වල්ලපට්ටා අපනයනයට හා වාණිජ වශයෙන් වල්ලපට්ටා වගා කිරීමටත් ඇමැති මණ්ඩලය අද අනුමැතිය දුන්නේය.
ගයිරිනෝප්ස්වල්ල යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාඛය ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය වැනි ආසියා රටවල වැවේ.
වල්ලපට්ට ගහේ දුම්මල හෙවත් කුණෙන් හටගන්නා ශ්‍රාවය ප්‍රංශය වැනි රටවල අධික මිලැති සුවඳ විලවුන් තනා ගැනීමට යොදාගනී.
ගමේ ගොඩේ ළඳු කැලෑවල වැවෙන වල්ලපට්ටා ගැමියන් එදා සිට බොහෝ දුරටම පාවිච්චි කළේ වැට බැඳීමට පට්ටා ගැනීම සඳහායි. වැඩුණු වල්ලපට්ටා ගස විදුම් යන්ත්‍රයකින් සිදුරු කර උත්තේජනයක් ඇතිකිරීමෙන් එම දුම්මල හෙවත් ශ්‍රාවය ලබාගැනීමේ උපක්‍රම දැන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද අනුගමනය කර ඇත.
වල්ලපට්ටා ප්‍රවාහනය ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත.
වල්ලපට්ට ප්‍රවාහනය සන්තකයේ තබා ගැනීම ආදියට ඉඩදීම සඳහා රජය පියවර ගන්නා බවද ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වල්ලපට්ට ගහෙන් රට සල්ලි අදී
විජිත් Saturday, 18 July 2015 02:31 PM
මට පෙනෙන්නේ අපේ රාජිත මහත්තයත් දේශපාලනය පැත්තක තියලා පට්ට ගහන්න ලැහැස්තිවෙනවා වගෙයි...(නදී)
දිලිප් Friday, 17 July 2015 04:07 AM
වාණිජ බෝගයක් ලෙස සංවර්ධනය කර වැවිලිකරුවන් උනන්දු කර මහා පරිමාන ලෙස වැවීමට කඩිනමින් කටයුතු කළොත් හොදයි. නැත්නම් දැනට තියෙන ගස් ඔක්කොම ඉක්මනටම ඉවර වේවි. (අ)
විජයබාහු Thursday, 16 July 2015 03:07 PM
කැලේ තියන වල්ලපට්ට ටික අපි වැව්වා කියල විකුණයි එහෙනම් (ස)
මිහිරාන් Thursday, 16 July 2015 03:42 PM
ගස් ටික නැතිවෙයි. නමුත් ආර්ථිකය නම් සරුවෙයි මිනිසුන්ගේ (නි)
යමින්ත Friday, 17 July 2015 05:29 AM
වල්ලපට්ටා ප්‍රවාහන තහනම ගැනත් ඉක්මණින් සළකා බැලුවොත් හොඳයි (නි)
විජේසිරි Thursday, 16 July 2015 05:15 PM
පහුගිය දවස් වල වල්ලපට්ටා අල්ලනවා කියලා සමහර අය වල්ලපට්ටා ගැන උනන්දුව අත්හැරලා තිබුනේ.මේක ජාතික අදායම් වැඩි කරන්න ,තමන්ගේ ආාදයම වැඩි කරගන්න හොඳ මාර්ගයක්.අපි වගේ අඩු ආදායම් සහිත රටකට ඉතාමත් සුදුසුයි.දිළිඳුකම දුරලන්න ඉතාමත් වටිනවා.ගැමි පළාත් වල සරල ක්‍රම වලින්ද අගාවුඩ් කියන ද්‍රව්‍ය උපදවන්න පුළුවන්.මමත් පසුගිය කාලේ අගාවුඩ් ප්‍රචලිත කරන්න උත්සාහ කළා.සමහර අය අගාවුඩ් වගා කළා.සමහර අය දුරදිග හිතලා වල්ලපට්ටා හිටෙව්වා. මෙයට අමතරව ග්‍රන්ථයක්ද පළකළා.තවත් විස්තර අවශ්‍ය නම් swijecey @gmail.com වලින් ලබාගත හැකිය (නි)
ශානක Thursday, 16 July 2015 01:26 PM
හොද වැඩක් (ස)
රංග රසිකා වික්‍රමසිංහ Friday, 17 July 2015 01:58 AM
විජේසිරි, කාලීනව කළ යුතු දෙයක් කරලා තියෙන්නේ ? (නදී)