බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් ශකිබ් සුලෙයිමාන් ගේ ඝාතනය රුපියල් ලක්ෂ 400කට වැඩි මුදල් ගනුදෙනුවක් මත සිදුවන්නට ඇතැයිද වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගෙන් මේ ගැන ප්‍රශ්න කර ඇතැයි ද පොලිසිය කියයි.
ඔහුට අමතරව දෙහිවල සහ වැල්ලවත්තේ ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් කටඋත්තර ලියාගෙන ඇතැයි පොලිසිය පවසයි.
දැනට පරීක්ෂණයට යොදවා ඇති මුළු පොලිස් කණ්ඩායම් ගණන 11ක් බවත් පොලිසිය කියයි. කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා සියලු සීසීටීවී කැමරා පරීක්ෂණයට ලක් කිරීමටත් පොලිසිය සැරසෙයි.
බම්බලපිටියේ රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් ශකිබ් සුලෙයිමාන්ගේ (29) පැහැරගෙන පැයක් ඇතුලත මොට ආයුධයකින් ඔහුගේ කනකට ඉහළින් එල්ල කළ දරුණු පහරකින් ඔහු මිය ගිය බවට කෑගල්ල රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි දොස්තර රමේෂ් අලගියවන්නගේ වාර්තාවේ සඳහන් වෙයි.
ඔහුගේ සිරුර බදාදා (24) මාවනැල්ල, හෙම්මාතගම, රුකුලගම හන්දිය ආසන්නයේ දමා තිබියදී සොයා ගැනිණි. මාවනැල්ල මහේස්ත්‍රාත් මහින්ද ලියනගම මහතා සිද්ධිය වු ස්ථානයට ගොස් මරණ පරික්ෂණ පැවැත්වීය. සුලෙයිමාන්ගේ දේහය අදම (25) කොළඹ දී මිහිදන් කිරිමට නියමිතය.
සුලෙයිමාන් මහතා මඟුල් ගෙදරක ගොස් ගෙදර එද්දී පැහැර ගත් බව නෑයෝ කියති. පශ්චාත් මරණ පරික්ෂණයේ දී සොයා ගැනුණේ ඔහු අවසන් වරට ගත් ආහාර දිරවා නැති බවයි. කෑම ගැනීමෙන් පැය තුන හතරකට පසු ආහාර දිරවන බවත් සුලෙයිමාන් මහතා කෑම ගැනීමෙන් පැයක් යන්නට පෙර මරණිය තුවාල ලබා ඇති බව පෙනෙන බවත් දොස්තර අලගියවන්න මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙයි.
සුලෙයිමාන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වන පස් දෙනකු රටින් පිටවීම වැළැක්වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මින් මද වේලාවකට පෙර ආගමන විගමන පාලකට හා පොලිස් බුද්ධි අංශ අධ්‍යක්ෂකට නියෝග කළේය.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේ පුද්ගලයන් පස් දෙනකු මේ සිද්ධීයේ වැදගත් තොරතුරු දන්නා බවට පොලිසියට විස්තර ලැබී ඇති බවයි.
ඔවුන් එතෙර යාමට තැත් කළහොත් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්ගේ නියෝගයේ සඳහන් වේ.
