඇතුළු අනෙකුත් අයට නිවන් සුව පතමු.උණ්ඩයට තැනක් නොතැනක් නැත. (නි)
අනනුන්ගේ දුක්,දොම්නස් ගැන හද කම්පා නොවන කෙනෙක් වේද ,හේ මනුස්සයෙකු වුවද ,තිරිසනෙකි. නැවත හෙතෙම උපදින්නේ සතර පා ඇති තිරිසනෙකු ලෙසය. එසේම වේවායි කියාද පතමි. (නි)
අපි කෙලින් කතා කරමු, දිගින් දීගටම සිදුවෙන මේ වගේ දේ වලට නැවතීමක් අවශ්‍යයයි. මේ මිනිස්සු පාරවල් අවහිර කළේ විනෝදයට නෙමෙයි. අවුරුදු ගානක මාරාන්තික ප්‍රශ්නයට උත්තර නැති නිසා. රණවිරුවනි, ඔය මැරෙන්නේ රට සුරා කාලා අපේ ලේ වලින් ලැම්බෝගිනි පදින අය නෙමෙයි. ජීවත් වෙන්න වතුර ඉල්ලන උඹලගේම සහෝදර සහෝදරියෝ. (නි)
හමුදාවද දැන් මේ රට පාලනය කරන්නේ? (නි)
බන්දුල මහත්තයෝ, ඔය වෙලාවට හිතෙනවා ඔයා හෝ ඔයාගේ පවුලේ කෙනෙක් මැරුනා නම් මේ ප්‍රශ්නේ ගැන අපිට වෙන විදිහකට හිතන්න තිබුනා කියලා. මේ රටේ ජනතාව සෑහෙන පීඩනයකට අසුවෙලා ඉන්නේ. මේ මරණ සහ හිංසනය අපට අනුමත කරන්න බැහැ. අපි බලමු මේ පාර මෝඩයෝ කී ලක්ෂයක් ඉන්නවද කියලා. (නි)
ගම්පහ මිනිස්සු බුද්ධි මත් අය. එක් ආයතනයක් වෙනුවෙන් ලක්ෂ ගණනක ජන්ද නැති කරගත්තා. මමත් දැන් ජන්දය දීම ගැන දුක්වෙනවා (නි)
අංජන, මෙතන වරද කරලා තියෙන්නේ මේ මිනිස්සු උසි ගන්නපු අය. (නි)
රවීනාත්, ඔබ හිත හොද මිනිහෙක් බව පේනවා. හුගක් අයගේ අදහස් ගැන ගොඩක් දුකයි. ජීවිතයක් මෙතරම් කෙටි කාලයකින් අවසන් වෙන එක මොනතරම් අපරාධයක්ද? (නි)
මට කණගාටු රටේ නායකයෝ කියාගන්න අය මෙච්චර දෙයක් වෙලත් කිසිම දෙයක් නොවුන වගේ ඉන්න එක. මෙහෙමත් ජාතියක්. (දී)
ඔන්න බන්දුල ආයි කට ඇරලා,ඔයාගේ දරුවෙක් නැති උන දවසටත් ඔහොමම කියන්න ,
අනේ අංජන මහත්තයෝ..ඔයාලගේ කිබුල් කදුළු අපි දන්නවා. මේ මිනිස්සු ගැන අවංකව දුක් වෙන කෙනා කව්ද මිනී විකුණන එකා කව්ද කියල අපි දන්නවා..ඔයා ලංකාදීපේ විතරද බලන්නේ..මේ කොමෙන්ට්ස් දන අයගේ අදහස් විතරද දන්නේ..බලන්න අද පත්තර වල.මේ ගැන දල තියෙන ලිපි ටිකක් සැලකිල්ලෙන්..මේ දේ පිරිසකට අවශ්‍යව තිබුණු දෙයක්..සැලසුම් සහගතව සිදු කල ක්‍රියාවලියක්.දැනුවත්ව හෝ නොදෙනුවත්ව මල මිනී විකුණන් කන්න එපා මහත්තයෝ.
