දක්ෂින අදි වේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවකට පස් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම සදහා බෙන්තොට ප්‍රාදේශීය සභාපතිගෙන් රුපියල් ලක්ෂ පහලොවක අල්ලසක් ගත්තැයි අත්අඩංගුවට ගත් වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල, මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් ආර්.ඒ.ජේ රාජපක්ෂ මහතා විසින් ලබන නම වෙනිදා තෙක් රිමන්ඩ් කරනු ලැබීය.
මතුගම පොලිසිය ඔහු අද අදිකරණයට ඉදිරිපත් කළේය. ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකුද පෙනී සිටි අතර සැකකරු අසනීපයෙන් පෙළෙන බව ඔහු උසාවියට දැන්වීය.
ඔහු බන්ධනාගාර රෝහලට ප්‍රථිකාර සදහා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පිටිපස්සේ ඉන්නේ මෙයාගේ නරක වැඩ වලට උදව් කළ අය. නැත්නම් මේ වගේ පාහරයන් පිටුපස්සේ යන්නේ කව්ද?(නදී)
මුන්ව පට්ටගහන්න ඕනේ.(නදී)
කවුද හොඳ කවුද නරක කියලා ඡන්දදායකයා දන්නේ නැහැ.කුණු දේශපාලනේදී මොකා ආවත් උත්තරේ එකයි.මේ රට දැන් පක්ෂ විපක්ෂ හැමෝම පාලනය කලානේ. සෝම හාමුදුරුවෝ කිවුවා වගේ කටු ගාන්න ඡන්දෙ.මේ වඳුරු දේශපාලකයන්ට එතකොට ආතබුත නැතිවෙලා හිතන්න වෙනවා ඇයි එහෙම වුනේ කියා. (නි)
නීතිඥයන්ට පමණක් බනින්න එපා.මොකෝ, බලන්න වන්දිබට්ටයෝ කීදෙනෙක් පිටිපස්සේ ගිහින් ඉන්නවද කියලා (නි)
මධ්‍යම සහ වයඹ තමාගේ එක ඡන්දය හරියට භාවිතා කරන්න. එතකොට ඔය වගේ වැඩ කරන්න භයවේවි. ජනතාවගේ අතේ බලය ඇති කාලෙට එය හරියට බෙදමු.බොරුවට රැවටෙන්න එපා (නි)
මේ වගේ අය පස්සෙන් යන්න මෝඩයෝ ඉන්නවනේ?? රට ගැන කලකිරෙනවා (නි)
වර්තමාන ලංකාවේ බහුතර රජයේ සේවකයෝ ඔක්කොම හොරු, අල්ලසක් කොමිසමේ අය විතරයි අල්ලස් නොගන්නේ (නි)
දිය හැකි උපරිම දඩුවම් දිය යුතුයි.එම දඩුවම වර්තමාන සැම නිලදාරියෙකුටම හොද පාඩමක් වේවි. (නි)
පගාව දුන්න කෙනාට මොකද වන්නේ? එයාවත් අල්ලලා ඒ කුඩුවටම දාන්නා ඕනෑ. මෙයාලට ඇප දෙන්න එපා. අහිංසක දුප්පත් ජනතාවගේ සල්ලි ඕවා. බැංකු ගිණුම් ගෙදර වත්කම් සේරම පරීක්ෂා කරන්න. (නි)
මෙයා පසුපස සිටින්නේ කවුද? රැදවියොද? (නි)
දැන් පොඩි ප්‍රශ්නයක් තියනවා, මෙයට පගාව දීපු කෙනා අල්ලන්නේ නැත්තේ ඇයි? මොකද එයත් මජන මුදල්නේ පගාව විදියට දීලා ඇත්තේ (නි)
