වැලිමඩ නගරයේ සුරාසලක ආරවුලකින් පසුව අද (11) පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පසුගිය 31 වැනිදා ණයට අරක්කු බීමට එහි ගිය බව කියන 29 හැවිරිදි පුද්ගලයකු පහර කෑමට ලක්ව රෝහල්ගත කර සිටියදී අද මිය ගිය බවත් මරණකරුගේ නෑයන් වැලිමඩ බණ්ඩාරවෙල පාරේ ඩයරබාවත්ත සමීපයේ එම සුරාසලට පහරදී ඇතැයිද ඉන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවූ බවද පොලිසිය පවසයි.
ඡායාරූප - කේ.ආර්.රාජමන්ත්‍රී
ඡායාරූප - ආර්.කෝගුලන්










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න හෙට පලවිය හැකි පුවතක් ..."පරාද වී වියරුවට පත් මහින්ද රාජපක්ෂ අනුගාමිකයින් යහ පාලන ආණ්ඩුව පෙරලන්නට කැරලි ගසමින් රට නොසන්සුන් කරනවා "(බ)
මත්පැන් පානය නිසා කෝලාහලවලින් පමණක් නොව රිය අනතුරු ආසදය ආදිය නිසා විශාල පිරිසක් දිනපතාම මිය යනවා. වරක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළා එතුමා සහබාගිවුන මරණවලින් වැඩි ප්‍රමාණයක් මත්පැන් පානය නිසා සිදුවුන මරණ බව.මෙහෙම ගියොත් රට මිසක් මිනිස්සු නැතිව යනවා. එ් නිසා බොදුබල සේනාව වැනි සංවිධාන වල පරමාර්ථය විය යුත්තේ මෙම උවදුරෙන් ජනතාව ගලවා ගැනිමයි.(බ)
ණයට බොන්න ගිහින් බාර් එකෙන් ගුටිකාලා මැරුණම - පාරවල් අවහිර කරලා ගල් දාල ,ගස් දාල ...මොකද්ද මේ ... මේවා හුදකලා සිදුවීම් නෙමේ ..රට පුරා කලබල කරන්නේ වෙන සෙට් එකක් .අන්තීමට යහපාලනය ඉස්සරහට දායි (කෞ)
මම අහලා නැහැනේ සත්‍යපාල ඇත්ත කියනවා (නි)
රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන කොට කැලේ නීතිය මතු වෙනවා.ඕක තමයි හැටි (ම).
දැන් මේක බේබද්දන්ට ගිය රටක් වෙලා පුදුම කරදරයක්නේ පොලිසියට මුන් එක්ක ගාන වැඩි කරපු හින්දා දැන් මරාගන්න තරමටම බොනවා පාන් ගෙඩිය රුපියලකින් වැඩි කළොත් තමා හරිම අමාරු (බ)
ගරු ජනදිපතිතුමනි කරුණාකර රටේ අලුතින් සංවර්දනය කරනලද කාපට් මාර්ග හා ප්‍රදාන මහා මාර්ග උපයෝගී කරගනිමින් එම මාර්ග වලට හානි සිදුවන ආකාරයට ටයර් හා අනෙක් දෑ මහ මගට දමා ගිනිතබා මාර්ග විනාස කිරීම හා රජයේ දේපල වලට බරපතල ලෙස හානි සිදුකරමින් කරන විරෝදතා නිසා සිදුවන විනාස වලක ලීමට විරෝදතා කරුවන් අත්අඩංගුවට ගෙන ඒ දේපල වලට සිදුකල හානි වලට අදාල මුදල් අයකර ගන්න ලෙසද එසේ නොකරන අයට දඩුවම් ලබා දෙන ලෙසට නීතියක් පනවන ලෙස ඉල්ලා සිටිමි. (ර)
අනේ අනේ (කෞ)
ණයට අරක්කු බීමට එහි ගිය බව කියන 29 හැවිරිදි පුද්ගලයකු පහර කෑමට ලක්ව රෝහල්ගත කර සිටියදී අද මිය ගිය බවත්.....දැන් මේකට වග කියන්න ඕනෙත් යහපලනයද? (කෞ)
