IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වොලිබෝල් පුහුණුකරුත් විනිසුරුවන්ට පහර දෙයි

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විදුහල් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (12) පැවැති බස්නාහිර පළාත් පාසල් වොලිබෝල් තරගාවලියේදී මීගමුව ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක පුහුණුකරුවකු පරාජය දරාගැනීමට නොහැකිව විනිසුරුවන්ට පහර දීමට තැත්කළ බව කියැවේ.

ජාත්‍යන්තර මට්ටමේ වොලිබෝල් පුහුණුකරුවකු මෙන්ම ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායමක පුහුණුකරුවා ලෙස මෑතකදී විදේශ සංචාරයකටද සහභාගි වී ඇති මෙම පුහුණුකරුවා සම්බන්ධයෙන් වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට පැමිණිලි කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙම පුහුණුකරුවා සේවය කරන මීගමුවේ පාසල් කණ්ඩායම වයස 17 න් පහළ බාලක අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්වීමත් සමග එම පුහුණුකරු විනිසුරුවන්ට බැණ වදිමින් කළහකාරි ලෙස හැසිරී තිබේ. පසුව ඔහු විනිසුරුවන්ගේ විවේක කාමරයට ගොස් පහරදීමට උත්සහගත් අවස්ථාවේදී ඊට දෙමව්පියන් පිරිසක් විරෝධය දැක්වීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ බවද වාර්තා වේ.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ අදාළ පුහුණුකරුගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් දරුවන් ඉදිරියේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු ලෙස ඔහුගේ හැසිරීම ඉතාම පහත් මට්ටමක පැවැති බවත්ය.

”මා වසර 40 කට ආසන්න කාලයක් වොලිබෝල් පිටියේ කටයුතු කර තිබෙනවා. නමුත් මෙවැනි සිද්ධියක් දැක්ක පළමු අවස්ථාව මෙයයි” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ වෙනත් පාසලක ක‍්‍රීඩකයකුගේ පියකු පැවසුවේ ආදාළ පුහුණුකරුගේ හැසිරීම හේතුවෙන් මීගමුව ප‍්‍රදේශයේ කීර්තිමත් පාසලටද කැළලක් වූ බවයි.   

 

 



අදහස් (0)

වොලිබෝල් පුහුණුකරුත් විනිසුරුවන්ට පහර දෙයි

ෂාවරුන Saturday, 15 June 2013 12:23 PM

ඔබට පුලුවන්ද මට මේ සමබන්දව පින්තුරු එවන්න .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site