බන්දුල කියන්නේ මිනිහෙක් නම් නෙවයි
සිවිල් වැසියෝ මරල දානවා නම් මොකටද යුද්ද කරලා රටක් බේරලා දුන්නේ,,කෙනෙක් කියයි හමුදාව හින්දයි අපි පාරේ බැහැල යන්නේ කියල,දැන් ඔය පාරේ යන්න දෙන හැටිද, යුද්ද කරලා දිනා දුන්නේ මෙහෙම රටක්ද,ඉස්සර නම් අපට තිබ්බ හැගීමක් ගෞරවයක් හමුදා මහත්වරු ගැන,දැන් ... (දී)
බන්දුල මහත්තයාගේ කාලේ හරි වගේ. (නි)
මේ අපායෙන් මාව නිදහස් කරල ඔස්ට්‍රේලියාවෙ පුරවැසිභාවය ලබාදුන් ලෝක පාලක දෙවියෝ බුදුන් දැක නිවන් දකිත්වා. (දී)
ළමයි කොහොමද මරුනේ
ජනාධිපති කියල තිබුනා ළඟදී දවසක රටට ජනතාවට අහිතකර දෙයක් එයාගෙන් වෙන්නේ නැහැ කියල. මම හිතන්නේ මේ වෙඩි තැබීමත් රටට ජනතාවට හිතකර දෙයක්. හමුදාව දැන් යුද්ධ කරන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට රණවිරුවාගේ තරම පෙන්වීමයි කරන්නේ. බෝධි පූජා තියපු කාලෙත් අපි කලේ මේවා තමයි දෙමල මිනිස්සුන්ටයි ත්‍රස්තවාදීන්ට්යි කියල කියල දෙනවා සිංහල ජනයාට. මේකට අණදුන්න අය කෙසේ වෙතත් කරපු අයටනම් විඳින්න වෙනවාමයි. මතකයිනේ හිටපු ජනාධිපතිනිගේ බලයන්ට උනදේ. කෙනෙක් අවේ රෝදපුටුවෙන් උසාවියට. දඬුවම එතකොටත් ලැබිල. අපිට ඒවා වෙඩක් නැහැ කියපු බ්‍රිගේදියර්ටත් මතක් කරලා දෙන්න ඕනේ බුදු දහමට පිටුපාන්න නිල ඇදුමටයි තරු පටිවලටයි බැහැ කියල. ,
බන්දුල ඔබට මනුෂ්‍යත්වයක් නොලැබුණේ ඔබේ පෙර කල කරුමෙකට වන්න ඇති,දැනුත් ඔබ කරගන්නෙත් එකම වෙන්න ඇති,හැබැයි මේ ආත්මෙදීම ඔබට හෝ ඔබේ පව්ලේ ලගම කෙනෙකුට මෙවන් විපතක් වෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා,නැත්නම් මේ භවය දිගින් දිගටම අමුනුශ්යයෙක් වෙලා ඉපදෙනවා, (දී)
වගකිවයුතු බෞද්ධ සංවිධාන වලින් අපි ඉල්ලන්නේ මේ ඝාතන ඉදිරියේ ඇයි ඔබලා නිහඬ? ඔබලාගේ හඬ ගැන විස්වාසයක් තැබිය හැකිද. (නි)
ස්වාදීනව හිතමු. පොදු තීරණ ගමු. අළු යට ගිනිපුපුරු තිබෙන බව අමතක කර ඇති බව පෙනේ.
