වල්ලා පට්ටා පොතු සහ කැබලි කිලෝ ග‍්‍රෑම් තිස් පහක් රැගෙන බැංකාක් බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි කාබ්බෝජ ජාතිකයෝ දෙදෙනෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කළ රේගුව එම වල්ලා පට්ටා තොගය රාජ සන්තක කළේය.
මෙහි රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඊ.ඒ රත්නශිල මහතා විසින් අද උදෑසන සිදු කළේය.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ වයස අවුරුදු 30 ක් සහ 50 ක් වූ මෙම කාම්බෝජ ජාතික පුද්ගලයන් දෙදෙනො වැවිලි කාර්මික ශිල්පීන් ලෙස මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවයි. මොවුහු ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම වතාවද මෙය වෙයි.
මොවුන් දෙදෙනා මෙම වල්ලා පට්ටා තම තමන් මලූ තුල දමාගෙන තායි ගුවන්සේවයට අයත් ටී.ජී 768 දරණ ගුවන්යානයෙන් බැංකොක් බලා යාමට අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති අතර එහිදි රේගු ජෛව විවිධත්ව ඒකකයේ සහකාර රේගු අධිකාරීවරුන් වන සහන් ජයසිංහ සහ ඩිලාන් වීරරත්න යන නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂක ඊ.ඒ රත්නශීල මහතාගේ මෙයෙවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන සහන් ජයසිංහ සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ රටට රිංගන්නේ නැති කෙරපොත්තෙක් නැහැනේ බැලුවම !(නදී)
මේක නීතිමය ප්‍රස්නයක් මිස ආගමික ප්‍රස්නයක් නෙමේ (අ)
2ම ඉහතින් කියාපු දේවල් අනුමත කරනවා. ඇතතටම අපේ රටේ අයට අපේ දේ වටින්නේ නෑ.(නදී)
අපේ රටේ මොන තරම් දේවල් තිබෙනවාද ? එහෙත් අපි සියල්ල අත්තනෝමතික ලෙස විනාශ කරමින් නිසි ප්‍රයෝජන නොලබා, රූමස්සල කන්දත් පිට දෙසක් කාරයන්ට විකුණමින් පිටරටින් එන වස විස කමින් බොමින් අනේ අපේ වාගේ මෝඩ රැලක්. (ස)
මේ දෙන්නා බුද්ධාගමේ නේද?ඇයි මේවට උත්තර නැත්තෙ? (නි)