වසර එක හමාරකට පෙර මහියංගනයේ ව්‍යාපාරිකයකු කොට්ටාව බොරැල්ල පාරේ පොල්වත්ත හංදියේ ත්‍රිරෝද රියක මරා දැමීයැයි සැකපිට ඔහුගේ බිරිය හා වීරවිල හමුදා කඳවුරේ සෙබළකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දෙදරු පියකු වන මෙම ව්‍යාපාරිකයා මහියංගනයේ සිට තලවතුගොඩ වැලිපාරේ පදිංචියට පැමිණ ඇත්තේ පවුල් ආරවුලක් නිසා බව පෙනේයැයි ද, බිරිය ළඟ තිබූ ජංගම දුරකතනයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව දෙදෙනාම අත්අඩංගුවට ගත්තේයැයි ද , වයරයකින් ගෙළ හිර කර ව්‍යාපාරිකයා මරා දමා ඇතිබව පෙනේයැයි ද, එම වයරය සැකකරුගේ නිවසෙන් සොයාගෙන ඇතැයි ද, ඝාතනය සිදු වූ සමයේ ඔහු අනුරාධපුර කඳවුරක සේවය කර ඇතැයි ද පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් ගැහැනියක්. (නදී)
අරාබි නීතිය ලංකාවේ ස්ථාපිත කර නිසි දඬුවම් ලබාදුන්නොත් හැමෝම හැදෙයි. (නි)
අකුසල පසු පස නොනැවතී