සතියනේ යන්න ඕනේ. ඔක්කොම සතියෙන් හරියයි. මට මතක නැහැ කියයි.(නදී)
දිල්හානිගේ කතාව හරි.(නදී)
දිල්හාණි, ඇසල බනින්න එපා ඔවුන් මොනවා කරන්ඩද?(නදී)
මේ ගෝලබාලයෝ හොරකම් කරපු ගමන් ලෙඩ වෙනවනේ. මොකද මේ ..? (නි)
දිල්හාණි, ඇසල බනින්න එපා බල්ලෝ මොනවා කරන්ඩද?(නදී)
ලොකු ලොකු අය කෝටි ගණන් වලින් සෙල්ලම් පෙන්වන විට පොඩි අය ලක්ෂ ගණනින් වැඩ පෙන්වනවා. තව ටික දවසකින් නිදහස් වෙලා ඇවිත් ඔය තනතුරේම ඉදගනීවි . අද අපේ රටේ මේවා සාමාන්‍ය දේවල් වෙලා.(නදී)
කිවයුතු සියලුම දේ මෙහි සන්ධාන වී අවසක් ඔබ සැමට පින්.(නදී)
මහජන ඡන්දයෙන් පත්වන හොර තක්කඩියන්. මේවට වග කියන්න ඕනෑ මෙවැනි තක්කඩි බලයට පත් කරන්න ඡන්දය දුන් අයම තමා (නි)
මෙම පින්තුර දෙකෙන්ම පේනවා පසු පස කොපමණ පිරිසක් ඉන්නවද කියලා. (නි)
ලංකාවේ ඔක්කොම නිලධාරීන්, මන්ත්‍රීවරු ලෙඩ්ඩුනේ බලනකොට. ලෙඩ්ඩුන්ට ජන්දේ දෙන්න එපා ආයිත් (නි)
මම මේ අත් දෙක දිහා හොදට බැලුවේ පිරිත් නුලක් දෙකක් දාගෙනද කියලා. අපිට කලින්ම මේ වගේ අය හදුනා ගන්නත් ලේසියි පිරිත් නූලෙන් (නි)
හරිම පුදුම මේ අයට ලෙඩ තියනබව දැනගන්නේ උසාවි වලට ගියාට පස්සෙනේ. මෙයාලට ඉදිරිපත් වෙන ලෝයර්ස්ලත් තේරුම්ගන්න ඕනෑ මේ වගේ මිනිස්සුන්ට අනුකම්පා නොකරන්න. මෙයාලා කරන්නේ රටේ මහජනතාවට ලොකු අසාදාරනයක්. (නි)
මේ වගේ අයගෙන් රටට සිදුවෙන යහපත කුමක්ද...? මෙයාලව ගෙදර යවන්න රටේ මුදල් නාස්ති නොකර. අනිත් එක හොරකමකට හෝ අපරාදයක් කරලා අත්අඩංගුවට ගත්ත ගමන් අසනීප වෙනවා. මේ වගේ ලෙඩ්ඩු තියාගෙන මොනවා කරන්නද? මීට පස්සේ දේශපාලනයට එන අයට වෛද්‍ය සහතිකය අනිවාර්ය කරන්න. (නි)
ඇත්තටම බලද්දී නීතිඥයෝ කියන්නේ කට ඇරියොත් බොරු කියන ජාතියක්නේ. නැත්නම් මෙහෙම හොරුන්ව බේරගන්න ඉදිරිපත් වේවිද? (නි)
බලන්නකෝ මෙයා පසුපස යන ගොලයෝ ටික. පලාබබාල ඕනෑ කියන මිනිස්සු ටිකකුත් මෙරටේ ඉන්නවනේ. (නි)
ලාංකික ජනතාවනි,පාඨක ප්‍රකාශ සියල්ලෙන්ම කියවෙන්නේ එකම එක දෙයයි. මේ පවතින දේශපාලනය ජරා ජීර්ණයි. ඉතිං දැන්වත් මේ හොර නඩ ඡන්දවලදී ආපහු ගෙදර යවන්න (නි)
පුලුවන්නම් කාට් හරි මහරගම පැත්තෙත් ඉන්නවා අල්ලල දෙන්න (අ)
ඇසල, සත්තුන්ට අපහාස කරන්න එපා. සත්තු පගාව ගන්නෙ නැහැ (නි)
බමුණු නීතිඥයෝ කියන්නේ දෙකොනින් කන අය.(නදී)
හොද වැඩේ තමයි වුණේ (නි)
