IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වල්ලා පට්ටා වල් පාර වැහේ

වල්ලා  පට්ටා පොතු සහ කැබලි කිලෝ ග‍්‍රෑම් තිස් පහක් රැගෙන බැංකාක් බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි කාබ්බෝජ ජාතිකයෝ දෙදෙනෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කළ රේගුව එම වල්ලා පට්ටා තොගය රාජ සන්තක කළේය.

මෙහි රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක  ඊ.ඒ රත්නශිල මහතා විසින් අද උදෑසන සිදු කළේය.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ   වයස අවුරුදු 30 ක් සහ 50 ක් වූ  මෙම කාම්බෝජ ජාතික පුද්ගලයන් දෙදෙනො   වැවිලි කාර්මික ශිල්පීන් ලෙස මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවයි.  මොවුහු ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම වතාවද මෙය වෙයි.

 මොවුන් දෙදෙනා මෙම වල්ලා පට්ටා තම තමන් මලූ තුල දමාගෙන  තායි ගුවන්සේවයට අයත් ටී.ජී 768 දරණ ගුවන්යානයෙන් බැංකොක් බලා යාමට අද  අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති අතර එහිදි රේගු ජෛව විවිධත්ව ඒකකයේ  සහකාර රේගු අධිකාරීවරුන් වන සහන් ජයසිංහ සහ  ඩිලාන් වීරරත්න යන නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු  රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උදෙස් පිට  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂක ඊ.ඒ රත්නශීල මහතාගේ මෙයෙවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන සහන් ජයසිංහ සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදු කරති. 

 

 

 

 

 



අදහස් (0)

වල්ලා පට්ටා වල් පාර වැහේ

පිටබැද්දර ජයා Tuesday, 08 October 2013 04:08 PM

අනේ මන්දා මේ රටට රිංගන්නේ නැති කෙරපොත්තෙක් නැහැනේ බැලුවම !(නදී)

:       0       0

ලාල් Tuesday, 08 October 2013 08:22 PM

මේක නීතිමය ප්‍රස්නයක් මිස ආගමික ප්‍රස්නයක් නෙමේ (අ)

:       0       0

සදු Tuesday, 08 October 2013 04:28 PM

2ම ඉහතින් කියාපු දේවල් අනුමත කරනවා. ඇතතටම අපේ රටේ අයට අපේ දේ වටින්නේ නෑ.(නදී)

:       0       0

දුමින්ද Tuesday, 08 October 2013 03:36 PM

අපේ රටේ මොන තරම් දේවල් තිබෙනවාද ? එහෙත් අපි සියල්ල අත්තනෝමතික ලෙස විනාශ කරමින් නිසි ප්‍රයෝජන නොලබා, රූමස්සල කන්දත් පිට දෙසක් කාරයන්ට විකුණමින් පිටරටින් එන වස විස කමින් බොමින් අනේ අපේ වාගේ මෝඩ රැලක්. (ස)

:       0       0

සෙන්තිල් Tuesday, 08 October 2013 07:56 PM

මේ දෙන්නා බුද්ධාගමේ නේද?ඇයි මේවට උත්තර නැත්තෙ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site