අද අලුයම සිට ඇද හැළෙන මහා වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයෙ වැලිපැන්න පිවිසුම සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇතැයි පොලිසිය කියයි. දැනට වැලිපැන්න පිවිසුම වසා ඇති අතර ඒ වෙනුවට කුරුඳු ගහ හැතැප්ම හෝ දොඩංගොඩ පිවිසුම පාවිච්චි කරන මෙන් රියැදුරන්ට දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සිටම ලේව්වන්දුව සිට මාර්ගය පොඩි වැස්සකටත් යටවෙනවා. මේ වෙනතෙක් කිසිම රජයක් මෙම මාර්ගය හැදුවේ නැහැ. නමුත් දැනට මාස කීපයක සිට නම් මෙම ප්‍රදේශය හරහා මාර්ගය ගොඩකර අලුතින් හදනවා. ඉන්පසුවවත් බලමු (නි)
මේවාත් ප්‍රශ්නද ? අධිවේගී බෝට්ටු සේවයක් දැම්මා නම් ඉවරයි. (නදී)
ඔය එන්නේ ප්‍රථිපල එළියට. ඔහොම යන්. තව කන්න පුලුවන් (නදී)
වැලිපැන්න විතරක් නෙමෙයි, දැන් ඉදිකරමින් පවතින කඩවත-පිටත අධිවේගී මාර්ගය නිසාත් කඩවත අහල පහල ගෙවල්,පාරවල් යට වීගෙන යන්නේ. මේ ගැන අපි දැනුම් දුන්නා එම ව්‍යාපෘතිය ඉදිකරනා විදේශ කොන්ත්‍රාත් සමාගමට සහ එහි ප්‍රධාන ඉංජිනේරු මහත්වරුන්ට. ඔවුන් කියනවා ඔවුනුත් දන්නවා කියලා මේ පිටත අධිවේගී මාර්ගය නිසා කඩවත අවට ප්‍රදේශ අනිවාර්යයෙන්ම යටවෙනවා කියා. එසේම ඔවුන් කිවේ මෙම මාර්ගයේ සැලැස්ම ඔවුන්ගේ නොවන බවත්,එය ඉදිකිරීම පමණක් ඔවුන් ඉටු කරනා බවත්. මෙහි සැලසුම් ඔවුන්ගේ නොවන නිසා සැලසුම් ඇද ඇති මාර්ග සංවර්ධන අධිකාරියට කීවා අපේ නිවාස,කුඹුරු යටවෙන නිසා මේ ආකාරයට පහත්බිම මහාපරිමාණයෙන් ගොඩකර අධිවේගය සාදනවා නම් වතුර බැස යාමට කානු පද්ධතියක් ඉදිකරන්න කියා. එවිට ඔවුන් කියන්නේ ඔවුන් සතුව මුදල් නැතැයි කියා. දැන් කඩවත අධිවේගී වටරවුම සහ අවට සියලුම කුඹුරු යටවෙලා තිබෙන්නේ. වතුර බැස යාමට ක්‍රමයක් නැති නිසා දැන් දිගටම මේ තත්වයට මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ.මම නම් මුලින් මෙම අධිවේගී මාර්ගයට බොහෝ කැමතිව සිටි අයෙක්.ඇතැමුන් මෙම පිටත අධිවේගී මාර්ගයට විරෝධය දක්වන විට ඔවුන් සමග තර්ක විතර්ක කෙරු අයෙක් මම.(මිට පෙර කඩවත එස්ටීඑෆ් මාර්ගය යටවූ වෙලේත් මම ලංකාදීප එසැන වෙබ් අඩවියට කොමෙන්ටුවක් දමා එය සදහන් කළා. මේ තියෙන්නේ එම පුවත. ඒත් දැන් නම් අපිට පෙන්නේ මේ අධිවේගී මාර්ගය මහා ශාපයක් කියලා විතරයි. ගිය පාර වර්ෂාව නිසා කඩවතද සිදුවූ හානිය අතිමහත්. ඒක උනෙත් අධිවේගී මාර්ගයට කුඹුරු ගොඩ කර,වැසි ජලය බැස යන ස්ථාන අවහිර කිරීම නිසා. දැන් මේවන විට නිවෙස් වලට යන සියලුම මාර්ග මඩවෙලා,වතුරෙන් යටවෙලා, අධිවේගී මාර්ගයේ ඇති විශාල යන්ත්‍ර සුත්‍ර නිසා අපගේ නිවාස ඉරිතලලා,අපි දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ. කරුණාකර ඇත්ත කතාකරන,නිරත්තරයෙන් සත්‍යයය වෙනුවෙන් පෙනී සිටිනා ලංකාදීප පුවත්පත වත් කඩවත අවට ජනයාට මමේ අධිවේගී මාර්ගය නිසා අත්වෙලා තියෙන කණගාටුදායක ඉරණම ගැන කතා කරන්න. (අ)
කරන වැඩය නිසි ප්‍රමිතියට හරියටම නොකිරීමේ ප්‍රතිඵලය තමා මේ ,කෝ දැන් වග කිව යුත්තෝ? විදවන්නේ ජනතාවය ,(අ)
