(රොමේෂ් මධුෂංඛ)
යාපනය වැල්වැටිතුරෙයි නගර සභා සභාපති කෝනලිංගම් කරුණානන්දරාසා මහතා කොවිඩ් -19 වයිරසය ආසාදිතව යාපනය පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වැල්වැටිතුරෙයි සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි
වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් නගර සභා සභාපතිවරයා යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි රෝහලට පසුගිය 09 වැනිදා ඇතුලත් කර ඇති අතර නගර සභා සභාපතිවරයා හෘද රෝගයකින් ද පෙළෙමින් සිටි බව ද රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ වන විට නගර සභා සභාපතිවරයාගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ සියලු නිළධාරීන් රැපිඩි ඇන්ටිජන් පරීක්ෂාවන්ට හා පී.සී.ආර් පරීක්ෂාවන්ට යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීහු පැවැසූහ. ජිවිතක්ෂයට පත්වු වැල්වැටිතුරෙයි නගර සභා නගර සභා සභාපතිවරයා 76 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත්විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුව කඩපු හොරුන්ටත් සම්බන්දයක් තියෙනවද කියලා බලන්න.?
මිනිස්සු බලාගෙන ඉන්නෙ දියවන්නාවෙ එකෙක් දෙකෙක් යනකන්
දෙමළ දේශපාලකයින් කොරෝනා අවස්ථාවේ වගකීමක් ඇතිව වැඩ කළා ,ඔවුන් ජනතාව පාරට බැස්සුවේ නැහැ, ගුරුවරු වර්ජන වලට පෙළඹුවේ නැහැ . ජවිපෙ, UNP ,සජබේ ,පාලක පක්ෂයේ සම-හරක් , කුරුටුගාමි කාලකන්නි ,(බහුතර සිංහල බලලෝභී කාලකන්නි ) නිර්ලැජ්ජිත විදියට හැසිරුනා සහ හැසිරෙනවා. නිවන් සුව !!
76 වියැති ලොකු තාත්තා කොරෝනා හෝ උණ රෝගයෙන් මිය ගියා ... මොකක්ද ආරංචිය ...