සුලෙයිමාන් දෙදරු පියෙක් වන අතර මොහොමඩ් අරිෆ් අබ්දුල් ෂානි (24) ඔහුගේ බිරිය වේ. පවුලේ එකම පිරිමි දරුවා වන ඔහුට බාල සහෝදරියන් දෙදෙනෙකි. කොළඹ බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති සුලෙයිමාන් පිය උරුමයෙන් ලද ව්‍යාපාරික කටයුතුවලට මීට අට වසරකට පෙර සිට සම්බන්ධ වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට අපේ රටේ අපරාධ වෙන එක නවත්වන්න බැරි ඇයි. නිතරම අපට දකින්න ලැබෙන පුවත් මේවා නම් අපි ඉතාමත්ම කණගාටු වියයුතුයි. ව්‍යාපාරික කටයුතු වලදී හැමෝම පරිස්සම් වෙන්න ඕනෑ. අද හුඟදෙනෙක් විශ්වාස කරන්න බැහැ. (නි)
ලංකාවේ ව්‍යාපාර කරන්නන්ට මුල්‍යමය අවදානම් වලට අමතරව ජීවිතයටත් අවදානමක් ගන්න වෙනවා වගේ. මෙහෙම කොහොමද ලංකාව දියුණු කරන්නේ? (නි)
යහපාලනය ගෙනා අය එය භුක්ති විඳිනවා. පාතාලය නියමෙට වැඩ. තව ඉස්සරහට තව හොඳට තියේවි (නි)
මෙවන් අපරාධ කරලා මරණින් මතු කොහේ යන්නද? (නි)
රත්නායක, මේ ඝාතනයට දේශපාලකයෙක් ගෑවිලා නැතිනම් අනිවාර්යෙන්ම අපේ පොලිසිය ඉක්මණින් අල්ලනවා. (නි)
ව්‍යාපාරික සියාම්ගේ ඝාතනය ,රාගම සුදු සීයාගේ ඝාතනය,තාජුදින් ඝාතනය............මේ ඝාතන සියල්ලම ඉතාම සැලසුම් සහගතව කරපු ඝාතන. (බ)
ඔය ලගම ඇති දැන් සැකකරුවා.(හේ)
ලොකු ප්‍රශ්නයක් මේකට මුල් වෙන්න ඇති.(හේ)
සල්ලි වලට මිනිස්සු මරණ කාලයක් දැන්.(හේ)
පුදුම ඝාතන සෙල්ලමක් මේ බුදුන් වැඩි ශ්‍රී ලංකාද්වීපයද. (බ)
දැනටමත් ප්‍රමාද වැඩි ඇති (බ)
අපේ පොලිසිය මේක අනිවාර්යයෙන්ම සොයාගන්න බව විශ්වාසය තබනවා (බ)
බුදුන් තුන්වරක් වැඩිය දේශය දහම් සගුන් ඇසෙනවා මේ ලංකාද්වීපය මොකක්ද මේ ශ්‍රී ලංකාවට වුන විපත්තිය තුට්ටු දෙකට මිනිමරනවා නැනේ කිසි බිය (බ)
තාබෘෘ සිල්වාට අනුව ලංකාද්වීපයේ මිනීමරන්නේ බෞද්ධයින් පමණය. (බ)
මේකත් ළඟම කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්.(හේ)
ව්‍යාපාරික ප්‍රශ්නයක් වෙන්න ඇති.(හේ)
සල්ලි නිසා තමයි මේ හැමදේම.(හේ)
මේ අපරාධය කළවුන් ඉක්මණින් හෙළිදරවු කරගන්න පුළුවන් වේවා! (නි)
මේ තමා ලංකාවේ වපුරපු අස්වැන්න. සල්ලි තමයි ලොකුම දේ . සල්ලි තිබුෙණාත් මොලේ තියෙනවා.රජකමටත් සුදුසුයි. (ම)
බොරුවට වැඩි ආයුෂ නැහැ. ඇත්ත ඉක්මණින් හෙළිවේවි (නි)
හැම එකටම ධර්ම ද්වීපය බුදුන්ගේ දේශය කියන්න එපා. බුදුන් වැඩ සිටි කාලෙත් මිනි මැරුම් ඕන තරම් වෙන්න ඇති . (ම)
