වල්ලපට්ටා අපනයනයට හා වාණිජ වශයෙන් වල්ලපට්ටා වගා කිරීමටත් ඇමැති මණ්ඩලය අද අනුමැතිය දුන්නේය.
ගයිරිනෝප්ස්වල්ල යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාඛය ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය වැනි ආසියා රටවල වැවේ.
වල්ලපට්ට ගහේ දුම්මල හෙවත් කුණෙන් හටගන්නා ශ්‍රාවය ප්‍රංශය වැනි රටවල අධික මිලැති සුවඳ විලවුන් තනා ගැනීමට යොදාගනී.
ගමේ ගොඩේ ළඳු කැලෑවල වැවෙන වල්ලපට්ටා ගැමියන් එදා සිට බොහෝ දුරටම පාවිච්චි කළේ වැට බැඳීමට පට්ටා ගැනීම සඳහායි. වැඩුණු වල්ලපට්ටා ගස විදුම් යන්ත්‍රයකින් සිදුරු කර උත්තේජනයක් ඇතිකිරීමෙන් එම දුම්මල හෙවත් ශ්‍රාවය ලබාගැනීමේ උපක්‍රම දැන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද අනුගමනය කර ඇත.
වල්ලපට්ටා ප්‍රවාහනය ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත.
වල්ලපට්ට ප්‍රවාහනය සන්තකයේ තබා ගැනීම ආදියට ඉඩදීම සඳහා රජය පියවර ගන්නා බවද ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන්නේ අපේ රාජිත මහත්තයත් දේශපාලනය පැත්තක තියලා පට්ට ගහන්න ලැහැස්තිවෙනවා වගෙයි...(නදී)
වාණිජ බෝගයක් ලෙස සංවර්ධනය කර වැවිලිකරුවන් උනන්දු කර මහා පරිමාන ලෙස වැවීමට කඩිනමින් කටයුතු කළොත් හොදයි. නැත්නම් දැනට තියෙන ගස් ඔක්කොම ඉක්මනටම ඉවර වේවි. (අ)
කැලේ තියන වල්ලපට්ට ටික අපි වැව්වා කියල විකුණයි එහෙනම් (ස)
ගස් ටික නැතිවෙයි. නමුත් ආර්ථිකය නම් සරුවෙයි මිනිසුන්ගේ (නි)
වල්ලපට්ටා ප්‍රවාහන තහනම ගැනත් ඉක්මණින් සළකා බැලුවොත් හොඳයි (නි)
පහුගිය දවස් වල වල්ලපට්ටා අල්ලනවා කියලා සමහර අය වල්ලපට්ටා ගැන උනන්දුව අත්හැරලා තිබුනේ.මේක ජාතික අදායම් වැඩි කරන්න ,තමන්ගේ ආාදයම වැඩි කරගන්න හොඳ මාර්ගයක්.අපි වගේ අඩු ආදායම් සහිත රටකට ඉතාමත් සුදුසුයි.දිළිඳුකම දුරලන්න ඉතාමත් වටිනවා.ගැමි පළාත් වල සරල ක්‍රම වලින්ද අගාවුඩ් කියන ද්‍රව්‍ය උපදවන්න පුළුවන්.මමත් පසුගිය කාලේ අගාවුඩ් ප්‍රචලිත කරන්න උත්සාහ කළා.සමහර අය අගාවුඩ් වගා කළා.සමහර අය දුරදිග හිතලා වල්ලපට්ටා හිටෙව්වා. මෙයට අමතරව ග්‍රන්ථයක්ද පළකළා.තවත් විස්තර අවශ්‍ය නම් swijecey @gmail.com වලින් ලබාගත හැකිය (නි)
හොද වැඩක් (ස)
විජේසිරි, කාලීනව කළ යුතු දෙයක් කරලා තියෙන්නේ ? (නදී)