වැලිමඩ අවන්හලක ඇතිවූ ගැටුමකින් පසු දෙදෙනකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.
දෙදෙනකු පැමිණ කඩයකින් ආහාර ගැනීමෙන් පසු මුදල් ගෙවන්නට යාමේදී ආහාරවල බිල සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත අවන්හල් හිමියාට පහර දී ඇති බවත්, අවන්හලේ පිරිසගේ ප්‍රතිප්‍රහාරවලින් දෙදෙනා මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරුවෝ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ඇතිවූ ගැටුමින් පසු එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට යයි.
ඡායාරූප - රත්නම් කෝගුලන්







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි කියන්නේ ජීවත් වෙන්න හොදම රට කියලා (බ)
ප්‍රසංග වෙත, මිනීමරුවන්ට දඩුවම් ලැබී ඇත. ගෙදර ගිහින් සහෝදරයව එක්කන් අාවේ මිනිමරුවන්ය. ඔවුන් තමයි මෙයට මුල, කාල සල්ලි දීලා නෑ (බ)
මොකද හිතමිතුරු සිද්ද වෙන්නේ (බ)
තමාගේ චණ්ඩිකම පෙන්නන්න ගිහින් ජීවිත දෙකක් අකාලයේ නැතිඋනා. මේ හැම දේකටම මුල හදිසි කෝපයයි.වැරදි කිරීමයි. (ස)
ඉල්ලන් කැමක් (ස)
ආත්ම ආරක්ෂාවට කල දෙයක්. (ස)
මිනීමරුවන්ට නිසි දඩුවම් දෙන්න (නදී)
ආත්මාරක්ෂාව කියල 10 ක් එකතුවෙලා 2 ක් මරන්න බෑ. ඒ මොන නීතියක්ද? ඒ 10 එකතුවෙලා දෙන්නව අල්ලලා පොලිසියට බාර දෙන්න තිබුනේ. (නදී)
මරන්නේ නැතුව නළවන්නද? මිනීමරුවෝ නෙවෙයි ඔවුන් තමන්ගේ ආරක්ෂාවට කරපු දෙයක්. (ස)
බලනකොට අද කාලේ මිනිස්සු හරිම දරුණුයිනේ! (නි)
රුපවති වෙත, කන්න ඕනේ නම්, බඩගිනි නම් නිහතමානිව ඉලන්න තිබ්බා (අ)
නියම පාඩම. හැබැයි මැරුවේ අපරාදේ. (නදී)
මම ලංකාවේ ඉද්දි අනන්තවත් කෑම කන වෙලාවට හිගන මනුස්සයෙක් හෝ හිගන මවක් දරුවෙකු සමග නිවසට ආවොත් අනන්ත මගේ කෑම එක කන්න දීල මම බඩගින්නේ ඉදපු අවස්තානම් අනන්තයි. දරුවා ලැබෙන්න ඉද්දිත් මම එවැනි අවස්ථා කීපයකටම ඉතා සතුටින් මුහුණදීලා තියෙනවා. අදටත් මම ඒ සිදුවීම් මගේ මහත්තයා සමග කියල අප්‍රමාන සතුටුවන අවස්ථා තියෙනවා. ඇයි එ් මිනිසුන්ට කන්නදීල මැරුවේ? වරදක් කලානම් නීතිය ඉදිරියට ඔවුන්ව අල්ලා ගස් බැඳලා හරි වරදට දඩුවම් කරලා මිනිස් ජීවිතේට හරිදේ පෙන්නලා දෙන්න තිබුනා. කව්රු වරද කලත් අද එක පාර්ශවයක් මිනීමරුවෝ උනේ. තමන් හරියි කියල අනුන්ට පාඩම් උගන්වන්න ගිය එකෙන් නේද..? බඩගින්නට අපි කව්රු උනත් කෑම ටිකක් දෙන්න අපේ රටේ මේ වන තුරු කිසිවෙකු පසුබට උනේ නැහැ. මැර බලෙන් යමක් කලොත් ඒ වට මිනිසුන්ට පුළුවන් නීතියෙන් ක්‍රියාකරන්න. මිනිසුනේ හරිදේ ගැන නිතර හිතන්න. අද කිසිවෙකු ඔබ මිනීමැරුම කලේ ආත්ම ආරක්ෂාවට කියල නිදොස් කරනු නොමැත (නදී)
කොහොමෙන් කොහොම හරි අහිංසක දරුවෝ උන්ගේ අම්මලා අනත වුණ පවුල් දෙකකම. (අ)
ආත්ම ආරක්ෂාව සදහා සිදු වූ මරණයක් නම් හෝටලේ අය නිර්දෝෂයි (අ)
මේ රටේ නැතිවී ගිය මිනිස්කම් අායනම් කිසිම දාක නැවත ගොඩගත නොහැක. දිනෙන් දින අපට පෙනෙන්නේ මිනිසුන්ගේ නොමනා පහත් ක්‍රියාවන්ය. මියයන්න පන අදින මහල්ලාගේ සිට මොන්ටි සෝරියන වයසේ දරුවා ලගට එනකම්ම පිරිහිලා සමාජේ. දුකයි, දිනෙන් දින මේවා විවිධාකාර ලෙස සමාජයේ ඔඩු දුවනවා. පිලියමක් නොමැත. (නදී)
ආපනශාලා හෝටල් වල බිල් වැඩිපුර දානවා. අනෙක නරක් උන කෑම දෙනවා. ඒවා අහන්න ගියාම ගහල මරනවා. මේක ගොඩක් තැන්වල වෙන දෙයක්. පස්සේ කියනවා බිල ගෙව්වේ නැහැ මංකොල්ල කන්න අාව කියල. ඕනෙනම් අල්ලලා බැඳල පොලිසියට බාරදෙන්න තිබුන. නීතිය අතට ගන්න බැහැ කාටවත්. ආත්මආරක්ෂාව තර්ජනයේ තරමට පමණි. එහි රැකවරණය ලැබීමට සාධාරන පසුබිමක් තිබිය යුතුයි. මෙහි එවැන්නක් නොපෙනේ. (ස)