සමහරුන්ට තිබෙන ලොකුම බාධකය සල්ලි. මිනිහෙක් සල්ලි හොයාගෙන මේ වගේ ටිකක් පිළිවෙලට ඉන්නකොට හිතන්නෙම එක්කෝ හොරෙක් කුඩුකාරයෙක් කියලා. මුස්ලිම් මිනිහට තිබෙන ව්‍යාපාරික ඥානය අපේ බුද්ධාගම් අයට තිබුනා නම් මේකත් අද රටක්. අන්‍ය ආගමිකයෙක් වුණත් දියුණු වෙන්න බුදු දහමේ කියා දී ඇති ප්‍රයෝගික හරයන් මොහුගේ ජීවිතය තුළ තිබුණු බව මට විශ්වාසයි. මගේ ආගමික විශ්වාසයේ හැටියට මම ඔබතුමාට නිවන් සුව පතමි! (නි)
මෙවැනි අපරාධ වලට මරණ දඬුවම තමයි දෙන්න ඕනෑ (නි)
වැඩිකල් ඔය සිද්ධියට සම්බන්ධ අයට හැංගිලා ඉන්න බෑ.(හේ)
මේක ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා පැහැදිලියි.(හේ)
පෙර කළ කර්මයෙන් ගැලවිය හැකි තැනක් නැත. අකල් මරණයන්ට ගොදුරු වීමට අකමැත්තෝ අනුන්ගේ දිවි තොර කිරීමෙන් වලකිව් ,මේ අවාසනා පුවත අපට උගන්වන පාඩම එයයි .ඔහු හදාවූ දෙවියෝ ඔහුට සුවසෙත සලසාවා ! (හේ)
නදීශානි මුස්ලිම් අයට පමණක් නොවේ අනෙක් අයටත් හොද ඥානයක් තිබෙනවා ඔයා නොදන්නා උනාට . අනේක එකෙක් දෙන්නෙක් කරපු වැරදිවලට ඉන්න අනෙක් අය පළි නැ .බුදුන් තුන් වරක් නොවේ 1000 ක් වැඩියත් හැදෙන්නේ නැති එකා හැදෙන්නෙම නෑ (බ)
ලංකාවේ මිනි මරන එක සෙල්ලමක් වෙලා... ගම් මට්ටමේ ආරක්ෂා කමිටු පිහිටුවන්න ඕනි,,,අපරාධකාරයන් ඒ මගින් හඳුනා හඳුනා ගැනීම පහසුවක්...(බ)
රත්නායක කියනවා වගේ අපේ පොලිසිය ට ස්තුති වන්නට මේ අපරාධ කාරයන් ළඟදීම අසුවෙනවා මේ අයට උපරිම දඬුවම් දිය යුතුයි .(හේ)
මෙහි පළමුවෙන්ම දැක්කේ ව්‍යාපාරිකයා පැහැර ගත් බවක්. දෙවනුව ඔහුගේ මළ සිරුර හමුවු බවත්. පරීක්ෂණ වලින් හෙළි වෙන්නේ පහර ගත් හැටියේම ඔහු මරණයට පත් කර ඇති බවක්. මරණය සම්බන්ද පරීක්ෂණ වල අවධානය වෙන පැත්තකට යොමු කරන්න වෙන්න ඕනේ මොහු මැරුණට පසුව දුරකථන ඇමතුමක් ලබා දී කප්පම් මුදල් ඉල්ලීමක් සිදුකරන්නේ. සැකය කප්පම් කල්ලියක් වෙත යොමු කරන්න වෙන්න බැරිද....??? (හේ)
අනිවාර්යෙන්ම අර කලින් සිදුවූ ව්‍යාපාරික සියාම්ගේ ඝාතනය වගේ ව්‍යාපාරික ප්‍රශ්නයක් විය යුතුයි. (හේ)
අපරාද දිනෙන් දින වැඩිවෙන එකට පිළියමක් වශයෙන් පතාලය මර්දනය කරන්න. නැත්නම් හැමදාම මෙවැනි පුවත් සුලභ වෙයි.(ම)
අපරාදේ වටිනා ජීවිතයක්නේ නැතිවුණේ (නි)
දැනටම ගොඩක් රහස් හෙළි වි ඇතැයි සිතනවා.(හේ)