කළුතර දිස්ත්‍රික්කය ගංවතුරෙන් වැහිජලයෙන් යටවෙන බව සක්ක්‍යතා අද්ධ්‍යනයේදී සොයා ගෙන නැද්ද? (අ)
ඔය අධිවේගී මාර්ග පිවිසුම නිර්මාණය කල ඉංජිනේරු වරයා හා කොන්ත්‍රාත් කරු වැසිජලය අධිවේගී මාර්ග සඳහා ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබද නව තාක්ෂණයෙන් පරිපුර්ණ පාඩමක් අපිට පහදලා දීල තිබෙනවා. ගංවතුර දමන අධිවේගී මාර්ගයක් ඔස්සේ ආශ්චර්යය කරා යන්න හරිම පහසුයි.(අ)
කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා සතුටු වුන අයට මේකත් හරි සතුටක්.ලොකයේ දියුණුම රට වලත් අධිවේලී මාර්ග ස්වාභාවික විපත්වලට අහුවෙනවා අපි දැකලා තියනවා.ඔහොමවත් ඉතිං සතුටක් ලබන්න.වෙන මොනවා කරන්නද ඉතිං.(අ)
පාරක් හැදුව කියල වලාකුළු පාවෙලා ගෙහුං පාර නැති තැන් අල්ලල විතරක් වහින්ඩ යැ. පාරේ වැරද්දක් නෙවේ හලෝ කාලගුනේ කාලගුනේ... ඉදල හිටලා ඔහොම වෙන්ට පුළුවන්. ලෝක ස්වභාවය. අධික වර්ෂාවකදී ප්‍රදේශ ජලයෙන් යටවේ,. මුලික විද්‍යාව. (අ)
මේ ගයාන් හලෝ, පැරණි මාර්ග ගං වතුරට යටවීම කෙසේ වෙතත් අලුතින් හදන අධිවේගී මාර්ග ගං වතුරට යටවීමේ ප්‍රවනතාවය ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි කියල ඔහෙට වැටහෙන්නේ නැද්ද හලෝ? මෙතරම් වියදමක් කර හදන අධිවේගී මාර්ග ගං වතුරකට යටවෙලා කැඩිලා බිදී ගියොත් පාඩුව කාටද හලෝ? මේ වතාවේ විතරක් නෙමේ වැඩිපුර වැස්සක් වැස්ස හැම වෙලාවකම වැලිපැන්න පිවිසුම ගං වතුරෙන් යටවෙනවා කියල ඔහේ දන්නේ නැද්ද හලෝ? දන්නේ නැත්තන් ගං වතුර ටිකක් බිල කට වහගෙන ඉන්නවා හලෝ? (ස)
දියුණුම රටවලත් ඉහළම මට්ටමේ මාර්ග පද්ධති ස්වාභාවික විපත් වලට ලක්වෙනවා. නමුත් එහෙම වෙන්නේ වසර ගණනාවකට වරක් පමණක් සිදුවෙන විපත් නිසයි. කඩවත මාර්ගය ගියවරත් වැහි කාලෙදී යටවුණා. මෙවරත් යටවුණා. ඊළඟ පාරත් යටවේවි.මේවා සිදුවෙන්නේ මේ සංවර්ධන ව්‍යාපෘති රටේ දියුණුව, සුභසාධනය මුලික කරගෙන සිදුනොවන නිසයි. දේශපාලන වාසි සහ මුල්‍ය වාසි ලබාගැනීම මුලික කරගත්විට සිදුවෙන්නේ සංවර්ධනයක් නොවේ. විනාශයක්. (නි)
ගයාන්, මොන පාර හැදුවත් ඒක ප්‍රමිතියක් ඇතුව හදන්න ඕනෑ. මේක මීට කලින් සිටම පොඩි වැස්සකටත් යටවෙනවා කියලා මේ කට්ටිය කියන්නේ. එහෙනම් ඒවාට දන්නා ඉංජිනේරු ශිල්පයක් දාල පිළියම් ඇතුවයි හදන්න ඕනෑ. අරෙහෙ හදන පාරවල් වලත් කාපට් ගැලවිලා ගිහිල්ලාලු. (නි)
ලංකාවෙන් පිටතට අඩියක් තියපු නැති මිනිහා, කොහොමද දැක්කේ දන්නෙ නැහැ පිටරටවල, අධිවේගී මාර්ගයන් ස්වභාවික විපත් වලට අහුවෙලා තියෙනවා කියලා? අනේද කියන්නේ? (නි)
විකුම් නියම උත්තරය දීලා තියෙන්නේ! මේගොල්ලෝ කවදා දැකපු අධිවේගී මාර්ගද? (නි)
ඕනෑම ව්‍යාපෘතියකට කලින් ෆීසියබිලිටි ස්ටඩි කියල දෙයක් කෙරෙනවා. ලංකාවේ එහෙම දෙයක නමවත් දන්නේ නැති සංවර්ධන ව්‍යාපෘති තමයි තියෙන්නේ. මේව කමක් නැහැ කියමුකෝ . ප්‍රමිතියකට නැතිව හදන තට්ටු නිවාස ඔලුවට කඩා ගෙන වැටුනොත් කාට කියන්නද (නදී)