(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල ප්‍රදේශයට  රුපියල් ලක්ෂ පහකට අලෙවි කිරීමට රැගෙන ආ වාලම්පුරියක්   සමග  හිටපු යුද හමුදා සෙබලෙක් බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව  කියයි .
සැකකරු මෙම වාලම්පුරිය  දියතලාව ප්‍රදේශයේ සිට   ත්‍රිරෝද රථයකින්   බේරුවලට රැගෙන ඇවිත් තිබෙන බවඒ සම්බන්ධව විමර්ශන කරන බේරුවල  පොලිසිය කියයි. 

අත්අඩංගුවේ පසුවන 22  හැවිරිදි සැකකරු කළක් හමුදාවේ  සේවය කර ඇති අයකු බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.. මෙම වාලම්පුරියේ බර  ග්‍රෑම් 160 ක් බව පොලිසිය කියයි. 

සැකකරු අද(15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.