වලව ගොවි කලාපයේ පදිංචි දහස් ගණනක් වූ ගොවි පවුල්වලට ස්ථිර ඉඩම් ඔප්පු ලබා දෙන ලෙසත්, ඉඩම්වල බූමි ප්‍රමාණය කප්පාදු නොකරන ලෙසත් ඉල්ලා දෙදහසක පමණ පිරිසක් උඩවලව මංසන්ධිය අසලට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.
උඩවලව හංදියේ සිට විරෝධතා පාගමනින් මොවුන් උඩවළව මංසන්ධිය වෙත අද (3) පැමිණියහ.
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය දෙපස මොවුන් උද්ඝෝෂණය කළේ මාර්ග රථවාහන ගමනාගමනයට අවහිර නොවන පරිදිය.
‘අපි ඔබ වෙනුවෙන්, ඔබ අපි වෙනුවෙන්‘ නම් වූ සංවිධානය විසින් විරෝධතාවය පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවීන්ට සාදාරණයක් ඉෂ්ට වේවා! (නි)