බම්බලපිටිය ජයා පාරේ දී බලපත්‍ර රහිතව වල්ලපට්ටා කිලෝ 34 ක් ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් පොලිස් බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කැරුණූ මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.
මෝටර් රථයේ ලියාපදිංචිය පිළිබඳ අධිකරණය සෑහීමකට පත් නොවීමත් ඊට අදාළ සියලු නීති සිද්ධාන්ත සළකා බලා මෙම නියෝගය නිකුත් කැරිණි.
මීට පෙර අධිකරණය විසින් වල්ලපට්ටා ප්‍රවාහනය කර ළඟ තබා ගැනීමට අදාළ සැකකරුවන් හයදෙනෙකුට වරද පිළිගැනීමෙන් පසු දඩ නියම කැර තිබිණි.
සැකකරුවන් අතර විදේශ ජාතිකයන් දෙදෙනකු වන බවත් ඔවුනට රුපියල් ලක්ෂය බැගින් ද සෙසු සැකකරුවන්ට රුපියල් පනස්දහස බැගින් ද දඩ නියම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැල්ලාපට්ටා නීතිගත කරමු. (ර)
අනවසර දැව,වැලි ,මත්ද්‍රව්‍ය,සහ නීතිවිරෝධීව ප්‍රවාහනය කරන සියලුම වාහන රාජසන්තක කළ යුතුයි.(ම)
විනිසුරුතුමාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය , මෙහෙම හරියට කරන විට වැරදි කිරීම අඩුවේ, රජයටද අදායම් ලබා ගැනීමටද හොදම ක්‍රමයකි , නිතිය හැමටම එකම විධිහට ක්‍රියාත්මක විය යුතුය, එය රජයේ වගකීමය. (ර)
මේවගේ වැඩක් කරනකොට පොඩ්ඩක් ලොක්කෙක් අල්ලාගෙන කරන්න ඕනි, නීතිය කාටත් පොදුනම් කොච්චර හොදයි ද ? (ම)
නිශාන්ත පීරිස් මහේස්ත්‍රාත් තුමා ගැන කවුරුත් කියන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන නිර්භීත විනිසුරුතුමෙක් හැටියටයි. එතුමාට මගේ ප්‍රණාමය! (ම)