සභාපති ගෙන් මෙහෙම ඉල්ලුවානම් අපි වගේ කෙනෙක් ගෙන් කොහොම ගනියිද?(නදී)
බැලුවහම හැම අපරාදයක්ම කරන්නේ සබාපතිලනේ (නි)
අපේ විතරද වාර්ෂික ආදායම් වාර්ථා ඉල්ලන්නේ. මෙයාලගෙන් නැද්ද?(නදී)
පගාව ගහල අහුඋන හැටියේ අසනීප වෙන එකත් සනීපයක්. ඇප ලැබෙනකම් රෝහලට වෙලා ඉන්න පුළුවන්. මේක අද ඊයේ තියන ලෙඩක් නෙමෙයි. ඉන්න දේශපාලුවොත් එන්න පෙරුම්පුරන දේශපාලුවොත් ඔක්කොම එකයි. දේශපාලනේ බල්ලට ගිහින් නෙමෙයි බල්ලෝ දේශපාලනයට ඇවිල්ලා.(නදී)
ගොඩක් දුර යන්න තිබුන කෙනෙක්. වැඩේ අනා ගත්තා. (නි)
අර පොලිස් පති වාස් ගුනවර්දන මහතාටත් උන ගැනුණා උසාවියට ආපුගමන්. මෙයාලා මහා ලෙඩ්ඩු රටේ නැද්ද නිරෝගී කොන්ද පන තියෙන අවංක සේවය කරන මිනිස්සු. වැඩේ තියෙන්නේ මෙයාලා මිනී මරනකම් හොරකන් කරනකම් කිසි ලෙඩක් නැහැ. මාට්ටු උනාට පසුව ස්නායු දුරුවල වෙලා වෙව්ලන්න පටන් ගන්නවා.(නදී)
මාර්ග සංවර්ධන අදිකාරියේ ලොකු නෝනලා පගාව ගන්නේ හොලිඩේ ට්‍රිප් ගෙවල් වලට පුටු සැටි වගේ ඒවා.(නදී)
ඇසල බල්ලන්ට අගෞරව නොකරන්න.(නදී)
පැලවත්ත වළල්ලාවිට පැත්තේ මෙයා අඩි 10 කොන්ක්‍රීට් එක දාල බෝඩ් එකක් ගහනවා අඩි 20 විතර දිග.කොන්ක්‍රීට් වටිනා කම ලක්ෂයයි.බෝඩ් එකේ වටිනා කම ලක්ෂ 2යි.එකේ ලොකුවට ගහනවා (අ)
ඊළඟ ප්‍රාදේශීය සබා මැතිවරණයට ලොකුම සුදුසුකමක් මේක.මහලේකම්තුමා මෙයාට අනිවාර්යෙන්ම නාමයෝජනා දෙනවා (නි)
බය වෙන්න දෙයක් නෑ උදේනි, තව ටික දවසකින් ඔයාට එළියට එන්න පුළුවන්. ආසියාවේ විශාලම මුදල් වංචාව කරපු අයත් තවම හොඳට රස්සාවත් කරගෙන ඉන්න මේ රටේ ලක්ෂ 15 ක් කියන්නේ කොච්චර පොඩි ගාණක්ද?(නදී)
ඇසල ගේ කියමන හරි. දේශපාලනය බල්ලන්ට ගිහින් බල්ලෝ දේශලාලනයට ගිහින්. මේ එන ඡන්දයේදී මහත්වරුන්ට පමනක් ඡන්දය පාවිච්චි කරන්න. සල්ලි වලට ඡන්දෙ දෙන්න එපා. උගත් කම වගේම දෙමාපියන්ගේ යට ගියාවත් හොයන්ඩ. පහු ගිය අවුරුදු 10-15 දී කළු සල්ලි හොයපු අය සුදු රෙදි ඇඳගෙන අපිට වඳිනවා. ඊට පස්සේ අපි ඔවුන් ඉදිරියේ බල්ලෝ වගේ දෙකට නැමෙනවා. මේ පාර බුද්ධිමත්ව ඡන්දෙ දෙමු. එකම පක්ෂයට හැමෝම දෙන්ඩ එපා.(නදී)
[දැන්වත් මේ හොර නඩ ඡන්දවලදී ආපහු ගෙදර යවන්න] මේගොල්ලෝ ගෙදර යැව්වට ඊළඟට එන අය එයාලත් මේගොල්ලන්ගේ ජාතියේම අය තමයි . අනික මේ හොරු පස්සේ එන අය බලන්න. මෙයාලා ඉන්නකන් අරයලව ගෙදර යවන්න බැහැ (නි)