මෙම නගරවල සිදුවන සිදුවීම් වලදී ජනතාව විසින් කඩා බිද විනාශ කරන ලද කිසිම දෙයක් යළි රජයේ වියදමින් අලුත් වැඩියා නොකරන ලෙස ගරු ජනපති තුමාගෙන් ඉල්ලා සිටිමි මෙය දැන් කලාවක් බවට පත් වී ඇති හෙයින් අහිංසක ජනතාවගේ මුදල් මේ සදහා නොයොදවන ලෙසත් මෙයට අදාල අයෙගන් මේ නඩත්තු මුදල් අය කර ගන්නා ලෙසට ඉල්ලමි (ම)
රටේ ඉන්න මිනිස්සුනේ තරම මේ දේවල් වලින් තේරුම් ගත හැකි (බ)
නිදහස යනු සරදියල්ගේ කැලේ නීතියට සමාන පදයක්ද (බ)
අපි නම් දන්නවා නැවත රට තුළ ගිනි ඇවිළෙන බව. අන්තිමට සිංහලයා ම්ලේච්ඡ ජාතියක්, ජාතිවාදීන් කියා නැවත ලෝකය ඉදිරියේ හංවඩු ගැසේවි. රටේ ආර්ථිකය කඩාවැටෙද්දී, දිනෙන් දින මිනිසුන් පීඩනයට පත්වෙද්දී, බලාපොරොත්තු සුන්වෙද්දී මිනිසුන් නොසන්සුන්. බලයට පැමිණි විගසම ඩයස්පෝරා සැණකෙළි ගැන කියමින් රට විදෙස් අණට නටන්නට ගැනීමත් සමඟ නැවත රට ගැන කැක්කුමක් ඇති මිනිසුන් තැතිගෙන ඇත. එවිට හැමදෙයක් දෙස සැකයෙන් බලන යුගයක් තුළ ගැටුම් ඇතිවීම ස්වභාවිකය. දැන් පැලැස්තර දමා විසඳිය නොහැකි තරමට දුරගොස් ඇත. (නි)
සරදියෙල්ගේ කාලයේ නම් රටේ පැවතුනේ සුද්දගේ කැලේ නීති. ඒත් දැන් එහෙම වෙන්න බැහැ (නි)
සත්‍යපාල,කොහෙද ඔය ගිනි අරන් තියෙන්නෙ . සම හරක් ඉන්නවා වතුර ටිකක් පිටඋගුරේ ගියත් ආණ්ඩුවට බැනගත්තු ගමන්. (කෞ)
සතරසිංහ තමයි නියම කතාව කිවුවේ (නි)
2009න් පසු මගේ රට තුළ සාමයේ මල් පිපුනා. මගේ ජීවිත කාලය තුල නැවත ලේ ගංගා ගලනු දකින්නට නොවේ යැයි මම සිතුවෙමි. එහෙත් නැවත රට වේගයෙන් ඒ දෙසට ඇදෙන්නට පටන්ගත්තේ දේශපාලඥයින් ජනවාර්ගික ප්‍රශ්නයකට බුද්ධිමත් විසඳුමක් දෙන්නට නොයාම නිසාය. විසඳුමක් සෙවීමේදී මල නොතලා රොන්ගන්නා ප්‍රතිපත්තියක් අනුව කටයුතු කළා නම් මෙතනට පත් නොවනු ඇති. (නි)
නගරයක් ,ගමක් පාසා සුරාසැල් තිබෙනවිට ඔය වාගේ දේවල් තමයි සිදුවන්නේ. අපෙ ගමේ පන්සලට, කෝවිලට පේනතෙක් මානයේ තිබෙන්නේ සුරාසලක්. පන්සලේ උදේ හවා පිරිත් ගමට ඇහෙන්න දානවා. මිනිසුන් මත්පැනට පුරුදුවෙලා. අනේ අපේ ගමට ගිය කල! (නි)
දැන් මිනිසුන්ට ඉවසීම කියලා දෙයක් ඇත්තෙම නැහැ (නි)
පද්මිනී ..ඔයාගේ කොමෙන්ට් දැක්කහම ඇත්තටම ඔයා ලංකාවේද ඉපදුනේ නැත්නම් අපායේද ....(කෞ)
අවුරුදු 29 කට්ටිය ටිකක් පරිස්සමින් ඉන්න. අනුන්ගෙන් ගුටිකන කාලයක් තියෙන්නේ.(ම)
මිනිසුන් තුල පොලීසිය උසාවි පිළිබඳව තිබූ විශ්වාසය ගිලිහිලා. මිනිස්සු දන්නවා දැන් ධනවතාට එක නීතියක් දුප්පතාට තව නීතියක් කියලා. ඉතින් දුප්පත් මිනිස්සු යුක්තිය සාධාරණය බලාපොරොත්තුවෙන් නීතිය අතට ගන්නවා. ඒකයි මේ අපරාධ. යහපාලනයෙන්වත් වෙනසක් වෙයි කියලා හිතාගෙන හිටපු මිනිස්සුන්ට දැන් තරු පෙනිලා තියෙන්නෙ.(අ)