උද්ඝෝෂණය විසුරුවා හැරිය යුතුමයි.ඒත් ඒ මිනිස්සු ඒක කලේ ඇයි?ප්‍රශ්නයට විසදුම් ඉල්ලලා.විය යුතුව තිබුනේ කුමක්ද?හමුදාව අවම බලය යොදා විසුරුවා හරිනවා.කිහිප දෙනෙක් තුවාල වෙනවා.පත්තර වල හෙඩ්ලයින් වැටෙනවා.බලදාරීන්ගේ ඇස් ඇරිලා වහාම විසදුම් දෙනවා.එතන ඉදපු අයත් ,රටේ බහුතරයත් බලාපොරොත්තු වෙන්න ඇත්තේ ඒක.වුනේ ඒක ද? ඒ කියන්නේ මේ මිනිසුන්ට සලකන්න ඕන හොදම විදිය කල් තියා සැලසුම් කරලා ආවේ.ඊට පස්සේ එතන ඉදපු මිනිස්සු පෙනුනේ ත්‍රස්ථවාදියෝ වගේ.දරුණුම විදියට මර්ධනය කලා.මේ අයට ඉහලින් ආපු අණක් නම් නොගහා බැරි කමට ගහන්න තිබුනා.ඒත් ගැහුවේ උපරිම වෛරයෙන්.මේ මාධ්‍ය වේදියෝ දේශද්‍රෝහීයෝ ද?යුද්දේ කාලේ ගම්වල කොල්ලන්ගේ "මොරාල් "එක වැඩිකරලා මේ යුද්දේ දිනන්න පුලුවන් කියලා මතයක් ගෙන යන්න මාධ්‍ය කොච්චර වැඩ කලාද?කොටි රූකඩ මාධ්‍ය පරදන්න කොච්චර වැඩ කලාද? (දී)
ආමි කොල්ලෝ කරන්නේ ඔය ලොක්කෝ කරන්න කියන දේවල් ඒ නිසා මගේ අදහස ඔය දේවල් වලට ආමි කොල්ලෝ වග කියන්න ඕනද කියන එක ගැන ඔයාලත් ටිකක් හිතල බලන්න ඕන. ඔය හැම දේටම අණ දෙන කට්ටියට ඔය හැමදේටම ශාප වෙනවා. කොහොමත් ආණ්ඩුවේ අය ඕවට වග කියන්න ඕන
බන්දුල මහත්තය, මම නම් දෙසපලන්යට වහල් කම් කරන කෙනෙක් නෙවෙඉ. නමුත් මම හැමදාම කලේනැති බැරි එක දෙව් ලොව යැවීමට ප්‍රථම මේ ලොව මිනිසෙකු වසයෙන් ජිවත් කරවීමට උත්සහ කරවීමි.එදා ජයවර්දන ජනාදිපති තුමගේ කාලයේ එතුමාගේ එකදිපති වියරුවට විරුද්දව මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙක් වසයෙන් වැඩකර විශ්‍රාම වැටුපද අහිමි කරගත් කෙනෙක්.මේගොල්ලන්ගේ කෙරුවාව බලාගැනීම අද 4.8. 2013 දිවින අරගෙන ,රජරට අසනික් ගැන තියෙන ලිපිය කියවන්න.කගේ කාගේත් බලය ලැබුනම කෙරුවාව මෙකෛ.සිංහල,දෙමල,මුස්ලිම් කව්රු උනත් නැති බැරි එකට උවමන හිග නොකා ජීවත් වෙන්න. මේගොල්ල හදන්නේ නැතිබැරි එක්ව වලට යව දනපතියව දෙව්ලොව යවන්න.පාත් එජාපය එහෙම කලට දුප්පතා වෙනුවෙන් කැප වෙනවයි කියන මේගොල්ල එහෙම කරන හරිද.රට වටේ ටිකක් ඇවිද බලන්න.
සමරේ,ඔයගොල්ලෝ වගේ අය තමයි සිංහල කොටි ඇති කරන්නේ.රට ගිනි තියන ඕනෑම කෙනෙක් නවත්වන්න හමුදාවට අයිතියක් තිබෙනවා . (නි)
අදහස් දාන්නත් බයයි සමහරු කියවන රළු දෙබස් කියවද්දී. රතුපස් වල වතුර පි එච් අගේ වගේද උතුරු මැද පළාත් වල කිවුල් ජලය නිසා වකුගඩු කුණුවෙලා යන ලෙඩේ තරම. බලන්න ඒ මිනිස්සුවත් කවුරුවත් හරියට විසදුමක් නැතුවට උද්ගෝෂණ තාම දැක්කේ නැහැ. ඉස්මෛල් හුසේන් ස්තුතියි අදහසට ඔබේ. බන්දුල මා ඔබ සමගයි. අරාබි වසන්තේ මල් නොපිපේ !!! (නි)
අවම බලය යෙදුවාම මරණ දෙකක් නම් උපරිම බලය යෙදුවොත් වෙන්නේ කුමක්ද? (නි)
බන්දුලට එයාගේ පාඩ්වේ ඉන්න දීලා අපි අපේ පාඩුවේ ඉදිමු (නි)
විදෙස මැදිහත්වීම් වලට අත වනනු ලබන්නේ මෙවැනි සිදුවීම් නිසායි. එතකොට ලංකාවේ හමුදාවට වෙනත් රටක හමුදාවක් එක්ක යුද්ධ කරන්න පුලුවන්ද? (නි)